(ඉන්දිකා රාමනායක)
අංගොඩ උඩුමුල්ල ප‍්‍රදේශයේ වාහන අලෙවි ප‍්‍රදර්ශනාගාරයක් හිමි ව්‍යාපාරියකුගේ කාර්යාලයකට ඉකුත් (13)වැනිදා කිසියම් පුද්ගලයකු ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයකු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය කියයි.
කප්පම් මුදල් ඉල්ලා මෙම සැකකරු ව්‍යාපාරිකයාට ඇමැතුම් ලබා දී ඇති බවද පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීම අංගොඩ ලොක්කාට රුපියල් ලක්ෂ 25 ක කප්පම් මුදලක් නොදීම මත සිදුව ඇති බවත් කප්පම් මුදල රුපියල් ලක්ෂ 5 දක්වා අඩුකර තිබුණ ද එයද එතෙක් නොගෙවීම පිළිබඳව උරණවී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලිසිය ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd