(ක.ග කරුණාරත්න)
වැලිකන්ද මගුල්පොකුණ ප්‍රදේශයේ පිහිටි කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) සවස අකුණුසැර වැදීමකින් ජීවිතක්ෂයට පත් වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වැලිකන්ද මගුල්පොකුණ මහවැලි ගම්මානයේ පදිංචිව සිටි ඥාති සහෝදරයින් වන පරණවිතානගේ ලක්ෂාන් (17) සහ එළුවාදුර නිලන්ත ද සොයිසා (36) නම් වූ අයයි.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුණු කොටන වෙලාවට එළිමහනේ කුඹුරුවල, පිට්ටනිවල, කඳු මුදුන්වල, ගස් උඩ, ගස් යට ඉන්න එපා කියලා කොච්චර කිව්වත් මේ මිනිස්සු අහන්නේ නැහැනේ. අපෙත් ගෙදර ළඟ අකුණක් වැදිලා ඉලෙක්ට්‍රොනික් බඩු ගොඩක් පිච්චුනා. එ්ක නිසා දැන් වහින වෙලාවට ගෙදර ඔක්කොම ප්ලග් ගලවනවා.
රටට බත සපයන්නට ගොස් ජීවිතය අහිමි උන තරුණයන් දෙදෙනෙකි . මෙම ගොවි මහත්වරුන් ගෙන් යැපෙන්නන් රැකබලාගැනීම අපගේ යුතුකමවේ. ඔබ දෙපලට නිවන් සුව.
හරිම කණගාටුයි. එත් මේ දෙන්න හිටපු ඇමතිකෙනෙක් වත් මන්ත්‍රී කෙනෙක්වත් ද මෙහෙම හෙණ පාත් උනේ?
අනේ අම්මපා මම හිතුවේ අරදෙන්නා වත්ද කියලයි..