(ඩයනා උදයංගනී)
අර්තාපල් හා ලූනු ගොවීන් ආරක්‍ෂා කරගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම සඳහා කමිටුවක් පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා පත්කිරීමට අමාත්‍යවරයා තීරණය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
නිෂ්පාදන අලෙවි කර ගැනීමට හා ඊට සරිලන මිලක් ලබාගැනීමට නොහැකි අර්තාපල් හා ලූනු ගොවීන් බොහෝ අවස්ථාවලදී අපහසුතාවට පත්වන බැවින් එය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එම නිසා ඒ සම්බන්ධව විධිමත් වැඩ පිළිවෙළක් සැකසිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ලූනු හා අර්තාපල් වගා කරන ගොවීන් ආරක්ෂා කිරීමට නම් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් ගොවියා කූට ලෙස ගසා කෑම වැළැක්වීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ගොවින් විසින් තම අස්වනු නෙලා ගන්නා අවස්ථාවේදී අර්තාපල් හා ලූනු ආනයනය සීමා කිරීමට හෝ අවශ්‍ය නම් තාවකාලිකව අත්හිටුවීමටත්, ආනයනික අර්තාපල් හා ලූනු සඳහා වන බදු ඉහල දැමීමටත් කටයුතු කළ යුතු බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වන කරුණු සියල්ල සලකා බලා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවද අමාත්‍යවරයා කීවේය.
මේ අතර බීජ ලූනු මෙට්‍රික් ටොන් 7000ක් පමණ මිල දී ගැනීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම අල ඇමැති කෙනෙකු ලූණු ඇමැති කෙනකු පත් කරන්න. එයාලට ඒවා බලන්න යන්න වාහන ගන්න වාහම සල්ලි වෙන් කරන්න
ඔය ලොකු ලුණු, අර්තාපල් අස්වනු නෙලන කාලයට මිලදී ගෙන ගබඩා කරගෙන රටපුරා බෙදාහරින්න යාන්ත්‍රණයක් සකස් කරන්න, ඔය වැඩේට කාර්ගිල්ස් සමාගමත් එකතු කරගන්න , ඇමති තුමාලා ඔය කාර්ගිල්ස් සමාගමේ එළවලු, පලතුරු ගබඩා කරන ආකාරය හා බෙදාහැරීමේ ජාලය ගැන ටිකක අද්‍යයනය කර බලන්න, විදේශ යෝජකයෝම පමණක් නොව අපේ දේශීය ආයෝජකයා දිරිමත් කරන්න.