ධම්මික බණ්ඩාරයන්ගේ ගේයපද රචනයෙන් ද අමරසිරි පීරිසුන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද ඩැනිස්ටර් පෙරේරාණන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරය මුසු කරුණරසය දනවයි.
ප්‍රේමයේ නිසි අරුත නොදන්නෝ මොහාන්ධකාරයේ ගිලී තමාට ද අනෙකාට ද වෛර කරමින් ජීවිතය වනසා ගනිති.ඔවුහු තම ප්‍රියයා හෝ ප්‍රියාවිය ඉදිරියේ සාහසික ලෙස හැසිරෙති.එහෙත් බෝසත් ගුණ ඇත්තෝ අහිමි පෙම අභිමුව සියල්ල අත්හැර නිහඬව බලා සිටිති.ඇතමෙක් පරිත්‍යාගශීලී වෙති.සමහරු විප්‍රලම්භ ශෘංගාරරසය විඳිමින් අතීත පටු මාවත දිගේ කල්පනා යානෙක නැගී යති.මෙි ගීතය වූකලී ගේයපද රචක ධම්මික බණ්ඩාරයන්ගේ ජීවිතානුභූතියකි.එම ජීවන අත්දැකීම පිළිබඳ සමාජ මාධ්‍යයේ දැනටමත් ප්‍රචාරය වී ඇති බැවින් මෙම විවරණයට එය අනවශ්‍ය යැයි මම සිතමි.එහෙත් ධම්මික බණ්ඩාරයෝ එම අත්දැකීම ඔස්සේ රමණීය කාව්‍යෝක්තියක් ගොඩනගති.සරසවි පෙම්පලහිලව් ඇති වී නැති වී යයි.ඒවාට දිගු ආයුෂ ද නැත. මෙි වනාහි එබඳු පෙම්පලහිලව්ක් නොවෙි.මