ලන්ඩන්හිදීය (එන්.ඞී.ටීවි)
වසර 60කට පෙර ඉන්දියාවේ බිහාර්හි පිහිටි නාලන්දා කෞතුකාගාරයේ තිබී සොරා ගන්නා ලද 12 වැනි සියවසට අයත් ලෝකඩ බුද්ධ ප‍්‍රතිමාවක් ලන්ඩනයේ මෙට්‍රෝපොලිටන් පොලිසිය අද (15) නැවත ඉන්දියාවට බාර දීමට පියවර ගත්තේය.
ඉන්දීය නිදහස් දිනය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයකට සමගාමීව ලන්ඩන් පොලිසිය එම බුද්ධ ප‍්‍රතිමාව නැවත ඉන්දියාවට බාර දීමට පියවර ගෙන තිබිණි.
නාලන්දා කෞතුකාගාරය කේන්ද්‍ර කරගනිමින් තිබෙන ඉන්දියාවේ පුරවිද්‍යා සමීක්ෂණ වැඩබිමේ තිබියදී 1961 වසරේදී රිදී ආලේප කරන ලද ලෝකඩ බුද්ධ ප‍්‍රතිමා 14ක් සොරකම් කරන ලදි. කාලයත් සමඟ ඒවායේ තත්ත්වය වෙනස් කර තිබූ අතර ඇතැම් බුද්ධ ප‍්‍රතිමා වෙන්දේසිවලට ද ඉදිරිපත් කර තිබිණි. එසේ වෙන්දේසියකට ඉදිරිපත් කර තිබියදී මෙම බුද්ධ ප‍්‍රතිමාව සොයාගෙන තිබේ.
මෙම බුද්ධ ප‍්‍රතිමාවේ හිමිකරු සහ එහි ගනුදෙනුකරු යන දෙදෙනාම බුද්ධ ප‍්‍රතිමාව ඉන්දියාවෙන් සොරකම් කරන ලද බුද්ධ ප‍්‍රතිමාවක් දැනගෙන ඇති අතර ඔවුන් ඒ බව පොලිසියට දැනුම් දී තිබේ. ඒ අනුව ලන්ඩන් මෙට්‍රෝ පොලිසියේ කලා සහ පුරාවස්තු ඒකකය, මෙට්‍රෝපොලිටන් පොලිසිය ඇතුළු සියලූ පාර්ශවවල එකඟත්වය සහ සහයෝගයෙන් අනතුරුව ඉන්දියාවට ලබාදීමට තීරණය වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තේ රැජිනගේ ඔටුන්නේ තියෙන, ඉන්දියාවේ පංජාබයෙන් හොරකම් කරපු "කොහිනුර්" දියමන්තියත් ඔයගමන්ම දුන්නා නම් නේ හොඳ...
යටත් විජිත තිබුන කාලේ එංගලන්තේ හුගක් පෝසත් උනේ ඔහොම තමයි.
අපේම එවුන් අපේ පුරාවස්තුවලට කරන වැඩ දැක්කම උන් හොදයි.ඉස්සෙල්ලම ඇසිඩ් දාල පුරාවස්තු මකනවලු. එයිට පස්සේ පළාතේම ගල් කඩනවා පුරාවස්තු තියෙනවද නැද්ද ප්‍රස්නයක් නැතිවතව කොටසක් .හිතාමතාම විනාස කරනවා තමන්ගේ මතවාදයන් පවත්වාගෙන යන්න. නායකයොත් දන්නේ නැහැ වගේ ඉන්නවා.
ඔහොම බැලුවොත් යටත් විජිත කාලේ අපේ රටවල් වලින් හොරකම් කරපුවා දෙන්න ගියොත් එංගලන්තේට දෙන්න දෙයක් නැති වෙනවා...