අජන්ත කුමාර අගලකඩ
විශේෂ සහන පැකේජයක් හෙට (08) දිනයේ රජය විසින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති මංගල සමරවීර මහතා හෙට ප්‍රකාශයට පත් කරන සහන පැකේජය ගැන සඳහන් කර ඇත.
ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකට එමගින් සහන සැලසෙනු ඇතැයි වාර්තාවේ.
රජයේ අයවැය ලේඛනය අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර ඊට පෙර මෙම සහන පැකේජය ප්‍රකාශයට පත් කිරීමට රජය සැලසුම් කර ඇත.
COMMENTS
මේ සහන සියල්ල තාවකාලිකයි ,යහපාලන රජය දැන් ජනතාවට තිත්තයි.....
අපි තණකොළ කනවා කියලා හිතනවා ඇති.....
අයවැයට පෙර? නැහැ නැහැ චන්දයට පෙර කියලා අවංකවම කියන්න. මේවාට අපි කියන්නේ චන්ද ගුණ්ඩු කියල.
අයවැයට පසු ඕවා බෑ....
"විශේෂ සහන" පැකේජයක් හෙට 08 වැනිදා ඉදිරිපත් කරාවි. 09 වැනිදා බජට්ටුව ඉදිරිපත් කරාවි. 10 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් "විශේෂ අසහන" බඩු මිල වැඩිකිරීම් සිදු නොවුනොත් බස්නාහිරෙන් පසුදා හිරු පායාවි. ඕක නේ හැම බජට්ටුවකට පස්සෙම වෙන්නේ !!!!
මේ තමයි සැබෑ ශ්‍රී ලාංකික මානසිකත්වය ප්‍රසිද්ධියේ එළිදැක්වීම. ජනතාවට සහන සැලසීම රජයක යුතුකමයි. ඒ සඳහා අය වැය හෝ මැතිවරණ ඉලක්ක කර ගත යුතු නොවේ. මෙවැනි චන්ද ගුණ්ඩු වලට රැවටෙන ජනතාවක් සිටින තෙක් දේශපාලුවෝ ජය ගනී.
මොන සහනද..?? නිදහසින් පසු පත්වූ අසාර්ථකම, අගතිගමීම සහ අකාර්යක්ෂමම ආණ්ඩුව තමයි මේ. නිවසකත් අම්මා සහ තාත්තා බොරුකරන විට, අනාචාරයේ යනවිට, හොරකන් කරනවිට දරුවන්ට හිමිවන්නේ හරිහමන් කෑමක් බීමක්, අධ්‍යාපනයක්, වාසස්ථානයක් නොමැතිව නන්නතාර වීමටය. සිරි ලංකාවත් එවැනි අගාදයකට මේ ආණ්ඩුව අද දමා පත්කර අවසන්ය.....!!!! දළදා සමිඳු පිහිටයි සියලු රට වැසියන්ට.......!!!!!!!!!!
මංගල ඇමතිතුමනි අයවයෙනුත් පොඩි සහනයක් දෙන්ඩ .පඩි වැඩි වීමකුත් ලැබුනොත්.හොඳයි.
කොච්චර කාලෙකටද
රට පාවා දී කුමන්ත්‍රණ කරමින් බොරුව වපුරන මේ නිවට ද්‍රෝහීන් ගැන කල්පනාවෙන් සිටිය යුතුය.
අයවැයට පෙර සහන පැකේජ් එන්නේ...අයවැයෙන් පස්සේ අසහන පැකේජ් එකක් එන්න වගෙයි.
හාල්, පොල්, කිරිපිටි, සිනි, කරවල, මාළු, කුකුල් මස්, තුනපහ, මිරිස්, එළවලු, පාන් පිටි, පරිප්පු, අපොයි දෙයියගේ පිහිටයි...... විමල් වීරවංශ කලක් කෑගැහුව පාන්පිටි කන්න එපා, පාන් එපා, එහෙම කියල හාල් පිටි වලින් පාන් හදලත් පෙන්නුව, දැන් ඔහු යන්නේ පිකප් එකෙන් නෙවෙයි, ලක්ෂරි කාර් එකෙන්, මහජතාවට දැන් මංගල පිහිටයි, දෙයියන්ටම පෙනීයන්.......
අනේ මන්දා. දැන්නම් මොන සහන දෙනව කිව්වත් ජනතාව ඉන්න අසහනය නැති කරන එක බොරු.
ඉස්සෙල්ලා පෙට්‍රල් දීල හිටහන්...
මේක පුංචි චන්දෙට අල්ලසක්ද ? ඒ උනාට කතාකරන්නේ යහපාලනය ගැන.
අපිට සහන එපා. අපි ආයේ ඕවට රැවටෙන්නෙත් නෑ. ඔහෙලම තියා ගන්න එකෙන් පිනට කන්න දරුපවුලත් එක්ක. අයවැය එනකම්ම ඉන්න ඕන වුනා මුන්ට අපි විදින දුක පේන්න. අනේ පව් අපිට දැන් හිඟා කාල හොදට පුරුදු වුනා. ඒකටත් බොලාගෙ ආන්ඩුවට පින්. අපි හිඟාකාල හරි බොලා නඩත්තු කරන්නම් අපිට සහන දෙන එක ගැන හිතන්න එපා බොලා අපේ බදු සල්ලි අරන් විපක්ෂෙට පගාව දීල මංගල ඉදිරිපත් කරන අයවැය දිනා ගනිල්ලා
ඔන්න අපි රැවටූනා.... , හා ද...?
තව නම් පැකේජ් එපෝ... තෙල් වලට ලැබිලා තියෙන සහන පැකේජ් එක හොඳටම ඇති.
සිනි බෝල රුපියල් 2 සිට රුපියල දක්වා අඩු කරනු ලැබේ. යහපාලන 62 ලක්ෂය කට අරගෙන සිටිනු මැනවි.
අනේ තවත් සහන එපා දුන්නු සහන හොදොටෝම ඇති !
අනේ මොනවත් එපා... පලයල්ලකෝ මේ රටෙන්ම...
කලින්ම පෙට්රෝල් අර්බුදය වහාම විසඳන්න. බලයට ආපු දවස ඉඳන් රට පුරා නොයකුත් උද්ගෝෂණ, කුණු කන්ද, සයිටම් අර්බුදය, වැඩ වර්ජන, හාල් හිගය, දැන් පෙට්රෝල් හිගය. මේ සේරම බලයට එන්න කලින් දන්නවනේ.
මේවා චන්ද ගුණ්ඩු
සහන දෙන්න කතා කරන්නේ. එත් මුන්ට පෙට්‍රල් ටික වත් හරියට රටේ බෙදා හරින්න බැහැ. ඉතින් තව මොන කතාද සමනළයින්ගේ.
යහපාලනයට ඡන්දෙ දුන්නේ ලාබෙට කන්ද හෝ නිකන් කන්ද නෙමේ. එ්කාධිපතිත්වයෙන් රට බේරාගෙන දූෂණයට තිත තබන්නයි. හිටපු ජනාධිපතිතුමාව බේරා ගැනීමටයි... දූෂණය සීමා කිරීමටයි.
මෙව්ව සිල් රෙදි වගේ කේස්