පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි කැසිනෝ ශාලාවක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අයි. එස් .ත්‍රස්තවාදීන්ගේ ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි. අයිඑස් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට ප්‍රකාශ කර තිබියදීත් සිද්ධියට ත්‍රස්තවාදයේ සම්බන්ධතාවක් නැති බව බලධාරීහු කියති.
තවමත් නම් කර නැති එම සැකකරු මධ්‍යම රාත්‍රියේදී කැසිනෝ ස්ථානයට ඇතුළු වී තිබේ. බලධාරීන් පවසන්නේ මෙම සිද්ධිය කොල්ලකෑමක් සඳහා ගත් උත්සහයක් නිසා ඇතිවූවක් බවයි.
“ඔහු වෙඩි තැබුවේ උඩට මිසක් මිනිසුන්ට නෙවෙයි. ඉන් දැඩි බියක් ඇති වෙලා. තුවාල කරුවන් ද සිටිනවා. මිය ගිය අය වෙතත් ඔවුන්ගේ සිරුරේ වෙඩි උණ්ඩවලින් ඇතිවූ තුවාල නැහැ“ පිලිපීනයේ දකුණු දිස්ත්‍රික් පොලිස් අධිකාරී තෝමස් අපොලිනාරියෝ බීබීසියට පවසා තිබිණ.
කෙසේ වෙතත් පසුගිය සතියේ අයිඑස් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ කැරළි කණ්ඩායම් දකුණු පිලිපීනයේ වීදි ගැටුම්වලට සහභාගී වි තිබිණි.
පොලිසිය පැවසුවේ ඉක්මනින් ගිනි ඇවිලීමට සැකකරු එම කාමරයේ තිබූ ගෘහ භාණ්ඩවලට හා පාපිසිවලට ද පෙට්‍රල් දමා ඇති බවයි. එම ගින්න විශාල නොවුණත් ඝන දුමාරය නිසා බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව කියැවේ.
මෙම වෙඩි තැබීමකින් හා ගිනි තබාගැනීමකින් පසු 36 දෙනකුගේ මළසිරුරු හමුවී තිබේ. කැසිනෝ මේසවලට ගිනි තැබීමෙන් ඇතිවූ ඝන දුමාරය ශරීරගත වීමෙන් බොහෝ පිරිසක් මිය යන්නට ඇතැයි බලධාරීහු පවසති
මෙතෙක් කුමන ජාතිකයෙකුද යන්න සොයාගෙන නැති එම සැකකරු අද(02) උදෑසන රිසෝර්ට්ස් වර්ල්ඩ් මැනිලා හී කැසිනෝ ක්‍රීඩාගාරයට වෙඩි තැබීය. ඉන්පසු සැකකරු ද ගිනි තබාගෙන මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම සිදුවීම නිසා එම ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ඇතිව තිබේ. බලධාරීන් මුලින්ම පැවසුවේ ජීවිත හානි නොමැති බවයි. නමුත් මළසිරුරු හමුවී ඇත්තේ වෙඩික්කරුගේ මළසිරුර සොයාගැනීමෙන් පසුව එම සංකීර්ණය පරීක්ෂා කිරීමේදීය.
සැකකරු ක්‍රීඩා මේසවලට ද වෙඩි තබා ඇති අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 2.3 ක් වටිනා සූදූ චිප්ස් තොගයක් ද සොරකම් කර තිබිණි. ඉන්පසුව සැකකරු හෝටලයේ කාමරයකට ඇතුළු වී තිබේ.
“ඔහු ඇඳ මත දිගා වුණා. ඇඳ ඇතිරිල්ලක් ඇඟේ දමාගෙන පෙට්‍රල් වක්කර ගත්තා. පස්සේ ගිනි තියාගත්තා.“ ජාතික පොලිස් ප්‍රධානී රොනල්ඩ් ඩෙලා රෝසා මහතා පැවසීය. සැකකරු සොයාගැනීම සඳහා හෝටලය පුරා මෙහෙයුමක් ද ආරම්භ කර තිබිණි.
හෝටල් බලධාරීන් පැවසුවේ සැකකරු ගිනි තබාගැනීමෙන් අනතුරුව වෙඩි තබාගෙන ද ඇති බවයි. පොලිසිය එම පුද්ගලයාගේ සීසීටීවී ඡායාරූප නිකුත් කර තිබිණි.
සැකකරු ඉතා හොඳින් ඉංග්‍රීසී බසින් කතා බහ කර ඇති නිසා වෙඩික්කරු විදේශිකයකු විය හැකියැයි එරට අතැම් මාධ්‍ය හා ඇතැම් බලධාරීන් අනුමාන කර තිබිණි. මීට පෙර වාර්තා වූයේ ඔහු කොකේසියානුවෙකුට සමාන පෙනුමක් ඇති බවයි. නමුත් පොලිස් අධිකාරී ඇපොලිනාරියෝ මහතා පැවසුවේ ඔහු කුමන රටේ ජාතිකයකුද යන්න අනාවරණය වී නොමැති බවයි.
බලධාරීන් මීට පෙර එරට මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ සැකකරු මානසික කම්පනයකින් පෙළුණු අයෙකු බවයි. එම හෝටලය මෙම සිද්ධිය ‘ව්‍යාකූල මනසක් ඇත්තතකු කළ නිවට ක්‍රියාවක්‘ ලෙස හැඳින්වීය. පොලිසිය පැවසුවේ සැකකරු තනිව පැමිණි ඇති බවත් කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ නැති බවත් ය.
එම අවස්ථාවේ එම ස්ථානයෙන් පැනගත් පිරිසක් පවසා තිබුණේ එම සංකීර්ණය දුමෙන් පිරී යන අයුරු දුටු බවයි.
“අපේ දුව හිටියේ එහි ප්‍රභූ කොටසේ. එහි ගින්නක් දුමක් ඇති වෙලා තියෙනවා කියලා අපේ දුව දුරකථනයෙන් පැවසූවා. ඒ නිසා හුස්ම හිරවෙනවා කියලත් පැවසුවා“ එක් කාන්තාවක ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.
ගිනි ආරක්ෂණ උපකරණ නිසි ලෙස වැඩ කළ බවත් එහි නිසි වාතාශ්‍රයක් තිබූ බවත් එම හෝටලයේ ප්‍රධාන මෙහෙයුම් ස්ටෙෆන් රෙයිලී කීවේය.
සිද්ධිය නිසා 50 දෙනකු පමණ රෝහල් ගත කර ඇත.
තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා
මාලදිවයින පාකිස්තානයේ සිටි ඔවුන්ගේ තානාපති මොහොමඩ් තෝහා ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත්තේය. ඒ, මාලදිවයින රජයට නොදන්වා, ඔහු පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනු
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්
ඇමෙරිකාව ලෝක බලවතා බැවින්, ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි යන්න ගැන මුළු ලෝකයම ඇස් දල්වා සිටී.
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. ට්‍රම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අයි. එස් .ත්‍රස්තවාදී ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි