( අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ අතහැර එය නව සන්ධානයට නිත්‍යනුකූලව පැවරීමට සූදානම් නම් දොහොත් මුදුන් දී අලියා ලකුණ බාරගන්නට සුදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
අලියා ලකුණ නව සන්ධානයට නිත්‍යනූකූලව පවරන්නේ නැතිව මැතිවරණයට ඉදිරිපත් වූවහොත් බලය පැවරෙන්නේ සන්ධාන මහලේකම්වරයාට නොව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාට බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඡායාරූප - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන සජිත්ට අලියා දීලා මේ සැරෙත් සජිත් පැරදුනාම ඉතිහාසයට යන්නේ අලියා මේ සැරෙත් පරාදයි කියලා. එම නිසා අලියා දෙන්නත් එපා හෙන්ඩුව දෙන්නත් එපා.
මේ කට්ටිය එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති කරන්නයි හදන්නේ. ලලිත් ගාමිණීටත් බැරිවුන වැඩක් සජිත් කොහෙ කරන්නද ? සජිත් මීට වඩා බුද්ධිමත් මිනිස්සු ටිකක් ලඟින් තියාගන්න ඕනේ.
අපිට අලියත් එපා. බුලත් කොළේ, අත පොහොට්ටුවත් එපා. මිට පස්සේ මාලිමාව තමා මාලිමාවටත් දීලා බලමු.
අනේ මෙහෙම මහා ජාතියක්. මේ අයගේ මෝඩ නායකත්වය නිසා අපටත් කාලා ඇඳල ඉන්න නෑ.
එජාපයට තියෙන ලොකුම හෙනේ අලියා. ඕක අවාසනාව ගෙනෙන ලකුණක්. දින්නත් බලේ වැඩිකල් රැකගන්න බෑ. අවාසනාව දෙගුණ වෙනවා රනිල් නිසා...........
අජිත් ජී. පෙරේරා කියන ආකාරයට වැඩ කළහොත් හෙට අනිද්දා වනවිට එක්සත් ජාතික පක්ෂයක් නැතිවී සජිත්ගේ පක්ෂයක් බිහිවනු ඇත. අදූරදර්ශී, වැඩ බැරි අයෙකු එක්සත් ජාතික පක්ෂයට හෝ රටට මෙවැනි බරපතල උවදුරු සහිත කාලයක අවශ්‍ය නොවනු ඇත. අජිත් පෙරේරලාගේ ඉලක්කය සජිත් නොව, දුර්වලයකු ඉදිරියට ගෙනවිත් පක්ෂය විනාශ කර හෝ තමන්ට තැනක් හදා ගැනීමටයි. දේශපාලනයේ කන්නදුන් අත සපා කන කුහකයින්ගේ හැටි එහෙමයි. එහෙත් මෙතැනදී එකක් කිව යුතුයි. රනිල් වැනි නායකයෙකුගේ දුර්වලතා තිබුණද, ඔහුව එහෙම පක්ෂයෙන් එලවා දැමීමට ජනතාව ඉඩනොදිය යුතුයි. තවමත් කුසලතා සහිත, පරිපූර්ණ නායකයෙකු එක්සත් ජාතික පක්ෂයට බිහි වී නැත. හෙට, අනිද්දා වනවිට එය වඩා හොඳින් දැනගැනීමට ලැබෙනු ඇත. පක්ෂයට ද්‍රෝහී වූවන්ට හිමි වූයේ කුණු බක්කිය බව ඔවුන් දැනගත යුතුයි.
රනිල් මහතා නැතුව කරයි....!!! එතුමා තමයි ලෝකයෙන්ම වැඩිම අත්දැකීම් තියෙන්නේ දේශපාලකයන් ගැන. සජිත්, රනිල් මහත්තයගේ කෙස්ගහක් තරම් වටිනවද? දැනුමක් තියෙනවද? කටට එන දේ ඔහේ දොඩවනවා. එච්චරයි.
පුලුවන්නම් ඩී එස් සේනානායක මැතිතුමාවත් යුඑන්පී එකෙන් එලවනවා. මම රනිල්ටවත් යුඑන්පී එකටවත් පක්ෂ නැහැ. හැබැයි මේ වගේ කලගුණ නොදත් රැලක් යුඑන්පී එකේ තියාගන්න වටින්නේ නැහැ. මේ හැසිරෙන්නේ හදපු අම්ම තාත්තාගෙන් දේපල ඉල්ලලා වදදෙන දරුවෝ වගේ.
පක්ෂයේ සමගිය රැකගන්න බැරුව කොහොමද ? රටක් රකින්නේ. කළුතර ඡන්දෙ ඉල්ලගෙන ගෙවල්වලට නම් එන්න එපා.