(රේඛා තරංගනී ෆොන්සේකා)
ඉදිරි වර්ෂ වලදී සාමාන්‍ය පෙළ විෂයන් නවයෙහි වෙනස්කම් රාශියක් සමග විෂයන් 6ක් දක්වා අඩු කොට තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයයක් කොට දරුවන් පිට පටවා ඇති අනවශ්‍ය අධ්‍යාපන බර ඉවත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
මොරටුව වේල්ස් කුමර විදුහලේ අද(5) පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ලොව දියණුම අධ්‍යාපන ක්‍රමය පින්ලන්තයේ පවතින බවත් එහි පවතින්නේ ප්‍රායෝගික හා වෘත්තිය අධ්‍යාපන ක්‍රමය බවත් එම ක්‍රමවේදයට ප්‍රමුඛතාවය දෙමින් වෙනස් කරන්නට සැලසුම් කර ඇති නව අධ්‍යාපන රටාව අප රටේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන බවත් ඔහු පැවසීය.
එමෙන්ම පරිගණක යුගය සමග ගනුදෙනු කිරීමට ඉඩ ප්‍රස්තාව සලසාලමින් සෑම සිසු සිසුවියකටම ලැප් ටොප් පරිගණකද ගුරුවරුන්ට ටැබ්ද ලබා දෙන්නට කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
අපිට නම්, සිංහලයි, ඉතිහාසයයි, බුද්ධාගමයි ඉගෙන ගත්තොත් ඒ හොඳටම ඇති. ඔය තුන තියනවා නම්, ජාත්‍යන්තරේ අපිව මල් මාල දාලයි පිලි ගන්නේ.
ළමයින්ගේ "බර" මෙතෙක් බලයට ආ හැම රජයක් විසින්ම අඩුකර තිබෙනවා. සමහර පළාත්වල එය මන්දපෝෂණය දක්වා වර්ධනය වී තිබෙනවා. රජයක් විසින් අනිවාර්යෙන්ම කළ යුතුව ඇත්තේ දරුවන්ගේ දෙමව්පියන් විසින් දරන ජීවන බර අඩු කිරීමයි. වෙනත් වචනවලින් කියනවා නම්, ආණ්ඩු විසින් කර ඇත්තේ ජනතාවගේ ජීවන බර වැඩිකර ඒ තුලින් දරුවන්ගේ කායික බර කෙමෙන් පහත දමා තිබීමයි. මුසාවාද වලින් වැඩි හිටියන් රැවටීම තව දුරටත් කළ නොහැකි නිසා, පාසැල් සිසුන්ට නොමිලයේ ලැප්ටොප් ලබා දෙන්නත් ශිෂ්‍යයන් ගේ ගුරුවරුන්ට ටැබ්ලට් ලබා දෙන්නත් කරන කතා මිනිසුන් විසින් නොව යුගය විසින් ප්‍රතික්ෂේප කරන කාලය එළඹ ඇත.
ඉතාමත් හොඳ අදහසක්. එත් ඒකටත් විරෝධය පාන කට්ටියක් නැත්නම් තමයි පුදුමේ.
බොරුවට ලැප්ටොප්, ටැබ්ලට් දෙන්න කළියෙන් ඔයක්‍රමය වෙනස් කරන්න. පාසල් වල වැසිකිලියක් හදාගන්න යන්නෙ ඔය භාණ්ඩ 2,3 ක මුදල උනාට ඒක කරගන්න මුදල් නැහැ. එහෙව් එකේ ලැප්‍ටොප් දෙන බව කියා මිනිසුන් මුලාකරන්න අවශ්‍ය නැහැ. ෆින්ලන්ත අධ්‍යාපනය ආදර්ශයට ගන්නවනම් මුල් අවුරුදු වල දරුවන්ට හැදියාව, පිරිසිදුකම, අන්‍යයන්‍ය ගරු කිරීම (බිම පෙරලී වඳින්න නොව), තම ආරක්ශාව සලසා ගැනීම වැනි දේ උගන්වන්න. ෆින්ලන්තයේ අධ්‍යාපනයේ ඇති ලෙස අනවශ්‍ය තරඟය නැතින්කරන්න. ඔය සැම දෙයකටම ජනතාවගේ සමෘධිමත්භාවයද බලපානු ඇත, එබැවින් ආර්ථික දියුණුවද අත්‍යාවශ්‍යය. සියල්ලටම පෙර ගුරුවරුන් ගතානුගතික අධ්‍යාපන රටාවෙන් වෙන් කිරීමට වැඩසටහනක් ක්‍රීයාත්මක කරන්න. ආගම වැනි අනවශ්‍යය විශයයන් (අවශ්‍යමනම්) අවුරුදු 5,6 කට පසුව ආරම්භ කර ඒ වෙනුවෙන් සෞන්ධර්‍ය, ක්‍රීඩා වලට මුල්තැන ලබාදෙන්න. පුස්තකාල සංවර්ධනය කර යහපත් පොත පත පරිශීලනය කිරීමට අවස්ථාව, පුස්තකාල කළමනාකරණය සිසුන්ට පැවරීම වැනි දේ ආරම්භ කරන්න. යහපත් සමබර සමාජයක ආරම්භයකට හොඳ මූලාරම්භයක් වේවි.
අනේ මෙහෙම වැඩ. අපිත් 1988 වැඩ 6 යේ ඔ ලෙවෙල් කරා. අවුරුද්දයි පින්ලන්තේ වැඩ 6 විතරක් නෙමේ. මොලේ තියෙන දේශපාලකයොත් ඉන්නව. එකයි වෙනස.
අධ්‍යාපනයත් ඉවර කරන්න වගේ ඒ පාර සැරසෙන්නේ.
ඇමැතිතුමනි, විභාගේ බර අඩු කිරීමට අර පාර්ලිමේන්තුව මගින් බලගන්වලා දුන්නා නම් ඉවරයිනේ... සියල්ලම ඉහළින් සමත් වෙනවා.
අපිටනම් දොස්තර මහත්තයගේ බෙහෙත් තුණ්ඩුව කියවලා තේරුම් ගන්න තිබුණොත් ඇති. නැතිනම් ෆාමසිවල දෙන බෙහෙත් හරිද කියලා බලාගන්න බැහැනේ..
ඔතන ට ආපු හුඟදෙනෙක් කලේ ඒකමයි. රටේ ළමයින්ගේ ඉංග්‍රීසි කප්පාදු කරලා තමන්ගේ ළමයි පිටරට යැව්වා... මෙහෙ ළමයි නාකිවෙවී ඉස්කෝලේ යැව්වා. ළමයින්ගේ විභාගවල කඩයිම් වැඩිකළා... පාඩම් අප්ඩේට් වුණේ හරි අඩුවෙන්... අනවශ්‍ය දේවල් පාඩම් වල වැඩි කලා.. මේ ඇමැතිතුමා නම් වැඩක් කරන්න හදන්නේ... හොඳදේටත් දේශපාලනේ නිසා කෑගහන අය තමයි වැඩි..