IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අගමැතිගේ වාර්තාව ආවොත් පළාත් ඡන්දය ජනවාරි ස්ථිරයි

(රංජන් කස්තුරි)

ලබන වසරේ ජනවාරි මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම ඊයේ රැස්වී තීන්දු කළ බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා “ලංකාදීප”යට පැවසීය. 
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ ක්‍රියාකාරීත්වය මත සීමානිර්ණ වාර්තාව සංශෝධනය විය.

මාස දෙකක දී එය නිත්‍යනුකූල වනු ඇතැයි යන විශ්වාසය මත පිහිටා මෙසේ පළාත් සභා මැතිවරණ කටයුතු ආරම්භ කළ බවද ඔහු කීය. 

ඒ අනුව පළාත් සභාව මැතිවරණයට අදාළ කටයුතු ඊයේ (3) සිටම ආරම්භ කළ බවද සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මාර්ගයෙන් රට පුරා මැතිවරණයට අදාළ තොරතුරු රැස්කිරීමටත් මැතිවරණය වෙනුවෙන් යන වියදම් ඇස්තමේන්තු කිරීමටත් තීන්දුවක් ගත් බවද මහින්ද දේශප්‍රිය මහතා කීය. 

මීට අමතරව නව මැතිවරණ ක්‍රමයට අදාළව ඡන්ද පත්‍රිකා හා වෙනත් ලිපි ලේඛන සකස් කිරීම ආරම්භ කිරීමට ද මෙවර පළාත් සභා මැතිවරණය 2018 ඡන්ද හිමි නාමලේඛනය අනුව පැවැත්වීමට කොමිසම තීන්දු කළ බවද ඔහු පැවසීය. 

2018 ඡන්ද හිමි නාමලේඛනය මේ මස 31 වැනි දින සහතික කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.



අදහස් (0)

අගමැතිගේ වාර්තාව ආවොත් පළාත් ඡන්දය ජනවාරි ස්ථිරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site