(ඩී.ජී.සුගතපාල)
රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගාල්ලේ විදුහල්පතිනිය ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
මෙම සැකකාර විදුහල්පතිනිය පළමු වන ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කර ගැනිම සඳහා ගාල්ල මකුළුව ප්‍රදේශයේ මවකගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් විදුහල්පති කාමරය තුලදී ලබා ගනිද්දි ඊයේ (13) සවස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුෂිත අල්ලස සහ නම්බුකාර අල්ලස කියාලා 2 ක් තියෙනවා මේ රටේ. පහුගිය කාලේ මන්ත්‍රී ලාට කෝටි වලින් ගෙදෙරටම ගෙනල්ලා දෙන්න පොරොන්දු උනා කියන ඒවා නම්බුකාර කියන පන්තියට අයිති ඒවා වෙන්න ඇති. දුෂිත ඒවා තමා මේ විදියට අල්ලන්නේ.
විදුහල්පතිනියක් වුනත් නුවණ හැඳිමිටේ දිග තමයි. දැන් ඔක්කොම වතුරේ නේද? සල්ලි කීවාම දකින්නේ සල්ලි විතරයි... අවට ලෝකයම නොපෙනී යනවා.
අම්මපා මේ දරුවන්ට ඉතින් උගන්නන්නේ මක්කද හැබැට ආ ..