(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිසා අධිකරණය තුල අද (02) දින කෙහෙවලු පටලවා ගනිමින් ගුටි බැට හුවමාරු කරගත් කාන්තාවන් දෙදෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මැදවච්චිය සහ කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි ටි.බි.ලිලා නන්දනි (35) සහ අයිරාගනි තිලකා (33) යන විවාහක කාන්තාවන් දෙදෙනෙකි.
නඩුවකට පෙනි සිටිමට පැමිණි මෙම කාන්තාවන් දෙදෙනා දිසා අධිකරණය තුල ගුටිබැට හුවමාරු කිරිමේ හේතුවෙන් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත කොට තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සුළු දෙයක්නේ! "ගුස්ති" ක්‍රීඩාවේ ප්‍රදර්ශන සංදර්ශනයක්ද දන්නේ නැහැ.
අන්න කාන්තා නියෝජනයට ගැළපෙන දෙන්නෙක්...