IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලිස් පරික්ෂකට මරු කැඳවු වෛද්‍යවරිය රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක)

අපරික්ෂාකාරි ලෙස මෝටර් රථයක් පදවා බොරැලැස්ගමුවේ දී මාරක රිය අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රත්නපුර මහ රෝහලේ වෛද්‍යවරිය ලබන මස 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානයක්කාර මහත්මිය අද (30) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත්වුයේ රත්නපුර මහ රෝහලේ දියවැඩියා වෛද්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යවරියක වන දිලානි කාංවිගා නැමැති අයයි.

අපරික්ෂාකාරි ලෙස රථයක් ධාවනය කිරිම සහ අනතුරක් වළක්වා නොගැනීම යන කරුණු ඔස්සේ පොලිසිය සැකකාර වෛද්‍යවරිය අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අනතුරින් ඇය ද තුවාල ලබා ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ සේවය කරන පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු ගමගේ අජන්ත ගාමිණි  නැමැති පොලිස් පරික්ෂකවරයා වන අතර ඔහුගේ බිරිඳ හා පුතුන් දෙදෙනා තුවාල ලබා රෝහල කර තිබේ.

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (17)

පොලිස් පරික්ෂකට මරු කැඳවු වෛද්‍යවරිය රිමාන්ඩ්

Shaama Sunday, 30 September 2018 07:03 AM

මම හිතුවේ සේවයේ හිටපු එක්කෙනෙක්. කියලා . අනිත් හැප්පුණු කෙනාගේ රස්සාව වැදගත් නැ නේ. අනතුරට .

:       23       69

Bamunuarachchi Sunday, 30 September 2018 07:06 AM

යාලු මිත්‍රයෝ මැයව බේරා ගන්න උත්සාහ කරාවි ඉඩ දෙන්න එපා. දොස්තරකම ඉස්පිරිතාලයට සීමා කොරන්න. දැන් එයා මිනීමරීමකට චූදිතයෙක්.

:       1057       1214

suranga Sunday, 30 September 2018 07:17 AM

අනතුරින් දෙපාර්ශවයට සිදුවු කරදරය ගැන කණගාටුයි.ජීඑම්ඕඒ එක වෛද්‍යවරිය එලියට දාන්න කියලා ස්ට්‍රයික් කරයි ද දන්නේ නැහැ?

:       1319       1452

Perakum Sunday, 30 September 2018 07:37 AM

ඔන්න ආයෙමත් දොස්තර සංගමයට පාරට බැහැල ලෙඩ්ඩු මරන්න මාතෘකාවක්...!

:       194       953

piyal Sunday, 30 September 2018 07:46 AM

කෙසේ වෙතත් ලබන නව වෙනිදා වෙනකම් මෙයා කළුබෝවිල ඉස්පිරිතාලේ ප්‍රතිකාර ගනීවි. වෛද්‍ය වාර්තා දෙයි තවමත් සුව නැහැ කියල.

:       326       633

Saman Sunday, 30 September 2018 08:01 AM

සංගමය අනිවාර්‍යයෙන්ම ස්ට්‍රයික් කරයි. හුඟ දවසකින් කරන්න බැරිවුන නිසා හේතු හොය හොයා ඉන්නෙ.

:       334       1084

erdi Sunday, 30 September 2018 10:10 AM

බමුණුආරච්චි මත්මයාගේ අදහසට ගරු කරමි. ආරංචියේ හැටියට එම වෛද්‍යවරිය මත්පැන් පානය කර තිබූ බවක් පරීක්ෂණවලින් ඔප්පුවී ඇත. දැන් වෛද්‍යවරියට හිතවත් වෛද්‍යවරුන් බැහැලම වැඩ ඇති එයාව බේරගන්න. මොකද ලංකාවේ මේ වගේ අපරාධ බේරගන්න නඩයක් ඉන්නවනේ...

:       58       727

HafeelSunday, 30 September 2018 02:05 PM

හැබැයි මේ දවස්වල සංගමය පොඩ්ඩක් බයවෙලා වගේ... මොකද එදා දුම්රිය වර්ජන සමයේ යූනියන් එකේ කට්ටියක් මගීන්ගෙන් ගුටි කෑවා. ඊළඟපාර ඒ පාඩම මේ සංගමයටත් ලැබේවි...

:       23       68

Sam Sunday, 30 September 2018 12:42 PM

අනතුරු අපරාධ ගණයට වැටෙන්නේ නැහැ. ඒ සිතාමතා සැලසුම්සහගතව කරන අපරාධයක් නොවන නිසා. නමුත් ලංකාවේ නීතිය වෙනස් කළ යුතුයි... ජපානයේ වගේ. අපරික්ෂාකාරී ධාවනයෙන් සිදුවන අනතුරු සඳහා සිර දඬුවම් නියම කිරීමට නීතිය වෙනස් කළ යුතුයි.

