
(අජන්ත කුමාර අගලකඩ)
ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
ඒ සඳහා වන යෝජනාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට හෙට (16) ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැන ගන්නට තිබේ.
මෙරට ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කරන්නැයි විවිධ පර්ශ්ව රජයෙන් ඉල්ලා තිබිණි.
මේ අතර තරුණයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 ත් 22 ත් අතර ලෙස සංශෝධනය කෙරෙනු ඇතැයි වාර්තා වේ.
දැනට තරුණ වයස් සීමාව ලෙස අවුරුදු 16 ත් 22 ත් අතර වයස් සීමාව සැලකේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක ජාතියක කට්ටියක් අවුරුදු 13න් පහළ කට්ටියකට කසාද බඳින්න ඕනේ කියලා පෙළපාලි ගියා නේද? ඒගොල්ලන්ට ඔය නීතිය බලපාන්නේ නැතිද?
මොකක්ද තියෙන බලපෑම?
තරුණ වයසේ සීමාව කෙසේ වෙතත්, වයස්ගත වෙනකම්ම බබ්බු වගේ කරන්න වෙන්න ඇති සමහරකගේ කල්පනාව... ලෝකේ ඉදිරියට යද්දී, අපේ පුහු මිනිසුන් යන්න හදන්නේ රිවස් එකටයි. තරුණ ළමයින්වත්, ළදරු බබාලා කරගෙනම. කොහොමද, ටිකිරි මොලවල තරම?
හොඳ තීරණයක්. අපේ රටේ නීති හැදෙන්න ඕනේ අපේ සංස්කෘතිය, වටිනාකම් සහ සිරිත්විරිත්වලට අනුකූල විදිහට. අවුරුදු 18 කියන්නේ දෙමව්පියන් බාරයේ ඉඳන් පාසල් යන දරුවෙක්. වෙනත් විදිහකට කියනවා නම් අවුරුදු 18 දක්වා දරුවන්ට අයිතියක් තියෙනවා පාසල් අධ්‍යාපනය ලබන්න. ඒ වගේම, ළමුන්ගේ මානසික සහ ශාරීරික වර්ධනයට බලපෑම් ඇති කරන, ඔවුන්ගේ ළමා කාලය අහිමි කරන, ළමා විවාහ සහ ළමා ශ්‍රම සූරාකෑම නතර කරන්නත් මේ නීතිය හුඟක් වටිනවා.
ඔය කිව්වට සමහරු නම් 12 පැනපු ගමන් තාත්තලා..
මේක ඉතා සීරුවෙන් කල්පනා කරලා කරන්න ඕනෑ දෙයක්... අවුරුදු 18ක තරුණයෙකුට මිනීමරලා නීතියේ අනුකම්පාව ලබාගන්න පුළුවන් මේ නීතියෙන්. මට මතකයි මම අවුරුදු 18 දී විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නවා. කළ යුත්තේ අපේ අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කරලා තරුණයින්ට වඩා බාරධූර කාර්ය කිරීමටත් සමාජයේ වඩා ක්‍රියාකාරී ලෙස වගකීම දැරීමටත් පුරුදු කිරීමයි. වයස 35 දක්වා වැඩි කළත් වැඩක් වෙන්නෙ නෑ මේ වෙනස වෙනකම්...