(නාලක සංජීව දහනායක / ඡායාරූප - ඉෂාන් සංජීව)
අනිද්දා පාර්ලිමේන්තුවේ දී විවාද කිරීමට නියමිත අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනතට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(3) ත්‍රිකුණාමලයේ දී පැවසීය.
"වැඩ බැරි ආණ්ඩුව පලවා හරිමු" මැයෙන් ඒකාබද්ධ විපක්ෂය අද ත්‍රිකුණාමල නගරයේ සංවිධානය කළ ජනරැලියක් අමතමින් රාජපක්ෂ මහතා එසේ කීවේය.
‘විදේශයන්ට අවශ්‍ය ආකාරයට නඩු අහලා ත්‍රස්තවාදය නිම කිරීමට නායකත්වය දුන් රණවිරුවන්, දේශපාලන නායකයන් ඒ රටවලට පාවා දෙන්න ආණ්ඩුව පනතක් ගේනවා. ඒකාබද්ධ විපක්ෂය ඒ පනතට විරුද්ධයි. අද රටට නායකයෝ ගොඩයි. ආණ්ඩුවේ ඉන්න ඔක්කොම අය නායකයන් වෙන්න යන නිසා රටේ හැමතැනම ප්‍රශ්න. කැබිනට් ප්‍රකාශකවරු තුන්දෙනයි. ඒ තුන්දෙනා මත තුනක් කියනවා. ඒ නිසා ඇත්තටම රජයේ මතය මොකක්ද කියන්න අපි දන්නේ නැහැ. මේ ආණ්ඩුවට ප්‍රතිපත්ති ගොඩයි. අගමැතිවරයාගේ හා ජනපතිවරයාගේ ප්‍රතිපත්ති එකකට එකක් ගැලපෙන්නේ නැහැ. දෙන්නා දෙපැත්තට අදිනවා. ඒක එළ හරකයි මීහරකයි එකට බැඳලා හානවා වගේ වැඩක්‘ යැයි ද හිටපු ජනපති රැලිය අමතමින් පැවසීය.
ජනරැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා දේශපාලන නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.


COMMENTS
එ්කට තමයි මහත්තයෝ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ... නැත්තම් කලින් වගේ ඒකාධිපති පාලනය හරිද?
එහෙම නම් ආයෙත් සැරයක් කුඹුරකට හරකෙක් දාලා හාන්නද වෙන්නේ?
ඒක තමයි තාත්තාගෙන් පුතාට යන්න තිබූ දේ වෙන හේතුවකින් වැලකී ගියා....
ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ නොවුන පනතක් තවම පාර්ලිමේන්තුවේ විවාදවී තියෙනවද කියල කියා තිබේද ? නමුත් මේ අයගේ ඒකායන සිහිනයවී තිබෙන්නේ යලිත් රටේ පාලනයට පැමිණ පැරණි ව්‍යාපාර යලිත් වැඩි දියුණු කරගැනීම බව නොදන්නා කෙනෙක් මෙරටේ තවම ඉපදිලා නැහැ.
කතාව ඇත්ත, අද දේශපාලනය කරන ඕනෑම කෙනෙකුට නායකත්වය ගැන බලාපොරුත්තු තියාගන්න පුළුවන්, ඔබතුමාගේ කාලේ වගේ පවුලේ අයට පමණක් නායකත්වය නැති නිසා, එසේ නොකළානම් අපේ රටත් උතුරු කොරියාවක් වගේ තියේවි... !!!
නිදහස් මත දරන සමාජිකයන් රජයක් හා පක්ෂයක් තුල සිටිය යුතයි.වරක් එක්තරා පක්ෂයක තරුණ ප්‍රගතිශිල තරුණ මන්ත්‍රී කෙනෙක්,මහජනයා වෙනුවෙන් ඉදිරියට පැමිණ නායකත්වය ගෙන ජනාදිපති පදවිය කරා දේශපාලන ගමනක යෙදුනා.ඔහුගේ නම, මහින්ද රාජපක්ෂ.
ඇත්ත කතාව. එදා කෑවේ ටික දෙනයි නේ.
අද ජනතාවට වෙලා තියන්නේ හොටු ගෑණිද කැහි ගෑණිද තෝරා ගන්නේ කියලයී !!!! වැඩ බැරි ආණ්ඩුවද හොර බොරු ආණ්ඩුවද හොද?? එහෙම නැත්නම් මුන් දෙගොල්ලොම පන්නලා දාල ස්වාදීන වෙනත් බලවේගයක්ද ???
