(ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඒකාබද්‍ධ විපක්‍ෂය විසින් අද (21) කතානායකවරයාට බාර දෙනු ලැබීය.
කතානායක නිල කාමරයේ දී බාර දුන් එම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව ආණ්ඩු පක්ෂයේ හතර දෙනකු ද අත්සන් තබා තිබේ. රාජ්‍ය ඇමැති ටී බී ඒකනායක, නියෝජ්‍ය ඇමැතිවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ සහ මන්ත්‍රී කාදර් මස්තාන් ඔවුහුය.
COMMENTS
ඒකාබද්ධ විපක්ෂය ආයෙත් වරක් පස්ස බිම ඇන ගන්න සූදානම් වෙනවා වගෙයි! අනේ ඇත්තට මොනවද අගමැතිතුමා කරපු වැරදි? ඉස්සර අපේ පැරැණ්නන් මේවගේ දේවල්වලට කිව්වේ "හොට බිම ඇන ගන්නවා" වගේ කියලයි.... දැන් ඒකත් වෙනස් වෙලා...
පාර්ලිමේන්තුවේ උතුම් කාලය නාස්තිකරන තවත් වැඩකට නැති වැඩක්...
ඉතාමත් හොඳ තීරණයක්...!!! පක්ෂය ආගාධයට දැමුවා නම්... බල පෙරේත කමේ එල්ලී සිටින්නේ නැතිව දැන්වත් ගෙදර යනවා නම් කොච්චර එකක්ද....? සජිත් ප්‍රේමදාස මහතාට දීලා.... දැන්වත් පව් නොදී ගෙදර යන්න.
රනිල් වෙනුවෙන් කරන උපහාරය සහ ඔහු මීළඟ ජනපති කරන පොහොට්ටු සැලැස්ම ඇරඹේ. පොහොට්ටුව රනිල්ට වඩා කැමතියි. විශ්වාස භංග පරදින බව දැන, එලෙසම කරයි.
මේකෙන් රනිල් පැරදිලා ගෙදර යනවා වෙනුවට මහ බැංකුව හොරා කාපු එකට වැලිකඩ අරන් ගිහින් ජම්පරේ අන්දවලා කූඩුවේ කුරු ගනිනවා දකින්න ආස මම විතරද?
ඵල ඇති රුකට ගල් ගහනවාලු
මේ වැඩෙන් පොහොට්ටුව පරාජය වෙනවා. මේක දිනන්ට නම් පොහොට්ටුවේ කට්ටිය එජාප එකේ කට්ටියට අවබෝධ කරන්නට ඕනේ.. මේක රනිල්ව ඉවත් කරන්ට මිසක් ආණ්ඩුව පෙරළන්ට කරන වැඩක් නෙමෙයි කියලා. එසේම බහුතරයක් ඉන්න එජාපයට ඉඩ දෙන්න ඕනේ.. තමුන්ට කැමති කෙනෙක් අගමැති කරගෙන ඉදිරි අවුරුදු එකහමාර ආණ්ඩුව කරගෙන යන්නට. එහෙම කළොත් විශ්වාසභංගය අනිවාර්යයෙන් දිනනවා.
සේන, ගල් ගහලා බේරෙන්න පුළුවන්ද?
මේ විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම පරාජය වෙනවා එතකොට අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ හා පක්ෂය තුළ තම බලය තහවුරු කරගන්නවා විතරක් නොව ජනාධිපතිවරයා පවා තම අනසකට නතුකර ගැනීමට හැකි වාතාවරණයක් ඇතිවෙන අතර එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම විශ්වාස භංගයක් ගෙන ඒමට පෙර ඒකාබද්ධය විශ්වාස භංගයක් ගෙන ඒමේ දේශපාලන අරමුණ වන්නේම රනිල් ආරක්ෂා කිරීම වන අතර ඊළඟ මහමැතිවරණයේදී රනිල්ගේ නායකත්වයකින් යුත් එ.ජා.ප.ආණ්ඩුවක් පහසුවෙන් පරාජය කිරිමට හැකි බවට ඒකාබද්ධයේ විශ්වාසය වගේම දේශපාලන යතාර්ථයද වේ. (එ.ජා.ප.ය තුළින් ගෙනඑන විශ්වාස භංගයකදී රනිල් පරාජය වුවහොත් පක්ෂ නායකත්වය අහිමි වීම මගින් වඩාත් ශක්තිමත් නායකත්වයක් එ.ජා.ප.ය තුළ බිහිවීමේ අවධානම තුළ)
තේරුමක් නැති කතා කියා අගමැති කම බාල්දු කළනිසා දැන් අගමැතිකම අතහරින එක හොඳයි පොදු මහජනයා මෝඩයන් හැටියට සිතා කියන බොළඳ කතා නිසා තමයි මේ සියලුම ගැටළු
මෙය මෛත්‍රිගේ ගුණ්ඩුවක් මහින්ද ගිල ඇති බව පෙනේ...
