IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අගමැති හෙට වියට්නාමයට


 
 
(අංජුල මහික වීරරත්න)
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා හෙට(10) පෙරවරුවේ වියට්නාමය බලා පිටත්වීමට නියමිතය.


ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සහභාගී වෙයි.


ආසියාන් සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින් ගණනාවක් හැනොයි සමුළුවට සහභාගී වීමට නියමිතය. 


කලාපීය අනාගත ආර්ථික පූරෝකථන, ප්‍රවණතා සහ අභියෝග පිළිබඳව සමුළුවේ දී අවධානය යොමු කරනු ඇත. 


සමුළුවේ ආරම්භක සැසිවාරයේ දී වියට්නාම් අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක්  මහතා පිළිගැනීමේ කතාව පවත්වන අතර, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන් සහ චීන උප අග්‍රාමාත්‍ය හූ චුන්හ්වා මහත්වරුන් අදහස් දැක්වීමට නියමිතය. 


ආසියන් රටවල නායකයින්ගේ සාකච්ඡා මණ්ඩපයක් ද එහිදී පැවැත්වෙනු ඇත.


සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද සහභාගී වෙති. 



අදහස් (0)

අගමැති හෙට වියට්නාමයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site