IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අලුත් අවුරුද්දට රතිඤ්ඤා හිඟයක්

මොහොමඩ් ආසික්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් ඇති වන බවත් මිළෙහි ඉහළ යාමක් සිදු වන බවත් රතිඤ්ඤා නිෂ්පාදකයෝ  අනතුරු අඟවති.

ගිනි කෙළි නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය රජයේ සමාගමක් මගින් ආනයනය කර බෙදා හරින නමුත් මෙවර ගෙන්වා ඇති වෙඩි ලුණු ප්‍රමිතියෙන් බාල වීම නිසා කර්මාතවලින් සියයට අනූවක්ම වසා දැමීමට සිදු වූ බවත් දහස් ගණනකයේ රැකියා අහිමි වී ඇති බවත් ශ්‍රී ලංකා ගිනි කෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති  සේන දයානන්ද මහතා පැවසීය.

මෙලෙස ආනයනය කර ඇති බාල වෙඩි ලුණු පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත ශාලාවලට ලබා දුන්නත් එම රසායන ද්‍රව්‍ය අනෙකුත් රසායන  ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වීමේදී රත් වීම මෙම කර්මාන්තය තුල අනතුරුදායක බැවින් එම රසායන ද්‍රව්‍ය  භාවිතා කිරීම නවත්වා දමා ඇති බව   ද දයානන්ද මහතා කීය.

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය සඳහා  මෙවර රතිඤ්ඤාවල දැඩි හිඟයක් ඇති වන බවත් මිළෙහි වැඩි වීමක් ඇති වන බවත් දයානන්ද මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (4)

අලුත් අවුරුද්දට රතිඤ්ඤා හිඟයක්

himal Tuesday, 27 March 2018 10:47 AM

මෙයා හරියට කතා කරන්නේ රතිඤ්ඤා අතවශ්‍ය භාණ්ඩයක් වගේ. අවුරුද්ද තියෙන්නේ ගිනි කෙළි, මත් පැන්, හෝ සාප්පු සවාරිවල නෙවෙයි. මිනිසුන්ගේ හිත්වල. ඔය මොනව වත් නැතුවත් ලංකාවේ මිනිස්සු අවුරුදු සැමරුවා කාටවත් කරදරයක් නොවී.

:       64       114

naradha Tuesday, 27 March 2018 11:30 AM

රතිඤ්ඤා පත්තු කිරීම මුදල් වලට ගිනි තැබීමක් වැනියි. මෙවැනි දේ අපි ක්‍රමයෙන් තුරන් කර ගත යුතුයි.

:       0       0

සක්විති Tuesday, 27 March 2018 12:04 PM

රතිඤ්ඤා වලට බයේ දුවලා අතරමං වෙන සුනඛයන්ට සුභ ආරංචියක්.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 27 March 2018 10:23 PM

මේක නම් ඉතාමත්ම සුභ ආරංචියක් ! අලුත් අවුරුදු සමයේ ගිනි දෙවියාට පුදන රතිඤ්ඤා වලට වැය කරන මුදලින් කිරිබත්, කැවුම්, කොකිස් ටොන් කීයක් නිපදවන්න පුලුවන්ද කියා තීරණය කිරීමට මහ බැංකු ආර්ථික ලොක්කන්ට භාර දෙන්න. එසේ කැවුම්, කොකිස්, කිරිබත් හදා දුප්පත් පවුල්වල අයට බෙදා දුන්නොත් ඒ අයටත් "සුබ අලුත් අවුරුද්දක්" වෙනවා නොවේද ? රතිඤ්ඤා වලින් ඇතිවෙන අනතුරු වලට රජයේ රෝහල්වලින් රුපියල් ලක්ෂ කීයක බෙහෙත් දෙනවාද කියා රෝහල් ආරංචි මාර්ග වලින් අසමුද ? එවැනි අනතුරු වලින් ඇඟිලි, අත් එහෙමත් අහිමිවන අයටත් මෙය සුබ අලුත් අවුරුදු ආරංචියක් නොවේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site