(දිනේෂ් උපේන්ද්‍ර)
රෝගීන්ගේ පරීක්ෂාවන් සිදුකරන පෞද්ගලික රසායනාගාරවලට රෝගීන් යැවීමට විශාල මුදල් අල්ලස් ලෙස ලබාගත් බව කියන කුලියාපිටිය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා සහ පෞද්ගලික රෝහලක රසායනාගාර තාක්ෂණ නිලධාරිවරයා ලබන 10 දක්වා රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය.
එසේ රිමාන්ඩ් කෙරුණේ කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය චන්ද්‍රසිරි තෙන්නකෝන්වලගේ සහ පෞද්ගලික රෝහලේ ජෝන් මරියදාසන් නිරෝෂන් නමැති දෙදෙනාය.
ලබන 10 වැනිදා ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර දොස්තරවරුන්ගේ වැඩ වලින් දුප්පත් අහිංසක මිනිස්සු කොච්චර නම් පීඩා විඳිනවද? කොච්චර අමාරුවෙන්ද මිනිස්සු සල්ලි හම්බකරන්නේ? ඒවායින් ගසාකන ඔයවගේ දොස්තර හොරුන්ට හොඳක් නම් වෙන්න එපා. ආයෙමත් ඔය වගේ වැඩ කරන්න ඉඩ දෙන්නත් එපා.
මේකට වැඩ වර්ජනයක් කරමුද? බලන්න. හැබැයි එතකොට ඔක්කොම අමාරුවේ.. තමයි.
එහෙමනම් වර්ජනයක් කරමුද?
රජයේ වෛද්‍ය නිලධාරීන්ට වර්ජන කරන්න තව චාන්ස් එකක්.
සියළු වෘත්තිකයන් අතරින් ආචාර ධර්ම රැකීම වැඩියෙන්ම සිදුවිය යුත්තේ දොස්තරවරුන් අතරින්. ඒ ඔවුන් කෙලින්ම ජනතාව සහ සමාජය සමග සම්බන්ධ වන නිසයි. එත් වෘත්තීය ආචාර ධර්ම වැඩියෙන්ම කැඩෙන්නෙත් ඔවුන් අතින්මයි.
අනුමානයක් නෑ සයිටම් එකෙන් පිට වුණු දොස්තර වරයෙක් වෙන්න ඇති....