IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ කුමන්ත්‍රණයක් සිදුවුණා‘ - හිටපු ජනපති

(චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු )

පසු ගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී සිංගප්පූරුවේ පිහිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නිවසේ කුමන්ත්‍රණයක් සිදු වූ බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“එහිදි මුදල් ගනුදෙනු සිදු වු බව බොහෝ අය කියනවා. ඒක රහසක් නොවෙයි.ජනාධිපතිවරණයේදී ඇයි මන්ත්‍රී වරු සිංගප්පූරුවට ගියේ? ගිහින් එන ගමන් උස්සගෙන ආපු බෑග් වල මොනවාද තිබුණේ කියල බොහෝ අය ප්‍රශ්න කරනවා. බැදුම්කර සිද්ධිය විමර්ශනය කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිසම නිසා යම් යම් කරුණු ජනතාවට හෙළිදරව් වෙමින් තිබෙනවා. මහබැංකු බැදුම්කර සිද්ධියේදි වගේම සිංගප්පූරු කුමන්ත්‍රණය ගැනත් සොයා බැලිය යුතුයි“යැයි රාජපක්ෂ මහතා කියයි.

අද (06) තංගල්ල කාල්ටන් නිවසේ දී මාධ්‍යවේදීන් අමතා ඒ මහතා මේ බව පැවසීය.



අදහස් (21)

‘අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ කුමන්ත්‍රණයක් සිදුවුණා‘ - හිටපු ජනපති

sahan Sunday, 06 August 2017 09:12 AM

මෙන්න බොලේ අාපහු ඇවිස්සිලා...

:       443       499

sahan Sunday, 06 August 2017 09:14 AM

නැතිවුණෝතින් නම් අපේ රටම ඉවරයි. මගේ මගේ කියා රටම බය කරයි. දැම්මම හොද කට්ටඩියෙක් හොයලා තියාගත්තොත් හොඳයි.

:       273       348

sahan Sunday, 06 August 2017 09:16 AM

මේ කරපු හොරකම් වහගෙන කෑගහනවා නම් අල්ලා බැඳ දමන්න.

:       155       215

ලුම්බිණි Sunday, 06 August 2017 09:18 AM

එතකොට ඔබතුමාගේ කාලේ එක එක්කෙනා උස්සගෙන ගිය බෑග් වල මොනවාද තිබුණේ කියලා බොහෝ අය ප්‍රශ්න කළේ නැද්ද? ...

:       590       627

NIRESH Sunday, 06 August 2017 09:20 AM

අනේ යන්න නිකන් කාලය නාස්ති කරන්නේ නැතුව. ඔයා හිටපු කාලේ කිසිදෙයක් වුණේ නෑ.

:       544       622

මම1 Sunday, 06 August 2017 09:28 AM

අනුන්ට චෝදනා කල යුත්තේ තමන් අතේ වැරදි නැති අයයි. තිස්ස අත්තනායක මහතා ගැනීමට කීයක් ගෙව්වාද? ඒ මුදල් දුන්නේ කවුද? ජනාධිපතිවරණය කට ලඟ තියාගෙන උතුරු අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් දී බිලියන 5 ගණනේ එකතුකලේ කවුද? ඒවා ගැන පරීක්ෂණ නොවීම නිසා සහ දැන් තිබෙන පරීක්ෂණයෙන් රවී කරුණානයක වැරදි නම් ඔහුව නෙරපීම ගැන නම් එකඟයි.

:       189       287

aravinda Sunday, 06 August 2017 09:29 AM

බලන් ගියාම කවුරු කවුරුත් මහේන්ද්‍රන් මහත්තයව පාවිච්චි කරලා තියනවා වගෙයි.

:       4       20

මහින්ද Sunday, 06 August 2017 09:34 AM

අනේ ලැජ්ජාවක් නැද්ද? යහපාලනය නිසා ඔයගොල්ලන්ගේ කටවල් ඇරෙනවා.

:       120       84

rohan Sunday, 06 August 2017 09:35 AM

සිංගප්පූරු කුමන්ත්‍රණය ගැන සොයන්න කලින් මේ දේවල් ගැන සොයන්න... පසුගිය පාලන කාලය තුළ මොනතරම් බිහිසුණු මාධ්‍ය මර්ධනයක් දියත් කළාද කිවහොත්, මාධ්‍යවේදීන් 13 දෙනෙකු ඝාතනය කළා. ඒ වගේම එක් මාධ්‍යවේදියකු අතුරුදන් කළා අදටත් හොයාගන්න නෑ. ඒ තමයි ප්‍රගීත් එක්නැලිගොඩ. ඒ විතරක් නෙමෙයි, රාජපක්ෂ පාලනයේ බලහත්කාරයට අවනත නොවූ මාධ්‍යවේදීන් 87දෙනෙකු විවිධ පහර දීම්වලට, අඩන්තේට්ටම්වලට ගොදුරු වුණා. සිරගත කළා. ඒ වගේම ලංකා ඊ නිවුස්, සිරස, සන්‍ඩේ ලීඩර්, උදයන් සහ සියත වගේ මාධ්‍ය ආයතන පහට පහරදීම් සිදුකළා. තවත් මාධ්‍ය ආයතන ගණනාවකට තර්ජන එල්ල කළා. 2006 ජනවාරි මාසයේ 24 වෙනිදා “සුදර්ඕලි” පුවත්පතේ ත‍්‍රිකුණාමලයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වු සුබ‍්‍රමනියම් සුගිර්තරාජන්ට වෙඩි තබා ඝාතනය කරමින් ආරම්භ කළ මාධ්‍යවේදී ඝාතන ලැයිස්තුව සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව දියත් වුණා. සන්ඩේ ලීඩර් පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයටත් එදා රජයේ වගකිවයුතු පුද්ගලයන් මේ දේවල් වලට සම්බන්ධයි.

