IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අල්ලස් සිද්ධියේ පශු සම්පත් සභාපතිත් හවුල්කරුත් රිමාන්ඞ්

(මනෝප්‍රිය ගුණසේකර සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මැල්සිරපුර ගොවිපොළේ අවන්හල කුලී පදනම මත ලබාදීම සඳහා කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 6ක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සහ පෞද්ගලික සමාගමක ගිණුම් සහකාරවරයකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය පෙරේදා (6) නියම කළාය.

සැකකරුවන් දෙදෙනාට අදාළව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ සහතික අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව ආරම්භ කළ විමර්ශන තවදුරටත් සිදුකරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා එලෙස රිමාන්ඞ් බාරයට පත් කළාය.

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 6ක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලද බව කියමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කොටහේන ප්‍රදේශයේ පදිංචි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මුත්තු විනායගම් සහ රක්වාන ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික සමාගමක ගිණුම් සහකාරවරයකු වන කදිරේසු සිවනේෂන් නමැත්තන් මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කෙරිණි.

සිද්ධියට අදාළව සිදුකරනලද පරීක්‍ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරී සැරයන් බණ්ඩාර මහතා කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළ බව අධිකරණයට දැනුම් දුන්නේය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරපුර ගොවිපොළේ අවන්හල වසර 2ක කාලයකට කුලී පදනම මත ලබාදීම සඳහා පැමිණිලිකරු එහි සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදී එම අවන්හල කුලී පදනම මත ලබාදීමට රුපියල් ලක්‍ෂ 12ක මුදලක් තුටු පඬුරු වශයෙන් ඉල්ලා ඇතැයි ද පසුව ඔහු සැකකරු සමඟ අවස්ථා ගණනාවකදී කළ සාකච්ඡාවලින් අනතුරුව තුටු පඬුරු වශයෙන් ඉල්ලා ඇති මුදල රුපියල් ලක්‍ෂ 6 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබී ඇතැයි ද දැනුම් දුන් සැරයන් බණ්ඩාර මහතා පසුව අදාළ ව්‍යාපාරිකයා මේ පිළිබඳව තම කොමිසමට පැමිණිලි කර ඇතැයි ද දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ උපදෙස්වලට අනුව පැමිණිලිකරු විසින් සැකකරුට අල්ලස් මුදල් දීමට එකඟතාව පළ කර ඇතැයි ද ඒ අවස්ථාවේදී අල්ලස් මුදල රැගෙන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි ද අධිකරණයට දැනුම් දුන් සැරයන් බණ්ඩාර මහතා ඒ අනුව වැටලීමක් සංවිධානය කළ බව ද දැනුම් දුන්නේය.

මෙම සිද්ධියේ සැකකාර ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගේ උපදෙස්වලට අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැමිණිලිකරු විසින් පෞද්ගලික සමාගමක ගිණුම් සහකාරවරයකු වන කදිරේසු සිවනේෂන් නමැත්තාට රුපියල් ලක්‍ෂ 6ක අල්ලස් මුදල ලබාදෙන අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් සැරයන් බණ්ඩාර මහතා ඉන් අනතුරුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය තුළට ගොස් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ද දැනුම් දුන්නේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන බව දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීහු සැකකරුවන් එතෙක් රිමාන්ඞ් බාරයට පත් කරන්නැයි ඉල්ලීමක් ද කළහ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුවන් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව සිදුකරන පරීක්‍ෂණවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය.

 



අදහස් (0)

අල්ලස් සිද්ධියේ පශු සම්පත් සභාපතිත් හවුල්කරුත් රිමාන්ඞ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 663 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site