(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ -පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.
මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස පොලිසිය විසින් මාර්ග බාධක යොදා සම්පුර්ණයෙන් වසා දමා තිබේ.
පස්වරු 3.00
අන්තරේ සිසුන්ගේ පාගමන විසුරුවා හැරිමට වෝඩ් පෙදෙස මන්සන්ධියේ දී පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
පස්වරු 4.10
අන්තරේ සිසුන් පළවා හැරීම සඳහා දෙවැනි වරටත් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය විනාශ කරපු පිරිසක්.....
ගහල එලවල දමන්න..... අපි ගෙවන බදු සල්ලි වලින් ඉගෙනගන්නේ නැතුව ඒවත් අපතේ යවමින් පාරේ දගලමින් අපිට රස්සාවක් කර ගන්නවත් දෙන්නේ නැති කාලය නාස්තිකරන රංචුවක් ,
මේ නම් අප රටේ විශ්ව විද්‍යාල සිසුන් විය නොහැක. අප රටේ විශ්ව විද්‍යාල සිසුන් යනු සැමවිටම අනිකා ගැන හිතන කිසිවකුට හිරිහැරයක් නොකරන අහිංසකම මෙන්ම තමන් තම රටේ පුරවැසියන්ගේ මුදල් වලින් නොමිලේ ඉගෙනුම ලබන පිරිසකි. එවන් දරුවන් මෙසේ නිවටයන් සේ නොහැසිරෙන බව කිව යුතුය. මේ නම් විශ්වවිද්‍යාල සිසුන් විසින්ම පවසන අන්දමට වැස්සකටවත් විශ්වයේ දැනුම ලබන ආයතනයකට නොගිය රස්තියාදුකාර, මෝඩ මෙන්ම නූගත් මෙන්ම අද රටේ පවතින දේශපාලන පක්ෂවලින් එකක අතකොලු ලෙස හැසිරෙන රටටත් වැඩක් නැති තමන්ටත් වැඩක් නැති පිරිසකි.
මේ පාර සටන් කරන්නේ නවක වදය දීමේ අයිතිය රැක ගැනීමටද?
මහජන මුදල් නාස්ති කරන පිරිසක් .ගහල පන්නන්නම ඕන .
වෙන රටවලත් මෙහෙම අවුරුද්දකට විසි පාරක් විතර තියා එකපාරක්වත් තමන්ට නොමිලේ ලබාදෙන අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන අහිංසක ජනතාවම පිඩාවට හිංසාවට පත්කරගෙන උද්ගෝෂණය කරනවාද? මේ කරන්නේ දේශපාලන බඩගෝස්තරවාදී අන්තරේ අය පඩි අරගෙන මෝඩ ළමයි රොත්තව පාරට දැමීමයි
ඔය ළමයි ඔය උත්සහ දරන්නේ මේ රට පාලනය කරන හොරුන්ගෙන් රට බේරා ගන්නයි, ඔබලාට ජය වේවා
අන්දරේලා පිරිසක් විසින් අන්තරේ නමින් පිහිටුවා පවත්වාගෙන යනු ලබන මාෆියා සමාගමක් මගින් විශ්ව විද්‍යාලවල සිසුන් රවටාගෙන ඔවුන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරමින් අවුරුද්දේ දින 365හෙම කොළඹ නගරයේ කරනු ලබන විරෝධතා හේතුවෙන් රටේ ආර්ථිකයට, මහජනයාට, ගමනා ගමනයට කරනු ලබන අවහිරතා, අපහසුතා දිනෙන් දිනම වැඩිවනබවක් පෙනෙන්නට තිබේ. රජයට කළ යුතුව තිබෙන්නේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගේ මාපියන් දැනුවත්කිරීමේ වැඩපිළිවෙලක් විශ්ව විද්‍යාල සහ ජනමාධ්‍ය යොදා පටන්ගෙන පළමුව විරෝධතා මගින් කිසිවක් ලෝකයේ දිනාගෙන නොමැති බව මාපියන්ව දැනුවත් කිරීමය. මාපියන් දැනුවත් කොට ඔවුන්ගේ සහය රජයට ලබාගැනීමට රජය කට යුතුකළ යුතුය. දෙවනුව ලංකාවේ තිබෙන සියලුම පාසල්වල උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට සහ ඔවුන්ගේ මාපියන් පාසලට කැදවා විශ්ව විද්‍යාලවලට යාමට පෙර මෙම මාෆියා සමාගම් ගැන හොඳ අවබෝදයක් ලබාදී අධ්‍යාපනයේ වැදගත්කම සහ සිසුන්ගේ අනාගතය ගැන පාසලේදීම ඔවුනට දැනුමක් ලබාදීමෙන් යම් ප්‍රතිපලයක් ලබගතහැකිය.