:       0       112

thilak Sunday, 30 September 2018 01:04 PM

මේ දියවැඩියාව සම්බන්ද විශේෂඥ වෛද්‍යවරියකි. ඉතාමත් කාරුණික රුවැති තරුණ විශේෂඥ වෛද්‍යවරියකි. අම්මාත් ප්‍රසිද්ධ වෛද්‍යවරියකි. ඒ පවුල් පසුබිම තුල බීමත් කියන කොටස කවුරුන් හෝ ඇතුල්කර ඇත. මේ හේතුව මත ජාතික සම්පතක් වූ විශේෂඥ වෛද්‍යවරිය සේවය ඉදිරියටත් අවශ්‍ය යුගයකි GMOA එක නිසා දැන් හොඳ වෛද්‍යවරුන්ටත් පාරේ බැහැලා යන්න බැරි තත්වයක් ඇතිකරලා, GMOA එකත් මේ ගැන දැන් හිතන්න කාලය ඇවිත්

:       0       0

rohana Sunday, 30 September 2018 02:41 PM

පාදෙණිය උන්නැහේට වර්ජනයකට හේතුවක්...

:       22       68

MG Sunday, 30 September 2018 03:41 PM

ඔබලා මේ තරම් බණින ජී.එම්.ඕ.ඒ එක තිබුණේ නැතිනම්, ලංකාවේ මෝඩ ඇමැතිලාට ඕනෙ ඕනේ දේ කරලා. සෞඛ්‍ය ක්ෂේත්‍රය නැති කරලා... ඔබලාටත් උ.පෙළ අසමත් වුණු දොස්තරලගෙන් බෙහෙත් ගන්න වෙන්නේ...

:       0       5

sam Monday, 01 October 2018 02:27 AM

ඇය බන්දනාගාර රෝහලට නොගොස් කළුබෝවිල රෝහලේ ඉන්නවයි කියන්නේ ඇත්තද?

:       0       0

Appuhami Monday, 01 October 2018 03:24 AM

මෙයා හොඳටම බීලා ඉඳලා තියෙන්නේ... මේ ගැන කතා කරලා වැඩක් නැහැ. අපි හොඳට දන්නවා.

:       0       0

jayath Monday, 01 October 2018 03:25 AM

මෙතන මේ වෛද්‍යවරිය හිටියේ බීලද නැතිද කියලා අපි හරියටම දන්නේ නැහැ. නමුත් මෙයා ඉරිදා දවසෙත් පුද්ගලිකව ලෙඩ්ඩු බලනවා. පිළියන්දල පුද්ගලික රෝහලක... (මේක වැරදියි කියලා මම කියන්නේ නැහැ) එතැනින් යන්නේ හුඟක් රෑ වෙලා. සමහරවිට අධික තෙහෙට්ටුව නිසා වුණුදෙයක් වෙන්න පුළුවන්... නමුත් එහෙමයි කියලා මිනී මරන්න කාටවත් ලයිෂන් දෙන්න බැහැ. වාහනවලට වෙච්ච අලාභය දිහා බලනකොට වික්‍රමරත්න පාර වගේ පටුපාරක හෙමින් නෙවෙයි ඇවිත් තියෙන්නේ...!

:       0       0

ranjith Monday, 01 October 2018 07:28 AM

හදිසි අනතුරක් කියන්නේ අහම්බයක්... ඒ නිසා එතන මිනීමැරීමේ චේතනාවක් නැහැ. අනික වැරැද්ද කාගේ වුණත් ජනතාව ගන්නේ වැඩි වශයෙන් හානියට පත්වුණා පාර්ශවයේ පැත්ත... අනික ඉරිසියාව... ඒ කියන්නේ සෑමවිටම පොඩි වාහනකරුගේ පැත්තට කතාකරන අය වැඩියි. අනික අපේ උසාවියට තේරුමක් නැහැ... ඇයි රිමාන්ඩ් කරන්නේ කියලා.. රිමාන්ඩ් කරන්නේ චූදිත උසාවිය මග හැර සිටියි කියන අවිශ්වාසය මත... සමාජයේ වැදගත් පුද්ගලයින් උසාවිය මඟහරින්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට කසිප්පුකාරයින්ට හා සමාන හැන්දෙන් බෙදන්න එපා. සමහර අය නම් මේකට විරුද්ධ වෙයි. නමුත් මම කියන්නේ මේ වෛද්‍යවරිය රිමාන්ඩ් කරන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ. පොලිසිය කරන ඉල්ලීමට රබර් මුද්‍රා තියන්න නම් උගත් විනිසුරුවන් අවශ්‍ය නැහැ.

:       0       4

laksman Monday, 01 October 2018 07:57 AM

දක්වා ඇති අදහස් බැලුවම වෛද්‍ය සංගමයේ ක්‍රියාවන් නිසා වෛද්‍ය (සේවයට) වෘත්තිකයන්ට ජනතාව තුළ ඇති අප්‍රසාදය පැහැදිලි වෙනවා. නමුත් මෙහි අනෙක් පාර්ශවයේ කටයුතු ඊටත් අන්ත බව රටේ සිදුවන දේ වලිනුත් අත්දැකීම් වලිනුත් කියන්න පුලුවන්. එ්නිසා මෙයට සාධාරණ පරීක්ෂණයක් සිදුවෙනවානම් හොඳයි.....

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 58 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 116 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 296 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 340 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 639 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 212 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site