( කේ ඩී දේවප්‍රිය )

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දහවල්  (20) රුහුණු මහා කතරගම දේවාලය වැඳපුදා ගෙන බාරහාර වීම පිණිස පැමිණියේය.
 
කතරගමට පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් කිරිවෙහෙර විහාරස්ථානයට පැමිණ කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක ආශීර්වාදය ලබා ගෙන අනතුරුව කිරිවෙහෙර සෑරදුන් වෙත පැමිණ  ආගමික වතාවත් හි  නිරතවිය.

ආගමික වැඩ සටහන් අවසන් වීමෙන් පසුව රුහුණු මාග ම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රි අභිනවාරාම විහාරස්ථානාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණ තිස්සහිමියන් බැහැ දැක විහාරස්ථානයේ දී ද ආගමික වතාවත් තුළ නිතරවිය.
 
මෙම අවස්ථාව සදහා හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  රුහුණු මහා කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන යන මහතුන් ද එක් වී සිටියහ.