IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එක්නැලිගොඩ නඩුව විභාගයට ගන්න දින නියම කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටින විත්තිකරුවන් 9 දෙනාට එරෙහි නඩුව ලබන පෙබරවාරි 20 වැනිදා විභාගයට ගැනීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  අද (18) නියෝග කළේය.
 
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුන් වන සම්පත් අබේකෝන් (සභාපති)  ගිහාන් කුලතුංග හා සම්පත් අබේරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම විභාගයට ගැණිනි.
 
මෙම නඩුව අද (18)  කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටයේ මෙම නඩුවේ සාක්කි ලෙස නම් කර ඇති දුරකථන අංක දහසකට අදාළ දත්ත වාර්තා විත්ති පාර්ශවයට ලබා දෙන ලෙසය.
 
ඒ අනුව සියලූ දුරකථන දත්ත වාර්තා ලබන 20 වැනිදාට පෙර විත්තිය වෙත ලැබීමට කටයුතු කරන ලෙසද විනිසුරු මඩුල්ල රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට නියම කළහ.
 
සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විවෘත අධිකරණය අමතමින් ඊයේ සඳහන් කළේ මෙම නඩුවේ හත්වන විත්තිකරු අයියසාමි බාලසුබ‍්‍රමනියම් නැමැත්තා මීට පෙර දින ඇප කරුවන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් අධිකරණය සානුකම්පිතව සලකා බලා ඔහු පුද්ගලික ඇපයක් මත , ඇපකරුවන් ඉදිරිපත් කරන තෙක් මුදා හැරියද , එම විත්තිකරු නිසි පරිදි ඇපකරුවන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පෙර දින නඩු දිනයේ එම විත්තිකරු අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කළ බවය.
 
විත්තිකරුවෙකුට අධිකරණයෙන් ලබා දුන් සහනය හෑල්ලූවට ලක් කර ඇති බව ද විවෘත අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටි සභාපති විනිසුරුවරයා , මේ අයුරින් ඇප කොන්දේසි කඩ කරන්නේ නම් ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වන තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට සිදුවන බව අවධාරණය කළේය.
 
කෙසේ වුවද විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් විත්තිකරුට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීම විනිසුරු මඩුල්ල ඇපකරුවන් ඉදිරිපත් කිරීමට අවසර ලබා දුනි.
 
සියලූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුව විභාගයට ආරම්භ කිරීමට පෙර සියලූ අවශ්‍යතා සම්පූර්ණ කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා නඩුව යළි ලබන ජනවාරි 20 වැනිදා කැඳවීමට හා නඩුව ලබන පෙබරවාරි 20 වැනිදා විභාගයට ගැනීමට නියෝග කළේය.
 
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සදහා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනොට එරෙහි මෙම අධිචෝදනා ගෙනු කර තිබුණි.
 
2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප‍්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප‍්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවද ඒ අනුව නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන් ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර ඇත.
 
ගිරිතලේ යුද හමුදා කදවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලූතිනන් කර්නල් ගිරිතලේ යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප‍්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, වයි.එම්. චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කණ්ෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ‍්‍රමනියම්, ඞී.ජී. තරංග ප‍්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් නමැති යුද හමුදා නිලධාරීන් මෙහි විත්තිකරුවන් වෙති.



අදහස් (2)

එක්නැලිගොඩ නඩුව විභාගයට ගන්න දින නියම කරයි

Mahee Wednesday, 18 December 2019 12:00 PM

මේ විත්තිකරුවන් කාටුන්වලට හරි බය ඇති...

:       0       0

විජිත් Wednesday, 18 December 2019 12:35 PM

වැඩක් නැහැ. තීන්දුව දැන්මම ලියලා කොන්ද පණ නැති නඩු කාරයින්ට දීලත් ඉවරයි. නඩු කාරයින්ට තියෙන්නේ ටික කලක් බොරුවට නඩුව ඇදගෙන ගිහින්.. ලියලා තියෙන තීන්දුව කියවන එක විතරයි. බොරුවට කාලය ඇද ඇද ඉන්නවා. අවාසනාව..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 0 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 131 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 174 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 456 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 181 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 337 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1726 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site