හුරේ....."අම්බරුවන්ගේ තවත් සුන්දර දර්ශන" පෙළක් ශ්‍රී ලංකාවාසීන්ට නොමිලේ දැකගැනීමට හැකිවෙනු ඇත. සියල්ලෝම දියවන්නාඔය මඩවගුරට පැමිණෙත්වා..
පොහොට්ටුව රනිල්ට ප්‍රසිද්ධියක් දෙන්නේ ඇයි? මෝඩ වැඩ...
රජයේ රු. 10000/= පඩි වැඩි කළාම පෙදරේරුවන්, වඩුවන් ගේ දිනක වැටුප රු. 2500/= කුලී කරුවන් රු. 1800. බිල්ඩින් හැදීමට ඕන තරම් රැකියා ඇත. රාජිත ගේ බෙහෙත් මිල අඩු කිරීම (නුතන සේනක බිබිලේ), ලේ බලන අඩු මිල, පහසු පාසල් රෙදි කුපන් ක්‍රමය, සිසුන්ට නාටාමි පොත් පිටේ දමාගෙන යනු වෙනුවට ඉදිරියේදී ටැබ්, පසුගිය කාලයේ සෙලින්කෝ වසා ඉතිරි කරපු මුදල් ගසාගෙන කන ක්‍රමයට තිත, පාර්ලිමේන්තුවේ කෝප් නායක ලෙස ජවිපෙ පත් කර මහා බැංකු හොර හෙළි කිරීම, සුදු වෑන් ක්‍රම වෙනුවට නිදහස දීම, රජතුමා ගත් ණය ගෙවීම, කලිසම් ඇද කොට් දමා ස්මාර්ට් වීම, ... තව බොහෝ ඇත.
දැක්කා හීනයක් මම ජනපති වෙනවා... කෙරුවා ඇතිපදම් වැඩ නිරත වෙලා... දැනම් තේරුනා වැඩ යහමින් අවුල් බව ......
සමහරු කියනවා ආණ්ඩු පක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් අගමැතිට විරුද්ධව ගෙන එන විස්වාසභංගයට අත්සන්කර ඇතිනිසා එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිට විරුද්දව දෝශාභීයෝගයක් ගෙනායුතුය කියා. මේ යෝජනා රටට ආදරයට ගෙනෙන යෝජනානම් නොවේ. බල තණ්හාවට ගෙනෙන යෝජනා. එන්න සිටින අයෝජකයන් පසු බසිනවා. කාටද පාඩුව? ජනතාවට නොවේද?
රනිල් මහතාට පුදුම බයක් තියෙන්නේ.. මේ ඒකාබද්ධයට 2020 වනවිට රටේ ජනතාව නිසි පිළිතුරු දෙනවා. 08.01.2015 සිට රට කරන්න දෙන්න නැහැ... නොම්මර එකේ පින්පඩි කාරයින් රටට කරපු වැඩක් නම් නැහැ.
30 වාරයක් පැරදිලා මහජන අප්‍රසාදය පලවෙච්ච අය පාර්ලිමේන්තුවේ ඉන්න හදන්නේ ජනතාවට ආදරේටද ???
අගමැතිතුමා කරපු ලොකුම වැරැද්ද උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේදී මහබැංකු හොරකම කරපු අර්ජුන් මහතා පිළිබද වගකීම ඔහු බාරගැනීමයි! එම වගකීම අමු අමුවේ උල්ලංඝනය වූ පසු ඔහුට එම තනතුරේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැහැ! විශ්වාස භංගයක් ගෙන ඒමට පෙර ඔහු මහත්මයකු ලෙස එම වගකීම බාරගෙන අයින්විය යුතුයි!
" අගමැති රනිල් විශ්වාසභංගයට නොමැත බය. භංගය ගෙනෙන අය භංගය නොමැත ජය. පෙර කළ දේ සඟවා නැවත ජය. ගන්නට පොර බදයි නැසුමට රටද දැය..."
අගමැතිතුමාට විස්වාස බංග ගේන අය අතර චෝදනා තිබෙන අයත් ඉන්නවා නේද ? එතකොට මෙවැනි අයට මෙවැනි දෙයක් ගේන්න සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද ?
