IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා පනවයි

 (මොහොමඩ්  ආසික්)

 අකුරණ  සෞඛ්‍ය  වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ  වසම් කිහිපයක් තුලින් කොවිඩ් 19  වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් අකුරණ කොට්ඨාසයේ  ග්‍රාම නිළධාරි වසම් දෙකක් සඳහා අද (24) වනදා සිට  සංචරණ සීමා පනවනු ලැබූ බව සෞඛ්‍ය අංශ කියයි.

අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බුළුකොහොතැන්න, සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම  නිළධාරි  වසම් දෙක සඳහා සංචරණ සීමා පනවා ඇති බවත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශය තුල  සිටින කිසිවෙකුටත් ඉන් පිටවීමට හෝ පිට සිටින අයට සීමාවන් පනවා ඇති ප්‍රදේශයට ඇතුළු වීමට හෝ අවස්ථාවක් ලබා නොදෙන බවත්  උසස් පොලිස් නිළධාරියෙකු කීය.

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය  නිළධාරි කොට්ඨාසය තුලින් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා වී ඇති අතර තවත් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ මේ වන විට සිදු කරනු ලැබ තිබේ.

අකුරණ  කොට්ඨාසයේ  කොවිඩ් 19 ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම සඳහා ජනතාවගේ සහාය ඉතාම අත්‍යාවශ්‍ය බැවින්  සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාව තම නිවෙස්වලින් පිට නොවී රැඳී සිට සෞඛ්‍ය  සහ ආරක්ෂක අංශවල  උපදෙස් අනුගමනය කිරිම මගින් ඉතා ඉක්මනින් මෙය පාලනය කර ගත හැකි වනු ඇති බවත්  සීමාවන් පනවා ඇති  ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.



අදහස් (0)

අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා පනවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 974 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site