IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අපදා සහන සලසන්න හමුදාවේ 300ක් සීරුවෙන්

ඉන්දිකා රාමනායක 
 
අධික වර්ෂාව හේතුවෙන්   අපදාවට පත්  ජනතාව වෙනුවෙන් සහන කටයුතු සඳහා  යුද හමුදාවේ සහ නාවික හමුදාවේ 300 ට අධික පිරිසක් සහ බෝට්ටු  සමග ස්ථාන ගතකර ඇති බව හමුදාව කියයි.
 
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ඇති   සේනාංක දෙක මේ සඳහා සුදානම් කර ඇති බවත් දැනට හමුදා සාමාජිකයන් 120 ආසන්න පිරිසක් හා බෝට්ටු සමග යොදවා ඇති බවත් යුද හමුදා මාධ්‍ය  ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත්   අතපත්තු මහතා පැවසීය.
 
කළුතර, පාලින්දනුවර, බුළත්සිංහ යන ප‍්‍රදේශ වලට බෝට්ටු දෙකක් සමග  40 ක හමුදා කණ්ඩායම්ක් ද,   මාතර ,මොරවක ,කඹුරුපිටිය යන ප‍්‍රදේශවල  බෝට්ටු 2ක් සමග   20 දෙනෙකුගේ  සමන්විත කණ්ඩායම් ද, රත්නපුර ප‍්‍රදේශයට  බෝට්ටු 3 ක් සමග 32 ක කණ්ඩායමක් ද, ගාල්ල නෙළුව,තවලම, හිනිදුම යන ප‍්‍රදේශ වෙත බෝට්ටු දෙකක් සමග 25 ට භට කණ්ඩායමක් යොදවා ඇති බවද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
 
ගංවතුර  තත්වයක් ඇති වුවහොත් එම ප‍්‍රදේශ වෙත  ගමන් ගැනීම දුෂ්කර වීම හේතුවෙන්  කල්තියාම මෙම කණ්ඩායම් අදාල ප‍්‍රදේශ වල ට යොමුකර ඇති බවද හමුදාව ප‍්‍රකාශකවරයා කීය.
 
නාවික හමුදාවෙන් ඩිංගි යාත‍්‍රා 30 ක් සමග  200 ක භට කණ්ඩායමක් දැනට යොදව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර්  චන්දන  බණ්ඩාර  දිසානායක මහතා පැවසිය. ගුවන් හමුදාවේ ද සෑම කඳවුරකම හෙළිකොප්ටර්  යානා සමග සහන කණ්ඩායම් මේ සදහා  ස්ථාන ගත කර ඇති බවද ගුවන් හමුදාව කියයි.



අදහස් (1)

අපදා සහන සලසන්න හමුදාවේ 300ක් සීරුවෙන්

sigithi Tuesday, 22 May 2018 02:21 AM

වීර දරුවනි ඔබලාට ත්‍රිවිද රත්නයේම පිහිටයි . මතු උපදින හැම භවයකදීම සිතන පතන යස ඉසුරු පහළවේවා .

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site