(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව ලබන 15 වන දා සිට උදෑසන 6.30 ට ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
මීට පෙර සීගිරියට නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබුවේ උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා වූ කාල රාමුව තුළ දීය.
බොහෝ විදේශික සංචාරකයන් ගේ ඉල්ලීම පරිදි එම කාලය වෙනස් කර පෙරවරු 6.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඇතුළත්වීමට අවශ්‍ය ඉඩකඩ සපයා දීමට තීරණය කර තිබෙන බවත් ඒ අනුව ඉදිරියේ දී අත්හදා බැලීමෙන් පසුව අලුයම 5ට සීගිරිය නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී ඇතැයි මේජර් අනුර නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බොහෝ විදේශීය සංචාරකයන් අලුයම් කාලයේ සීගිරි පව්වට නැග ඉර පායන දර්ශනය නැරඹීම සඳහා දැඩි කැමැත්තක් දක්වන බවත් ඒ සඳහාම සීගිරියට පැමිණෙන බව ඔහු සඳහන් කළේය .
දැනට අති විශාල සංචාරකයන් පිරිසක් සිගිරි නැරබීම සදහා පැමිණෙන බවද පෙරවරුවේ 09 ත් 11ත් දැඩි තදබදයක් පවතින නිසා එම තත්වය අවම කොට සංචාරකයන්ට කරදරයකින් තොරව සිගිරි නැරබීමට අවස්තාව උදා කර දීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද එකගත්වය පරිදි විෂය භාර ඇමති සජිත් පේමදාස මහතා අනුමැතිය ලබාදුන් බව හෙතෙම සදහන් කළේය .
COMMENTS
එතකොට ඔතන ක්‍රියාත්මක විවිධාකාර මාෆියා කල්ලි වලටත් අලුයම ඉඳලම සංචාරකයින් බිලි ගන්න ඉඩ දෙනවද? එක දවසක් උදේ 10 ට විතර මඟ පෙන්වන්නෙක් කියලා කෙනෙක් අපේ කණ්ඩායම එක්ක ආවා. උදෙන්ම හොඳටම බීලා. ලඟට කිට්ටුවෙන්න බැහැ අරක්කු ගඳ. කීව දේවල් වලින් වැඩි හරියක් මුසාවාද.
සිගිරිය නැරඹීමට කාලය වැඩි කරලා මුදල් වැඩියෙන් උපයන්නත් සිතුවාට මදි. අවට සහ වැසිකිලිත් පිරිසිදු විය යුතුයි නේද.
අපි පසුගිය වසරේ ඉතා සමීපව ආශ්‍රය කරන විදේශීය පවුලක් සමග සිගිරිය නැරඹීමට පැමිණියෙමු. එහෙදි ඔවුන් අපගේ හැදුනුම්පත් පරික්ෂා කර අතර මගේ දියණියට හැදුනම්පත අමතක වීමත් විදේශීය යුවලගේ දරුවන් හා සමීපව හිටි නිසාත් ඇය වෙනුවෙන් මට රුපියල් 4700/- ගෙවා විදේශිකයෙක් මුදල් ගෙවා ලබාගන්න ප්‍රවේශ පතක් ගෙන සිගිරිය බලන්නට සිදු වුනි. ඒ නිසා නැවත කිසිදා සිගිරි නොයමි. විදේශයන්හි ප්‍රවර්දනය නොකරමි !!
බුද්ධිමත් තීරණයක්. කේබල් කාර් කතාවක් පසුගිය කාලේ කතාවක් තිබුනා, එහෙම දෙයක් ගැන හිතන්නවත් එපා පෞරාණික රාජධානිය නව නගරයක් වෙනවා. ඊජිප්තුවේ පිරමිඩ් වලින් කිලෝමිටර් 20 පමණ එහා වැසිකිලියක් උනත් තියෙන්නේ
ප්‍රවේශපත්‍රය ඕන වෙලාවක පැය විසිහතරේම ලෝකේ ඕනෑතැනක ඉඳලා අන්තර්ජාලයෙන් මිලදී ගන්න පහසුකම් සලස්සලා උදේට ගේට්ටුව අරින්න විතරක් කෙනෙක් දැම්මා නම් ඉවරයිනේ...