IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අල්ලස් ගත්තැයි රේගුඅධිකාරීවරු සිව් දෙනාට එරෙහි නඩු විභාගය 22 දා සිට


(මනෝප්‍රිය ගුණසේකර )

මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරුන් සිව්දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා විසින් ලබන 22 වැනිදා තෙක් කල් තබන ලදී.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන  රුපියල් කෝටි 12 1/2 ක අල්ලස් මුදල ඉල්ලා ලබාගැනීම කුමන්ත‍්‍රණකාරීව සිදුකළ බව ඇතුළු චෝදනා 16 යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය සඳහා විනිසුරුවරයා විසින් මෙලෙස කල් තැබීය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිහාල් ගුණසිංහ මහතා සහ ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න මහතා ඇතුළු නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකාර රේගු නිලධාරීන් ඇප මත මුදාහැරීමට තීරණය කළේය.

දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන මෙම රුපියල් කෝටි 12 1/2 ක අල්ලස් මුදල ඉල්ලා ලබාගත් බවට වු අධිචෝදනා පත‍්‍ර බාර දෙන ලද්දේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා,  රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික‍්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක‍්‍රම ජිනදාස මහත්වරුන්ටය.
 
2015 ජුනි මස 22 වැනිදාත් 2015 ඔක්තෝම්බර් මස 15 වැනිදාත් අතර කාලයේ කොළඹ පන්චිකාවත්තේදී රුපියල් මිලියන 150ක මුදලක් දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ඉල්ලා ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කළ බවට අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා  විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.

එම කුමන්ත‍්‍රණයට අනුව අවස්ථා කිහිපයකදී පැමිණිලිකරුගෙන් අල්ලස් ඉල්ලීම ඒ අනුව 2015 ඔක්තෝම්බර් මස 15 වැනිදා රුපියල් මිලියන 125ක මුදලක් ලබාගත් බවට මෙන්ම සෙසු විත්තිකරුවන් ඊට ආධාර සහ අනුබල දුන් බවට විත්තිකරුවන්ට අල්ලස් කොමිසම එරෙහිව වැඩිදුරටත් චෝදනා ඉදිරිපත් කර තිබේ. 

රුපියල් කෝටි 12 1/2 ක අල්ලස් මුදල ඉල්ලීම සම්බන්ධයෙන් මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකු වන බන්ධුලසේන මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කොට තිබිණි.

පැමිණිලිකරු මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වීමේදී රජයට අඩුවෙන් බදු මුදල් ගෙවා ඇති බව සඳහන් කරමින් පැමිණිලිකරුගේ ගබඩාව පරීක්‍ෂාවට භාජනය කොට ඇති බවත් එහිදී නිසි අන්දමට මෙම භාන්ඩ ගණනය කළහොත් රුපියල් මිලියන 300ක පමණ බදු මුදලක් රජයට ගෙවීමට සිදුවන ඇති බව පවසා එය අඩුවෙන් ගණනය කොට රජයට අඩුවෙන් බදු මුදල් ගෙවීමට සළසාදීම සඳහා රුපියල් මිලියන 150ක මුදලක් විත්තිකරුවන් විසින් මුල් අවසථාවේදී ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.



අදහස් (0)

අල්ලස් ගත්තැයි රේගුඅධිකාරීවරු සිව් දෙනාට එරෙහි නඩු විභාගය 22 දා සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site