:       120       144

gamage Sunday, 06 August 2017 10:32 AM

කොටි හඬ එකේ වැඩකරපු අය මාධ්‍යවේදියෝ නෙමෙයි. ත්‍රස්තවාදියෝ!. අල් කයිදා එකෙත් මාධ්‍ය අංශයක් තියෙනවා. ඒ වුණාට ඒ ගොල්ලන්ව මාධ්‍යවේදීන් හැටියට ගණන් ගන්නේ නෑ.

:       5       43

sahanSunday, 06 August 2017 03:04 PM

ගමගේ, ඔයා තණකොළ කෑවාට කමක් නැහැ.

:       17       5

ranavi Sunday, 06 August 2017 09:37 AM

ඒක තමයි වාහනවල පටවාගෙන ආපු උතුරේ මිනිස්සුන්ගේ රත්‍රන්වලට මොකද වුණේ කියලත් හොයන්න අමතක නොකරමු.... සේරම හොරුනේ. ජනතාවට සේවය කරන්න ඇවිල්ලා දැන් ඒ අයගේ හොරකම් ඒගොල්ලෝම වමාරනවා.

:       280       219

පිටිගල මිලානෝ Sunday, 06 August 2017 09:42 AM

සිංගප්පුරුවෙන් බෑග් වල දාලා ගෙනාවේ සුනාමි ආධාර හොරෙක්ගේ බූදලේ වෙන්න ඇති.

:       2299       2553

LEKKO GALABADA Sunday, 06 August 2017 09:51 AM

අනේ බබා උක්කුන්... එන්න ටිකක් වඩාගන්න.

:       141       262

mahee Sunday, 06 August 2017 09:51 AM

අපට දැන් ඕනෑවටත් වඩා බයිලා ගායකයෝ ඉන්න නිසා ඒ අයට ඒ අයගේ වැඩේ කරන්න ඇරියා නම් නරකද? මොහාන් පීරිස් උන්නැහේ එදා රෑ මාලිගාවට ආවේ කුමන්ත්‍රණයකට නෙමෙයි නේද?

:       106       109

bathiya Sunday, 06 August 2017 09:52 AM

ඇත්තටම කොහොමද ඔබතුමා බත් කන්නේ ?

:       88       98

banda Sunday, 06 August 2017 10:06 AM

අනේ අම්මපා මෙහෙමත් නාටක.... ලැජ්ජා නැතිව ආපහු බලයට ඒවි... පුදුම රටක් මේක...

:       106       113

අසෝක ජයතිලක මිලානෝ Sunday, 06 August 2017 10:10 AM

හොරකම් කරන්න බැරිවුණ ටික මලුවල දාගෙන යන්න නේද ආයිත් රජවෙන්න සිහින මවන්නේ?

:       206       17

raveendra Sunday, 06 August 2017 10:28 AM

හිටපු කොළ සීයලා, හිටපු නිල් සීයලා, දැන් ඉන්න කොළ තාත්තලා පුතාලා, දැන් ඉන්න නිල් තාත්තලා පුතාලා හොර තක්කඩි අයවලුන් බවත් රතු චූටි මල්ලිලා ගැනත් ලංකා මාතාව ඉතා හොඳින් දන්නා බව අමතක කරන්න හිතන්නවත් එපා හොඳද? මොකද ඔය මොන කකුළුවා බලයට ආවත් නටන්නේ වතුර හැලිය උතුරනකන් බව තේරුම් ගත්තොත් හොඳයි හරිද? අටලෝ දහම මහජන මුදල් හොරා කාපු හැම කෙනාටම සමානය. ඒක මේ අයගෙන් කව්ද කියා වැදගත් නැත.

:       0       13

sahan Sunday, 06 August 2017 03:06 PM

මෙන්න මෙතුමාට මොකක්ද වෙලා තියෙන්නේ?

:       0       20

maal Sunday, 06 August 2017 03:15 PM

දැන්වත් කියනවද මහින්ද මහත්තයෝ 2010දී එවකට ඡන්ද කොමසාරිස් දයානන්ද මහතා ජනපතිවරණේ ඡන්දෙ දවසේ සහ ඊට පසුදින කොහෙද හිටියේ කියා? ඒවා එතකොට විහිළුද? රනිලුයි ජවිපෙ එකයි එතකොට ගොළු වුණා. මේවා ඔක්කොම ලංකාවේ දේශපාලන විහිළු වගේ.

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31104 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site