(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ කේ බුද්ධික කුමාරසිරි)
ව්‍යජ බලපත්‍රයක් උපයෝගි කරගෙන අලියෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අලි රොෂාන් නැමැත්තා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත හා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (07) නියෝග කළේය.
එලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ පන්නිපිටිය පැලැවත්ත ගැමුණු මාවතේ පදිංචි නිරන්ජන් රොෂාන් නොහොත් අලි රොෂාන් හා වන ජීවී දෙපාර්තමේන්තුවේ හිටපු ලිපිකාරිනියක වූ ප්‍රියංකා සංජීවනි හා හිටපු නිලධාරී උපාලි පත්මසිරි යන අයවලුන්ය.
ඇප නියම වූ දෙවැනි තුන්වැනි විත්තිකරුවන්ට ඇප කොන්දෙසි සපුරා ගත නොහැකි වු හෙයින් බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි රොෂාන් පන්සල් කීයකට අලි අල්ලා දී ඇත්ද? මේ සඳහා ඇතින්නියන් කීදෙනෙක් මරා ඇත්ද?
මව් ඇතින්න මරලා පැටව් අරගෙන ඒකාලේ හිටිය ප්‍රබල පුද්ගලයින්ට දුන්නා කියලා ප්‍රසිද්ධ වුණා මතකයි. ඒ විදිහට අලිපැටව් දෙතුන් දෙනා ගෙවල් වල ගැට ගහගෙන උන්නු කට්ටියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?