
(බිමල් ශ්‍යමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 58 වැනි කිලෝමීටරය අසල හෙවත් ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී අද (15) රාත්‍රීයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවෙගී රථවාහන පොලිසිය කියයි.
ආපදාවකට ලක්ව තිබූ කුඩා ලොරි රථයක් අසල රැඳී සිටි පුද්ගලයින් මෙසේ අනතුරට පත්වූ බවද පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක සිටි පුද්ගලයින් ලොරි රථයක් ආපදාවට පත්ව තිබෙනු දැක ඇති අතර ඔවුන් සිය වාහනය නතර කර ලොරි රථයේ රියදුරාට උපකාර කිරීමට ඒ අසල රැඳී සිට ඇතැයිද පොලිසිය කියයි.
මේ අතර කොළඹ දෙසටම ධාවනය වෙමිත් තිබූ තවත් කැබ්රථයක් අධික වේගයෙන් පැමිණි නවතා තිබූ වෑන් රථයේ ගැටී තිබෙන අතර එම වෑන් රථය ඉදිරියට තල්ලු වී යාමෙන් ලොරිය අසල සිටි පුදස්ගලයින් අනතුරට පත්ව ඇති බවද පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි හෙට්ටිආරච්චිගේ සමීර පෙරේරා නමැත්තෙකි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ රියැදුරන් තිදෙනා ගාල්ල නාගොඩ රෝහලටත් කැබ් රථයේ ගමන්ගත් රියැදුරු සහ අනෙක් පුද්ගලයා ඇල්පිටිය රෝහලටත් ඇතුළත් කළ බව පොලිසිය කියයි.
නාගොඩ රෝහලට ඇතුළත් කර සිටි රියැදුරන් තිදෙනාගෙන් එක් අයකු මද වේලාවකට පසු මියගිය බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රටවල අධිවේගී මාර්ගයේ වාහනයක් කැඩිලා හරි නවත්වලා තියෙනවානම් ළඟ ලේන් එකේ යන්නේ නැතුව යන පුරුද්දක් තියෙනවා.
අධිවේගයේ යන අය හිතාගෙන ඉන්නෙ අධිවේගයේම යන්න පුලුවන් කියල. වාහනය පාලනය කරගන්න රියදුරු අසමත්වීමෙන් බලන්න කීදෙනෙක් අමාරුවෙ වැටුනද කියලා.
වාහන ආපදාවකදී අනතුරු හඟවන සලකුණක් සෑම රථයකම තිබිය යුතුය. ආපදා ලාම්පු දල්වා තිබිය යුතුය.