(අනීෂා මානගේ)
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ජනමතයට හිස නවමින් පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවත් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා දැන්වත් ජනමතයට හිස නවන්න. පාර්ලිමේන්තුව විසිරුවලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේ රටේ ජනතාවට ජනතාවගේ ආණ්ඩුවක් ජනතා ඡන්දයෙන් පිහිටුවන්න පාර්ලිමේන්තුව විසිරුවන්න ඕන. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලය අරගෙන විසුරුවන්න පුළුවන්. ජනාධිපතිතුමාට ඒක කරන්න පුළුවන්.
රටේ ජනතාව ආණ්ඩුවට පණිවුඩයක් දීලා තියෙනවා. මේ ආණ්ඩුව කරගෙන යන අදූරදර්ශී වැඩ පිළිවෙල රටේ ජනතාව අද ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ජීවන වියදම, රට බෙදීම, රට තුළ තියෙන ජාතික සම්පත් විකිණීම හා මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීම යන සියල්ලටම විරුද්ධව රටේ ජනමතය පොහොට්ටුවත් එක්ක අති දැවැන්ත විදියට ඒකරාශි වෙලා තියෙනවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා මල්ලි ඔයා කලබල නැතිව ඉන්න.
මෙයාට අමතක වෙලාද දන්නේ නැහැ. මේ තිබ්බේ ප්‍රාදේශීය සභා ඡන්දෙ කියලා...
මහජනතාව කාටවත් කැමති නැහැ. වැඩි වැරදි අය ඉවත් කළා...
එක දෙයක් කියන්න ඕනේ. මහින්ද මහත්තයාට ගිය පාර වැරදුනේ ඇතුළු නරක සහචරයන් නිසා. එම නිසා ඒවාගෙන් අත්මිදී පාඩමක් ඉගෙන ගෙන නැවත ඇවිත් දේශයත්, ආගමත්, ජාතියත් ආරක්ෂා කරන්න.
අනේ මේ ඔයා උඩ පනින්නේ නැතුව ඉන්න. ඔය ඡන්දෙ ලැබුනේ ඔයාටවත්, ඔයාගේ බැසිල් බාප්පාටවත් ඔය ඉල්ලපු එක අපේක්ෂකයෙකුටවත් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහතාට..... ආපහු පාරක් එන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න.
නාමල් උන්නැහේ රට ඉල්ලන්න කලින් ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්ද කියල කියන්නකෝ.... බැරිනම් පාඩුවේ ඉන්න. ඉල්ලනවා නම් ජනාධිපතිවරණයක් ඉල්ලන්න.
ඉල්ලා අස්වෙලා විතරක් මදි. එතුමා එක්සත් ජාතික පක්ෂයෙනුත් චුත වෙලා යන්න ඕනේ. ප්‍රබල එක්සත් ජාතික පක්ෂය විනාශ කරගත්තෙත් රනිල් මහත්තයලාම තමයි. එතුමා හිතාගන ඉන්නේ එතුමා සියල්ල දත් කියලා. ලෝකේ තියන මෝඩම වැඩ ඔක්කොම කළේ එතුමා. 2002 කාලේදී පාක්ෂිකයෝ දුක්විඳගෙන ආණ්ඩුවක් හැදුවා. සාම ගිවිසුමක් ගහගන පක්ෂයට කොටි ලේබලයකුත් ගහගෙන අවුරුදු දහතුනක් ආණ්ඩුවක් නැතුව හිටියා. ඊටපස්සේ මෛත්‍රි දාගෙන අයෙත් පාක්ෂිකයෝ දුක් විඳලා ආණ්ඩුවක් හැදුවා මාසයක් යන්න හම්බවුනේ නෑ. පිටරටින් ගජමිතුරු හොරු ගෙනැල්ලා ඒ ආණ්ඩුවට කරගත්ත දේ තමා මේ. රනිල් මහත්තයා හිතාගෙන ඉන්නේ වැඩකාරයෝ ඉන්නේ රෝයලිස්ට්ස්ලා අතර හා ලෝයර්ලා අතර විතරයි කියලා. පොදු ජන සිතුවිලි හැගීම් තේරුම් ගන්න බැරි අතිපණ්ඩිත නායකයෙකුගෙන් එජාපයට වෙච්ච සන්තෑසිය හොඳටම ඇති. අනේ කරුණාකරලා ඔයාටයි කෝට් අඳින, සිංහල හරියට කතාකරගන්න බැරි ඔබතුමාගේ රෝයල් ලෝයර්ලා ගැන්සිය එක්ක පක්ෂයෙන් චුතවෙන්න...
