බී.ජී.චතුරංග
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18ක් සඳහා පිළිගත් ප්‍රධාන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා පත්‍ර 97 ක් අද දහවල් 12 වන විට අනුරාධුපර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී තිබු අතර ඉන් එක් පක්ෂයක නාම යෝජනා පත්‍රය හා පක්ෂ තුනක නාම යෝජනා පත්‍රයන්හි අපෙක්ෂකයන් තිදෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප විය.
දහවල් 12 වන විට නාම යෝජනා පත්‍ර භාරදීම අවසන් කීරීමෙන් අනතුරුව දහවල් 12 සිට පස්වරු 1.30 දක්වා කාලයේ විරෝධතා යොමු කිරීම සදහා කාලය ලබා දී තිබුණි. එම කාලය තුළ ඇතැම් දේශපාලන පක්ෂ පළාත් පාලන ආයතන කීපයක් සදහා විරෝධතා ප්‍රකාශ කර තිබුණි.
නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිළදාරි ආර්.එම්.වන්නිනායක මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා අසංග රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පවැති අතර එහි දී තේරීම්භාර නිළධාරී ආර්.එම්.වන්නිනායක මහතා මෙසේ පැවසීය.
‘අද දිනයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කන්ඩායම් 9ක් විසින් නාම යෝජනා පත්‍ර 97ක් භාර දී තිබුණා. ඉන් නාම යෝජනා පත්‍ර 96 ක් පිලිගැණුනා. ඉන් එක් නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට සිදු වුණා. ඒ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තිරප්පනේ ප්‍රාදේශිය සභාව සදහා ඉදිරිපත් කල නාම යෝජනා පත්‍රයයි. එම නාම යෝජනා පත්‍රයට අදාළ පක්ෂ ලේකම්වරයාගේ අත්සන විධිමත් පරිදි සහතික කර නොතිබිම එය ප්‍රතික්ෂේප වීමට හේතු වුණා.
ඊට අමතරව දේශපාලන පක්ෂ ලබා දී තිබු නාම යෝජනා පත්‍ර කීපයක අපේක්ෂකයන්ගේ නම් 3ක් පමණක් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ තිරප්පනේ ප්‍රාදේශිය සභාව සදහා එක්සත් ලංකා මහජන සභාව පක්ෂය ඉදිරිපත් කර තිබු නාම යෝජනා පත්‍රයේ එක් අපේක්ෂකයෙකුගේ නමෙහි දිවුරුම් ප්‍රතිඥාවක් නොතිබීම හේතුවෙන්.
කැකිරාව ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා මහජන පක්ෂයේ තරුණ අපෙක්ෂකයෙකු ඉදිරිපත් කර තිබු අතර ඔහුගේ තරුණ බව සනාථ කිරීම සදහා උපන් දිනය සහතික කර නොතිබීම හේතුවෙන් ඔහුගේ නම ප්‍රතික්ෂේප වු අතර කැකිරාව ප්‍රාදේශිය සභාව සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ එක් අපේක්ෂකයෙකුගේ දිවුරුම් ප්‍රතිඥාවේ අඩුපාඩු හේතුවෙන් එම අපෙක්ෂකයාගේ නම ද ප්‍රතික්ෂේප වුණා.
2025 දෙසැම්බර් මස 18
673
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපුර නම් තුනක් ප්‍රතික්ෂේප වෙයි