IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහේෂ් ’රිදී සීනු’ සමග

ජනප්‍රිය සංගීතඥ මහේෂ් දෙනිපිටිය පසුගියදා උදයකාන්ත වර්ණසූරියගේ ‘රිදී සීනු’ චිත්‍රපටය සඳහා අලුතින්ම ගීත දෙකක් නිර්මාණය කළේය. ඉන් එක් ගිතයක් ගායනා කළේ විශාරද සුනිල් එදිරිසිංහය. දෙවැන්න ළමා ගීතයකි. සුවිනි මදාරා ගමගේ, ඕමිරු සංදිර ඇතුළු පිරිසක් එම ගීතය ගායනා කළහ. කුරත්න ආරියවංශ හා නිලාර් ඒ කාසීම් ගීත රචනා කළහ.

මම චිත්‍රපට 15 කට පමණ සංගීතයෙන් දායකවී තිබෙනවා. මම මුලින්ම සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වන්නේ ‘ප්‍රභාකරන්’ එහි කිසිම ගීතයක් අඩංගු වුණේ නෑ. ඉන්පසුව මම සංගිතයෙන් දායක වුණේ හිරිපොද වැස්ස චිත්‍රපටයට. එහි මා සමග සංගීත අධ්‍යක්ෂණයෙන් එක් වුණේ භාතිය හා සන්තුෂ්.

ඉන් පසුව ආසයි මං පියාඹන්න චිත්‍රපටයට අමිල පෙරේරා ගයන හිරු මැකී යයි ගීතය තනු හා සංගීතය නිර්මාණය කළා. සුවඳ දැනුණු ජීවිතේ චිත්‍රපටියට ශිහාන් මිහිරංග, ගයාන් පෙරේරා මැවු සිනා ගීතයත්, සුපර් සික්ස් චිත්‍රපටයට ගීත කීපයකුත් නිර්මාණය කළා.

සමහර චිත්‍රපටවලට ගීත කීපයක් පමණක් නිර්මාණය කළා වගේම තවත් චිත්‍රපට කීපයකට ගීත මෙන්ම පසුබිම් සංගීතයත් නිර්මාණය කළා  යැයි මහේෂ් පැවසීය.

රිදී සීනු චිත්‍රපටයටත් උදයකාන්ත කීවා ගීත දෙකක් නිර්මාණය කර දෙන ලෙස. මෙයින් ළමා ගීතය ගැයෙන්නේ චිත්‍රපටය අවසානයටයි. චිත්‍රපට ගීත නිර්මාණය කිරීමේ දී මම හැම විටම උත්සාහ ගන්නේ එය චිත්‍රපටය අවස්ථාවට හැකි තරම් උචිත වෙන විධියට නිර්මාණය කරන්නයි.

ඔබගේ සංගීත වැඩසටහන්වල දී ජනප්‍රිය ගීත සඳහා වාදනය කරද්දී අලුත් රිද්මයක් එකතු කරනවා නේද?

ඔව්. ඒත් චිත්‍රපටයකදී එවැනි දෙයක් කරන්නට බෑ. චිත්‍රපට ගීතයක දී හෝ පසුබිම් සංගීතය සැපයීමේ දී එය චිත්‍රපටය හා බද්ධවිය යුතුයි. චිත්‍රපට සංගීත නිර්මාණයේ දී මම හැම විටම උත්සාහ කරන්නේ තනුව වගේම සංගීත භාණ්ඩ යොදා ගැනීමේ එය චිත්‍රපටයට කෙතරම් දුරට බද්ධ වෙනවාද යන්නයි, මහේෂ් පැවසීය.

රොඩ්නි විදාන පතිරන



අදහස් (0)

මහේෂ් ’රිදී සීනු’ සමග

ඔබේ අදහස් එවන්න

ගී විනිස

සොඬින් නෙළුම් මල ගෙනියන
2024 අප්‍රේල් මස 23 58 0

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද අතුල අදිකාරිගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනාවෙන් ද යුතු මෙි ගීතය වත්මන් කාන්තා


කවුරුවත් නෑ
2024 අප්‍රේල් මස 16 79 0

හේමසිරි කුලතුංගයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේයපද රචනයෙන් ද අමරසිරි පීරිස්ගේ කර්ණරසායන ස්වර මාධූර්යෙන් ද ප්‍රේමසිරි කේමදාාසයන්ගේ මියුරු මියැසියෙන් ද සු


පැණි කුරුල්ලනේ
2024 අප්‍රේල් මස 07 215 0

ලූෂන් බුලත්සිංහලයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේය පද රචනයෙන් ද මිල්ටන් මල්ලවාරච්විගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකරණයෙන් ද සුපෝ


නින්ද නැති රැයේ
2024 අප්‍රේල් මස 01 272 0

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේය පද සුරචනයෙන් ද ගුණදාස කපුගේ ගේ ඉගැඹුරු හඬ පෞරුෂයෙන් හා ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප


කුඩාගමෙි මද්දහනේ
2024 මාර්තු මස 25 354 0

ධර්මසිරි ගමගේ සූරීන්ගේ භාවපූර්ණ ගේය පද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ මියුරු මියැසියෙන් ද සුපෝෂ


වියෝ වූ පසුවයි දැනෙන්නේ
2024 මාර්තු මස 18 461 0

බන්දුල නානායක්කාරවසම්ගේ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද මනෝහර මෙි මහඟ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site