ඩයනා උදයංගනී
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ අද දිනයේදී රළු විය හැකි බැවින් අද (8) දින ධීවර හා නාවුක කටයුතුවලදී අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
එම මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර. 70-80 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි.
ගිනි කොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට සුළි සුළඟක් දක්වා වර්ධනය වී කොළඹ සිට කිලෝමීටර 2000 ක් පමණ දුරින් පවතින බව සඳහන් වේ.
මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරි පැය 24 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන අතර බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත.
එබැවින් අරාබි මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකි සිටින ලෙස දැනුම් දී තිබෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අදත් මුහුද රළු වෙයි