IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නියමයන් උල්ලංඝණය කළේ යයි කරුණු දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වන සනත් ජයසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ.

අද (ඔක්තෝබර් 15 වැනිදා) සිට දින 14 ක් ඇතුළත ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව සනත් ජයසූරිය මහතාට දී තිබේ. 

ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත්තේ පහත සම්බන්ධ කාරණා සම්බන්ධයෙනි. 

2.4.6 වගන්තිය


සාධාරණ හේතුවකින් තොරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම. දූෂණ මර්දන කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණයකදී දූෂණ මර්දන ඒකකය විසින් ඒ සම්බන්ධයෙන් ඉල්ලා සිටින ලේඛන හෝ නිවැරදි තොරතුරු සම්පූර්ණ වශයෙන් සැපයීමට අපොහොසත් වීමද මෙම කොටසට ඇතුළත් වේ. 

2.4.7 වගන්තිය


අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය විසින් කරනු ලබන පරීක්‍ෂණ සඳහා බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම, ඒවායින් ආවරණය වී සිටීම, අදාළ ලේඛන නැතහොත් එවන් දූෂණ මර්ධන නීති යටතේ පරීක්‍ෂණවලට අදාළ හෝ සාක්ෂි වශයෙන් ගතහැකි ලියකියවිලි වෙනස් කිරීම හෝ විනාශ කිරීම.

මෙම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා 2018 ඔක්තෝබර් මස 15 වැනිදා සිට දින 14 ක කාලයක් ජයසූරිය මහතාට තිබේ. එතෙක් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව කිසිවක් ප්‍රකාශ නොකරනු ඇත. 

- අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාධ්‍ය නිවේදනයකි

 

 

 



අදහස් (7)

අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා

wedage Monday, 15 October 2018 11:09 AM

මේ ඉන්දියානු ක්‍රිකට් කොම්පැනි (අයි සි සි ) එකෙන් අපේ ක්‍රිකෙට් වීරයන්ට මඩ ගහන්න ලොකු උත්සාහයක් තියෙනවා එය පරාජය කිරීමට එක්වෙමු.

:       1313       1606

සතයපාල Monday, 15 October 2018 11:30 AM

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයට හිතුමතේ රටවලට ඇතුල්වෙලා ඒ රටවල ආණ්ඩුවල අවසරයකින් තොරව පරික්ෂණ කරන්න පුද්ගලයන් හා භාණ්ඩ තම භාරයට ගන්න අවසර හා අවකාශය හිමිවන්නේ කුමන නීතිමය තත්වයක් යටතේද යන්න නීතිය නිවැරදිව දන්නා අයෙකුට පහදා දිය හැකිද ?

:       395       356

isurandi Monday, 15 October 2018 01:35 PM

ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටෙන් නැත්තටම නැතිකරන්න වගේ මේ නම්...

:       482       366

මිල්රෝයි Monday, 15 October 2018 01:41 PM

නූතන සනත් ජයසූරියට වඩා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට අපි තාමත් ආදරෙයි. ඔහු අතීතයේ ක්‍රීඩා කරපු තරඟවල වීඩියෝපට අපි තවමත් ආසාවෙන් නරඹන්නේ ඒ නිසයි.

:       2       474

Hafeel Monday, 15 October 2018 01:43 PM

දේශපාලනයට ඇවින් නිකම් මඩ ගාව ගත්තා.

:       21       215

රුවන් Monday, 15 October 2018 01:58 PM

දේශපාලනය ගෑවී ඇත්නම් දූෂණ එතන ඇත ..

:       0       316

Ravindu siriwardana Tuesday, 16 October 2018 03:37 AM

හැම දේම දේශපාලනේ තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 874 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site