නාමල් මැතිතුමනි, මේ කැඳවීම හොරුන්ට නොවේ...
හම්බන්තොට පරාදයිනේ ! මොකද ඒ?
2020 වෙනකල් ආණ්ඩුව පවතිනවා ..
අායෙත් රේස් පදින්න, රෝකෙට් යවන්න, නාවික හමුදාවෙන් පලිගන්න, ෆයිල් ළඟ තියාගන්න, කෝලාහල ඇතිකරන්න, කෝටි ගණන් සල්ලි ගහන්න, ලේසියිනේ අායිත් බලයට අවොත්...
අනේ අපොයි. මේක ආණ්ඩුවක් පත් කරන ඡන්දයක් කියලද හිතාගෙන හිටියේ?
අනේ මෙයා හිතාගන ඉන්නේ ආණ්ඩුව පෙරළුනා කියලා.. බලා ඉන්න රනිල් ආණ්ඩුව බාර දේවි මේන් කියලා... දැන් ඉතින් ලෑස්ති වෙන්න කරපු දේවල් වලට හිරේ යන්න.
අගමැතිතුමා පන්නන්න එපා මල්ලි, එයා ඉන්නකන් පොහොට්ටුව දිනනවා.
තාත්තට යනඑන මන් නැති නොකර පැත්තකට වෙලා ඉන්න.
ඔන්න මේ ගොල්ලෝ පැනලා අායෙත් කන්න හදනවා. ඡන්දෙට ඉස්සෙල්ලා මෙයා කට ඇරියානම් ඔය ඡන්ද වලින් භාගයක් නැතිවෙනවා. 2020 ගෝඨාභය දිනන්න නම් මෙයා දේශපාලනයෙන් සමුගන්න ඕනේ.
අනේ යන්න. ඔයාට පුළුවන්ද ආණ්ඩු කරන්න?
ඔය ටික කියන්න ඔබට වැඩිය පරිණත සුදුස්සෝ පක්ෂයේ ඉන්නවා. අනෙක යන්න වෙනවා නම් ඒ මනුස්සයා යාවි. ඔබලාට වගේ තනතුරෙන් හම්බ කරන කන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයිනේ. ඕනෑම වෙලාවක ජීවත් වෙන්න පුළුවන් විදියට නීති ප්‍රකාර නීති විභාග පාස් කල කෙනෙක්නේ. හොර පෙරකදොරුවෙක් නෙවෙයි.
ජාතික සම්පත් විකිණීම නවතා එම සම්පත් වලින් උපරිම මාටියා ගැසීම සදහා මගේ මාමලා සහ ඩේසි ආච්චි එම ආයතන වල සභාපතිලා කරමු !
දැන් ඔය ටික කියන්න ඔබතුමාට වැඩිය දේශපාලන ක්ෂේත්‍රයේ සුදුස්සු ඉන්න බව නොදන්නා කමෙන්ම තේරෙනවා... තවම දේශපාලනයේ රන් කිරි ගාලාවත් නැති බව.
ඔයාගේ,මල්ලිලාගේ, බාප්පලාගේ වැඩ නිසා තමා තාත්තට ගෙදර යන්න වුනේ. දෙවෙනි පාරත් ඒ වැරද්දම කරන්න එපා!
උගතුන්ට රැකියාවක් ගැන කිසිදු බයක් නැත උගත්කම ආභරණයක් සේ යම් තැනකදී දිදුලයි.
ජනමතය වැරදියට තේරුම් ගන්න නම් එපා
මෙන්නෝ ඔටුන්න (අ)හිමි කොළුපැටියා දිග නින්දකින් අවදිවෙලා විකාර දොඩවනවා! අප්පච්චි ආයෙත් රජකරවන්න කටමැත දොඩවනවා වගෙයි! එහෙම වුණොත් අපට රජ සැප, රටට හෙනහත! රජයට, ජනපතිට උපදෙස් දෙන්න මෙයාට තියෙන සුදුසුකම් මොනවද? මීට වඩා පරිණත, උගත්, දැනුම් ඇති අය මේ රටේ නැද්ද?
