IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


අධ්‍යක්ෂවරුන් නැතිව නාමල්ගේ නඩුව විභාගයට ගනී

මනෝප්‍රිය ගුණසේකර 
 
හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් මුදලක් උපයා ගත් බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලැබ සිටින ගවර්ස් කෝපරේෂන් සමාගමේ    අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු  නොමැතිව   නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද  (18) තීරණය  කළේය.
 
ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඉන්දික ප්‍රභාත් කරුණාජීව මහතා සහ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මහත්මිය අධිකරණයට ඉදිරිපත් නොවී විදේශගතව සැඟවී සිටින බවට අධිකරණයට ඉදිරිපත් වු සාක්කි සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
 
2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙන්ත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  එකොළහක්  යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
 
එලෙස හෙළි නොකරන ආකාරයකින් හා අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් ‘හෙලෝ කෝප්‘ ආයතනය මිලදී ගෙන ඇති බවටද නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.



අදහස් (11)

අධ්‍යක්ෂවරුන් නැතිව නාමල්ගේ නඩුව විභාගයට ගනී

Ruwan Monday, 18 September 2017 12:16 PM

අපි හිතනවා මෙතුමා මුදල් උපයාගත් ආකාරය අවංකවම ප්‍රකාශ කර තමන්ගේ නම පිරිසිදු කර ගනීවි කියලා.

:       333       244

sudesMonday, 18 September 2017 12:44 PM

රුවන් දවල් හීන දකිනවද? හොරකම් කළ කෙනා තමයි එකේ රස දන්නේ. මෙයා විතරක් නෙවේ මේ ගොල්ලන්ගේ සේරම අය සුපිරියටම අපේ බදු සල්ලිවලින් ජොලි කරපු අය. එ්කනේ අන්තිමට සල්මන් ඛාන්වත් ගෙනල්ලා දිනන්න බැරි වුණේ. අනිත් යටත් එච්චර තමයි. අපි බලාගෙන ඉන්නේ බැඳුම්කර නඩුවට මොකද වෙන්නේ කියලා. ඒ වගේම මේ දවස්වල මධ්‍යම අධිවේගී මාර්ගයෙනුත් සුපිරියටම කට්ටිය ගහන්න හදන්නේ. මේ සේරම මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ.

:       136       692

චන්දිමMonday, 18 September 2017 01:52 PM

හරියට හරි! නිල්, කොළ, රතු.. ඔය කවුරු ආවත් අපි හැමදාමත් පැරදුණු ජාතියක්! සිංගප්පූරුවේ ලීක්වාන් යූ මහතාටත් නොලැබුණු අනගි අවස්ථාවක් ලැබුනේ අපිට 2015 දී.. ඒත්.. ඒ වටිනා අවස්ථාව අපිට ගිලිහී ගියා. අපේ රට හදන්න කාටවත් ඕනෑ නැහැ. පත්වෙන හැමෝම තමන්ගේ බඩ වඩාගෙන පරම්පරා 60කට විතර හම්බ කරගන්නවා. අහිංසක ජනතාවට කන්න නැහැ! බොන්න නැහැ! හිඟා නොකා හිඟා කනවා!

:       0       546

maheeTuesday, 19 September 2017 02:41 AM

සුදේශ්, ඔබ හරි. නිකමවත් හිතෙනවද, මේ දෙගොල්ලම කිසි බයක් නැතුව, ලැජ්ජාවක් නැතුව මහජන මුදල් බිලියන ගණනින් ගසා කන්නේ කොහොමද කියල? කොච්චර හොරකම් කෙරුවත් ඒක හොරකමක් හැටියට දකින්න අපේ බොහෝ චන්දදායකයෝ අකමැති හින්දයි. හොරාට හොරා කියන්න බය, තමන්ගේ පක්ෂේ නම් කොහොමවත් හොරු නොදකින, කැපුවත් ලේ අහවල් පාටයි කියන බුද්ධිමතුන් ඉන්න නිසා හොර තක්කඩි රැල දන්නවා හොරකමත් වීරකමක් කියල ඔප්පුකරලම පෙන්වන්න පුළුවන් බව. පේන්නෙ නැද්ද, රටේ ලොකුම වංචාව කරලත් තමන් නිරපරාදේ වරදකරු කරන ලද ජාතික වීරයෙක් හැටියට හුවා දක්වමින් ප්‍රකාශ නිකුත් කරන ලස්සන.