ඕක තමයි ප්‍රජතන්ත්‍රවාදය කියන්නෙ. ඒක ඔය පවුලට ගැලපෙන්නෙ නෑ. ඔගොල්ලන්ට ඕන අයියල, මල්ලිල, පුත්තුලාගෙ පාලනයනෙ.
දෙමල හෝ මුස්ලිම් නායකයෙක් අපේ රටේ නායකයා උනා නම් අද මේ රට මෙහෙම වෙන්නේ නැහැ. "සිංහලයා මෝඩයා" කියන සංකල්පය අපේ රටේ නායකයින් මොනවට ඔප්පු කළා. මෝඩකමයි තක්කඩි කමයි එකට එකතු වුනාම මේ වගේ නායකයෝ ඉන්න රටක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති. තමුන් විසින් විනාශ වෙන ජාතිය තමයි මේ ?
අද රටට නායකයෝ ගොඩයි නොවෙයි ඉන්න නායකයන් කරන වැඩක් නැති කමයි ප්‍රශ්නේ.
අද රටට නායකයෝ ගොඩයි. එවුනට රටට ජාතියට සැබෑවටම ආදරය කරන අවංක නායකයෙක් බෙහෙතකටවත් හොයා ගන්න නැහැ.
රටේ නායකයන් ගොඩයි, නමුත් රට නිසි මගට ගෙන සංවර්ධනය කරා ගෙන යන්න කිසිම නායකයෙක් නෑ. දුර දැක්මක් තියන, රටට ජනතාවට ආදරයක් ඇති, පවතින ගැටළු අර්බුද වලට සාර්ථක පිළිතුරු සෙවිය හැකි නායකයෙක් ආණ්ඩුවේ ඉන්නවද?
වැඩ බැරි ආණ්ඩුව කියලා කිව්වේ ඔබලාගේ පවුලට සම්බන්ධ දහසකුත් එකක් මුල්‍ය සහ අපරාධ නඩු සම්බන්ධයෙන් මොකුත් වෙලා නැති එකනේ. අපිත් ඒ ගැන නම් බොහොම කලකිරීමෙන් තමයි ඉන්නේ. ජ.වි.පෙ.ට රට බාර ගන්න කියමුද?
අායෙමත් එන්නද මේ හදන්නේ?
කොතරම් නායකයෝ ඇති වුණත් ඔබතුමන්ලාට නම් ආයෙමත් නායකකමට එන්න බැරිවෙයි.
මේ කියන ඒවා ගණන් ගන්න හොඳ නෑ. දැන් ටිකක් අමුතුයි වගේ, තමන් කරපුවාම කියවනවා.... නේද?
එක ඇත්ත එදා උන්නේ අලි බබයි හොරු 225 නේ
අනේ මහින්ද මහත්තයෝ ඔයා කරලා ඉවරිනේ. දැන්වත් පොඩ්ඩක් පැත්තකට වෙලා පාඩුවේ ඉන්නකෝ. ඔයා කරපු හොද නරක දේවල් ගොඩක් තිබුනා. දැන් ඇති මහත්තයෝ රෙස්ට් කරන්න. ඔයා හම්බ කලා ඇති නේද මහත්තයෝ. සල්ලි වලට කරන්න දෙයක් නැතිව ඉදගෙනත් මිනිස්සු රවට්ටනවා තවත්. පව් අහිංසක මහජනතාව. ලෙඩ හැදිලා මැරෙනවා. ඔයාලට පොඩි දෙයක් හදුනා ගමන් පිටරට පවුල්පිටින්. ei අපිට වගේ ලංකාවේ දොස්තරලා හරියන්නේ නැද්ද ඔයාලට? මම මේක කියන්නේ මහින්ද මහත්තයෝ ඔයාට විතරක් නෙවෙඉ. මහජනත්වගේ සල්ලි නාස්ති කරන සැප විදින ඔක්කොම දේසපාලනය කරන මහත්වරුන්ට, තැන්ක්ස්
අන්න එකටත් එක්ක එදා. තාත්තයි, නෝනයි, දරුවෝ ටිකයි, සහෝදර පිරිසයි. එච්චරයි. හැබැයි ඊට අතිරේකව හෙන්චයියොත් හිටිය.
එහෙනම් ඔබතුමා ඇවිත් ඒකාධිපති පාලනයක් පටන්ගන්න. එතකොට ඔක්කොම හරියාවි..!!!