ආයිමත් ලැම්බොගිනි පදින්නද හදන්නේ?
බැඳුම්කර වංචා කරපු ආණ්ඩුවක් එපා. රට බෙදලා දාන ආණ්ඩුවක් එපා. ආපු ප්‍රතිඵලේ හොඳයි. හැබැයි නාමල් ආයේ දඟලන්න එපා. පොහොට්ටුවට සදා ජයෙන් ජය.!!!
නාමල් දන්න දේශපාලනේ.. මොන්ටිසෝරි යන්න ඕනෙ කෙනෙක්නේ.. කව්ද ගණන් ගන්නේ?
රටේ ජනාධිපතිට උපදෙස් දෙන්න මෙයා කව්ද? මෙයාලා හිතන් ඉන්නේ ආයෙත් තාත්තා රජවෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. පුදුම විදියට රටේ ජනාධිපතිට, අගමැතිට ගොරවන්නේ... එච්චර බලයක් කොයින්ද?
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අය ඒක ගැන බලාගනී.
එක්සත් ජාතික පක්ෂය තනියම 31%ක්ම අරන්. මටනම් පැරදුනා කියල හිතාගන්න තේරෙන්නේ නැහැ. දන්නේ නැති හින්දයි අහන්නේ. අඩුම ගානේ දෙවැනි තැනවත් ඉන්නවා. මටනම් තේරෙන්නේ, පැරදිලා තියෙන්නේ ඔබතුමන්ලා කියල. බල තණ්හාහවට අලුත් පක්ෂයක් හදාගෙන ඒකෙන් ඡන්දේ දිනුවට, ඇත්තටම ඔබතුමන්ලාගේ දේශපාලන ප්‍රතිපත්තිය කුමක්ද? ඔබතුමන්ලා මුල හිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදිලානේ. ඔබතුමන්ලාගේ දේශපාලන ප්‍රතිපත්තිය, කුමක් හෝ කර දිනන එකද? මට තේරෙන්නේ නැහැ. රග්බි ගහන්නත් ඕනේ! නඩු කියන්නත් ඕනේ! දේශපාලනය කරන්නත් ඕනේ! හැම තැනටම අතයි කටයි ගගහ, කරන දේ ගැන කිසි පැහැදිලි කමක් නැහැ.
නීති විද්‍යායාලයේ ඉතිහාසයේ ඉහලම ලකුණු ලබා සමත්වූ මෙතුමා කියන දෙය අපි අවිවාදයෙන්ම පිලිගත යුතුමයි.
මොකද කලබල වෙලා. හෙමිහිට යමු.
ඔයාලා දිනුවේ ගම මිසක් රට නෙවෙයි, ඉස්සෙල්ලාම ගමට දැනෙන දෙයක් කරන්න. හොරකමට මුල් තැන නොදී. ඊට පස්සේ රට ගැන කතා කරමු.
අවරුදු පහකට වරම කලින් ඉවරකරන්න ඔබතුමා කව්ද? එහෙමනම් ජනපතිතුමත් ඉල්ලා අස්විය යුතු නැද්ද?
පිස්සුද හලෝ තමුසෙට.මට ලැජ්ජාවක් නැති වගේ දන්නේ නැති.
හා හා !!! කලබල වෙන්න එපා. දැන්මම වැඩ පටන් ගන්න ඔහොම බැහැ. රටේ ව්‍යවස්ථාවක් තියනවා.. නීතියක් තියනවා. පප්පගේ කාලේ වගේ තවමත් ඔහෙලට ඕන ඕන විදිහට වැඩ කරන්න බැහැ.
ඇයි ඔයා අගමැති වෙන්නද.
අපේ සල්ලි වලින් ආපහු පරම්පරාවම බඩු ගහන්නද?
දැන්වත් ඔය වාචාල හොකර කට වහගෙන හිටියොත් හොදයි අයෙත් අර මනුස්සයව අමාරුවේ දාල යන එන මං නැති කරන්නේ නැතිව.