:       0       66

husen-riyad Monday, 18 September 2017 01:23 PM

අධ්‍යක්ෂක ඩබලත් ලංකාවට නෑවිත් හැංගී ඉන්නේ වැරැද්දක් කරපු නිසානේ..? අපේ හාමුදුරුවනේ කියලා කටපුරා කියන්නෙත්, පිණ්ඩ පාතේ යන්නත් ඒකටම කියලා ඉන්න නිසානේ..? ඉතින් ඕනෑම ජරා වැඩක් කරන්න පුළුවන්නේ..? නඩුවක්වත් ගත්තේ නැහැ කියලා ආණ්ඩුවට දෝස්මුරේ දාන එක වළක්වන්නයි ඔය මාධ්‍ය සංදර්ශන යන්නේ.

:       81       324

ජගත් ලියනගේ Monday, 18 September 2017 02:14 PM

අපි ඉතාමත් ඕන කමකින් ඔය නඩුව දිහා බලාගෙන ඉන්නවා.

:       1       213

siri Monday, 18 September 2017 04:07 PM

පාත්තර ටික ආයෙත් සැරයක් ලෑස්තිකරගන්න වෙයි වගේ....

:       27       311

upaliTuesday, 19 September 2017 02:46 AM

සිරි, එච්චර ගාන ලොකු නැහැනේ. ඒ හින්ද ඔය බෙන්ස් කාර් එකකින් වැඩම කරලා වුනත් ගාන හොයා ගන්න පුළුවන් වෙයි.

:       41       53

K Perera Monday, 18 September 2017 06:39 PM

දුප්පත් අසරණ ජනතාවගෙන් හොරකපු මුදල් නේද මේ? නැතුව මෙයාගේ පඩියෙන් හෝ බුදලයෙන් ලැබුන ඒවා නෙවේනේ , උපරිම දඩුවමක් දෙන්න ලැබෙන්න ඕනේ.

:       3       359

dias Tuesday, 19 September 2017 02:29 AM

සියලුම හොරුන්ට දඬුවම් ඕනා දීම මගේ පැතුමයි. කෙසේ වෙතෙත් දැන් යම් තරමකට නඩු විසෙදෙන බව පේනවා.

:       0       121

Rohan Tuesday, 19 September 2017 06:10 AM

මේ රුපියල් මිලියන 30 නම් නාමල්ට සිල්ලර මුදල්.මොකද බේබි අවබාවිත කරලා තියෙන අනික් මුදල් නඩු ප්‍රකෝටි ගනම්.විජේදාසව අයින් කලට පස්සේ කෙසේ වෙතෙත් දැන් යම් තරමකට නඩු විසෙදෙන බව පේනවා.යහපාලනයට ජයවේව.

:       168       1067

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බ්‍රිතාන්‍යය ඉන්දියාව යටත් කරගෙන ඩොලර් බිලියන 64820ක් කොල්ල කාලා
2025 ජනවාරි මස 21 144 0

ඉන්දියාව එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව පැවැති 1765 - 1900 කාලය අතරතුරදී ඇමෙරිකානු ඩොලර් බිලියන 64820 ක මුදලක් එක්සත් රාජධානිය ඉන්දියාවෙන් කොල්ල කා ඇතැයි ඔක


දේව ප්‍රතිමා ඉස්සූ හිටපු සෙබලා ඇතුළු දෙකක් මාට්ටු
2025 ජනවාරි මස 21 97 0

පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ බව කියන හිටපු හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


ඇමෙරිකාවේ ඉවත්වීම ගැන WHO නිවේදනයක්
2025 ජනවාරි මස 21 457 0

ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කර


රතු වී ගැන හම්බන්තොට මැසිවිලි
2025 ජනවාරි මස 21 219 0

2024 මහ කන්නයේ වි අස්වනු නෙළිම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සුළු වශයෙන් ආරම්භ වුවත් රජය තවමත් සහල් සඳහා මිලක් නියම කර නැතැයි ගොවීහු පවසති. එ


මාතර සහල් මඟඩියක් අල්ලයි
2025 ජනවාරි මස 21 168 0

දේශීය සහ ආනයනය කරන ලද කැකුළු සහල් පාලන මිල අභිබවා වැඩි මිලට අලෙවි කළ මාතර ව්‍යාපාරික ස්ථාන 23ක් වැටලූ බව පාරිභෝගික අධිකාරිය පවසයි .


උද්ධමනය සෘණ 2.0 ක් දක්වා අඩුවෙයි
2025 ජනවාරි මස 21 69 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය දෙසැම්බර් මාස සියයට සෘණ 2.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද ((21) නිවේදනය කළ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 432 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 619 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 338 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site