"අගමැති රනිල් භංගයකට නොමැත බය.භංගය ගෙනෙන අය භංගය නොමැත ජය.පෙර කළ දේද සඟවාගෙන නැවත ජය.ගන්නට පොර බදයි නැසුමට රටද දැය."
මේවා මේ රටට විහිළු සපයන ඩ්‍රාමා. ඔක්කොම එකතු වෙලා රටේ මිනිස්සු රවට්ටනවා.. කවද්ද දෙයියනේ අපේ රට සහ මිනිස්සු ගොඩ එන්නේ.
අහම්බෙන් ලැබුණු නායකත්වයට තියෙන්නේ පුදුම කෑදර කමක්. අගමැති කමත් එහෙමමයි . හිටපු ජාතික නායකයෝ ඇතුලත්මුදලි, ගාමිණී, ප්‍රේමදාස අකාලයේ ඝාතනය වුන නිසා මෙයාට තැනක් ආවේ.
බයවෙන්ද එපා. එය මොනවත් කරන්නේ නැහැ. විස්වාසවන්ත නිසානේ ඔතනට දැම්මේ.
පව් අනේ. එදා Mr . ක්ලීන් අද බැංකු ක්ලීන් .
ඔබතුමා සම්පුර්ණ ඇත්ත කියලා තියෙන්නේ. ඔබතුමා කිව්වා දේට අකමැති අයගේ නායකයාත් අත්සන් කරලා නෑ. විහිළුවක් නේද ???
කරුණාකරලා රනිල් මහත්තයෝ ඕක කරගන්න කෙනෙකුට දීල යන්නකෝ ගෙදර , මොන එහෙකටද තවත් ඔ්කේ රිංගල ඉන්නේ. ඔයා හෙන වාතයක් වුනන්නේ , අයියෝ පක්ෂයත් ඉවරයි රටත් ඉවරයි , පොඩ්ඩක් හිතන්නකෝ අනෙක් අයත් ගැනත් ඔබතුමානම් මර අපලයක්
මේ විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ පරාජය කරන්නට මහින්ද රනිල්ට පක්ෂව අනිවාර්යෙන්ම ඡන්දය දෙනවා.
මේ රුකේ පල තියෙනවද? දනනේ නැති නිසා ඇහුවේ ?
නිකන් මිනිස්සුන්ට කතා කර කර ඉන්න මාතෘකා සපයල අපේ කාලේ, රටේ ධනය දෙකම කල දානවා... පාර්ලිමේන්තුව වහල දාල, රටේ පාලනය පෞද්ගලික කොම්පැනියකට බදු දෙන්න පුළුවන් නම් හරි.
විස්වාස බන්ගයකින් ජනතාවට ඇති පලේ කිම? මේවා දෙසපලකයන්ගේ බල අරගලයන් මිස ජනතා ශුභ සිද්ධියට අබමල් රේණුවක තරම් වත් ප්‍රයෝජනයක් නැත . එකම දේසපාලන පක්ෂයකින්වත් රටේ සංවර්ධනයක් වී නැත .. ඒක පැහැදිලිවම පෙනෙනවා රුපියලේ අගය සීග්‍රයෙන් පහලටම වැටෙන විධියෙන් ...
මහින්ද දන්නව රනිල් හොරෙක් නොවන බව , ඒකනෙ අත්සන් කරලවත් නැත්තෙ.. මේක විමල් , දිනේෂ් වාගෙ හොර දෙටුවන්ගෙ උවමනාවට ගෙනාපු එකක්.
අර කාගම සිරිනන්ද හාමුදුරුවෝ කීවා වගේ 55 පන්පුඑවුන් එලවල දමන්න ඕනේ .
මේ විශ්වාස බන්ගයට රහස් චන්දයක් තිබ්බොත් , රනිල් පරදිනවා. ඒ නිසා මේ අය මේක විවාද කරන්නේ නැතිව කල් මරාවි. මහබැංකු මගඩිය වගේම සිදුවූ සියලු අනිකුත් රටට අහිතකර දේවල් මිනිසුන්ට අමතක කර දැමීමට මෙයම උදවු වේවි .. අවසානයේ ඉතිරි වසර දෙකද මෙලෙසම ගෙවා සියල්ලෝම සතුටු සිතින් විසිරගොස් , තවත් චන්දයක් පැමිණේවි ... රටක් විදියට , අපි හරි පව් නේද ..
ඔතන ඒකාබද්දය දන්නවා පරදිනවා කියල නමුත් ඔතන තියෙන්නේ වෙන මෙහෙයුමක්. මොකද ජවීපෙ සහ ශ්‍රීලංකා ජනධිපතිගේ සෙට් එක අනාත වෙනවා.