IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගෝඨාගේ චෝදනා පත්‍රයේ සංශෝධන අධිකරණයට

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ චෝදනා පත‍්‍රයේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව එම අධිකරණයට ඉදිරි කාලයේදී දැනුම් දෙන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) දැනුම් දුන්නේය.
 
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ප‍්‍රියන්ත නාවාන මහතා මේ බව අධිකරණය දැනුම් දෙනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභියාචනා පෙත්සම දෙක අද (18) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලූ අවස්ථාවේදීය.
 
මෙම අභියාචනා පෙත්සම් සිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
 
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු  විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම අභියාචනා පෙත්සම් දෙක ඉදිරිපත් කර ඇත.
 
මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කියාසිටියේ චෝදනා පත‍්‍රය තුළ කුමන්ත‍්‍රණ චෝදනා දෙකක් පමණක් අන්තර්ගත කර තිබෙන බවත්, එය නීතිවිරෝධී තත්ත්වයක් බවත්ය.
 
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා කියා සිටියේ එවැනි සංශෝධන ඇත්නම් ඒ පිළිබඳ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දෙන බවය.
 
එහිදී අදහස් දැක්වූ විනිසුරු සිසිර ද ආබෲ මහතා කියාසිටියේ අපරාධ චෝදනාවක් පිළිබඳව නිරවුල් අවබෝධයක් විත්තිකරුවකුට තිබිය යුතු බවත්, එසේ නොවුණහොත් ගැටලූ සහගත තත්ත්වයක් ඇති වන බවයි.
 
දෙපාර්ශවයේ කරුණු දැක්වීම් වලින් පසු කරුණු තහවුරු කිරීම සඳහා මෙම අභියාචන පෙත්සම් ලබන 9 දා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
 
එහිදී පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක  මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.
 

 



අදහස් (0)

ගෝඨාගේ චෝදනා පත්‍රයේ සංශෝධන අධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31356 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13572 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site