IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අලි රොෂාන්ගේ නඩුවට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 2 ක්

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන්  27 දෙනකු  ඝාතන සිද්ධිය හා වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කර  බලපත‍්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු  අට දෙනෙකුට එරෙහි නඩු විභාග කිරීම සදහා අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූදෙකක් අද (03)  පත් කරන ලදී.

 
 නීතීපති,  ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව මෙම විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ දෙක පත් කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
 වසර හතක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් පසු එහි රදවා සිටි රැදවියන්  27 දෙනාට  වෙඩි තබා ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉෂ්ඨ කිරීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීම යෝග්‍ය  බව සඳහන් කරමින් වැලිකඩ රැදවියන් සමුහ ඝාතන සිද්ධියද, රටේ වන අලි සම්පත විනාශයට ලක් කළ මෙම ජාවාරම හේතූවෙන් සාමාජීය වශ්‍යයෙන් කැළබීමක් සිදු වු හෙයින් මෙම නඩුව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය  බව සදහන් කරමින් අලි නඩුවද විභාග කිරීම සදහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ පත් කරන ලෙස නීතීපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීම්  කර  තිබිණි.
 
 වැලිකඩ රැදවියන් සමුහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා සහ බන්ධනාගාර බුද්ධි ඒකකයේ සේවය කළ ඉන්දික සම්පත් යන මහත්වරුන්ට එරෙහිව මෙම අපරාධයට අදාළව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ අධි චෝදනා 33ක් යටතේ නඩු පැවරීමට නීතීපතිවරයා තීරණය කොට ඇත.
 
 අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් නමැත්තාට අමතරව වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී)  පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි, වන ජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිනි එච්. පි‍්‍රයංකා සංජීවනී, සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, කඩුපිටියගේ චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පලිහපිටිය ගමගේ ජයලත්, රණසිංහලාගේ දමිත් චතුරංග යන වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතුථ පුද්ගලයින් අට දෙනෙකුට එරෙහිව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ අධි චෝදනා 33ක් යටතේ නඩු පැවරීමට නීතීපතිවරයා තීරණය කොට ඇත.

 



අදහස් (1)

අලි රොෂාන්ගේ නඩුවට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 2 ක්

Mahee Wednesday, 03 July 2019 08:10 PM

දප්පුල ද ලිවේරා මැතිතුමන් නැවත නැවතත් තහවුරු කරන්නේ මෙතෙක් පත් වූ කාර්ය ශුරම නීතිපතිවරයා එතුමා බවයි. මෙතෙක් යටගහල තිබුණු නඩු එකින් එක දැන් උඩට එනවා. ඔබතුමාට ජය!

:       51       134

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site