(මනෝප‍්‍රිය ගුණසේකර)
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.
මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිර්දේශ කොට ඇති අතර එම නිර්දේශයට කතානායක කරූ ජයසුරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වු ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා වශ්‍යයෙන් කටයුතු කළ දීපාලි විජේසුන්දර මහත්මිය ස්ථිර වශ්‍යයෙන් එම තනතුරට පත් කිරීමට නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින් මීට පෙර අවස්ථාවක නිර්දේශ කොට ඇතත් ව්‍යවස්ථාදායක සභාව ඊට අනුමැතිය ලබා නොදීම හේතූවෙන් දීපාලි විජේසුන්දර මහත්මියගේ නම ඉවත් කරගැනීමට පියවර ගත් බවද ඉන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ජනාධිපතවරයා විසින් නිර්දේශ කොට ව්‍යවස්ථාදායක සභාවට යවා ඇතැයිද වාර්තා වේ.
ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත් කළ ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවේ එම ධුරයේ දිව්රුම් දෙන බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ කීර්තිමත් පියා වන මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මෙන් විශිෂ්ඨ සේවයක් අපේ රට වෙනුවෙන් ඉටු කරනු ඇතියි බලාපොරොත්තු වෙමු.
ඔබගේ නැසීගිය පියාණන් ඉතාමත් කීර්තිමත් ලාංකිකයෙකි. ඔහුගේ නාමය මෙන් ඔබත් ඔබගේ සේවය මෙතුවක් රට වෙනුවෙන් කැපකළා මෙන් ඉදිරියටත් අප අපේක්ෂා කරමු.
මිතුරු යසන්ත, ආනන්දයේ ගරුත්වය තබමින් නීතියට සහ රටේ නීතිය පසිඳලන ආයතනයට යුක්තිය ඉටු කිරීමට ඔබට ධෛර්යය සහ ශක්තිය ලැබේවා යන්න අපගේ පැතුමයි.
ඔබේ පියා සෑම ක්ෂේත්‍රයක් ගැනම හොඳ දැනුමක් තිබුණු බුද්ධිමත් උගතෙකි. එමෙන්ම එතුමා ඉතාමත් කාරුණික නිහතමානී කෙනෙකි. රටකට අවශ්‍ය එවැනි බුද්ධිමත් උගතුන්ය...
ශ්‍රේෂ්ට වෛද්‍යවරයකු වූ නන්දදාස කෝදාගොඩ මහතාණන්ගේ පුත්‍ර රත්නය වූ ඔබ, පියාණන් ජීවතුන් අතර සිටියදී එතුමන් හා එක්ව පවත්වන ලද රූපවාහිනී වෛද්‍ය වැඩසටහන් පිළිබඳ මතකයන් තවම අප සිත්තුල රඳා පවතී. 1980 ගණන්වලදීම මත්ද්‍රව්‍ය සම්බන්ධව ඔබතුමාගේ පියාණන් විසින් පවත්වන ලද වැඩමුළුවලට සහභාගී වීමේ වාසනාව මටද අත්විය. ඒවා පිළිබඳ මතකයන් තැන්පත්ව පවතී. ඒ වැඩමුළු අපට අතිශයින්ම ඵලදායක විය.. පියාණන් මෙන් උපන් මව්බිමට අමරණීය සේවයක් කරන්නට ඔබතුමාටද වාසනාව අත්වේවා!