නිමන්ති රණසිංහ
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුලූ අධ්‍යාපනික ගැටලූ විසදන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුලූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි්‍රයාකාරී කමිටුව බදාදා (16) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ සහ පෙළපාලි තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.
බදාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින තුළ වෝඩ් පෙදෙස, ජාතික රෝහල, අක්ෂි රෝහල සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රදේශයන් හිදී මහජන සාමය කඩවන පරිදි සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි කිසිදු පෙළපාලියක් හෝ උද්ඝෝෂණයක් පැවැත්වීම තහනම් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ 1979 අංක 15 දරන අපරාධ නඩු විදාන සංග්‍රහ පනතේ 106 (01) වගන්ති ප්‍රකාරව කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙනි.
ඒ අනුව, මෙම තහනම් නියෝගය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු චතුරංග වීරසේකර, වෛද්‍ය පීඨ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු රයන් ජයලත්, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු තැන්පිටියේ සුගතානන්ද හිමි ඇතුලූ ශිෂ්‍ය ක්‍රියාකරුවන් සහ ඔවුන්ගේ අනුගාමිකයින් වෙත මෙම අධිකරණ නියෝගය දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලව නෙරපල දාල ඉගෙනගන්න කැමති අයව විශ්ව විද්‍යාල වලට බඳවාගන්න. එතකොට සයිටම් වගේ ආයතනත් මේ රටට ඕන වෙන එකක් නැහැ.
අධිකරණයට අපේ ප්‍රණාමය. මේ පෙළපාලි නිසා මහජනයා අනවශ්‍ය කරදර පිඩා ඇතිවෙනවා.
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් ?