(විනීතා එම්. ගමගේ)
රටේ පවතින තත්ත්වය හමුවේ ධාවනය වන දුම්රිය වාරගණන අද (19) සිට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
ප‍්‍රධාන මාර්ගයේ දිනපතා දුම්රිය ගමන් වාර 60 ක් ද, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 23 ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 69 ක් ද, කැලණි වැලි මාර්ගයේ ගමන්වාර 8ක් ද පුත්තලම් මාර්ගයේ ගමන් වාර 6ක් ද වශයෙන් දුම්රිය ධාවනය වනු ඇත.
ඒ අනුව පාසල් හා බොහෝ ආයතන වසා ඇති බැවින් මෙන්ම ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යාම සීමා කිරීමේ ද අරමුණින් නැවත දැනුම් දෙන තුරු දුම්රිය ගමන් සීමා වනු ඇත.

COMMENTS
ඉතා හොද දෙයක්. එකම අවුල තියෙන්නේ හෙට ඉදල කිසිම නිවාඩුවක් නැහැ රජයේ ආයතන වලටත්. ගෙදර ඉදල වැඩ කරන්න හැම කෙනාටම බැහැනේ නේද ? අනේ මන්ද., නිවාඩු දාලා ඉන්න එක තමා හොදම දේ .
අප විසින් වර්තමානයේ ගනු ලබන තීරණ ඉතාමත් සුළු අතර අප විසින් තව මාසයකට පසු ගැනීමට සිතන තීරණ දැන් දැන්ම ගත යුතුය. එවිට එදිනට අපට පසුතැවිලි නොවී සිටිය හැක. නැත්නම් සුළු තීරණ යන්න නිසා අනාගතයම අදුරු වනු ඇත. රජය විසින් ඉතා තීක්ෂණ නුවණින් විමසා දැඩි පියවර වහාම ගත යුතුය.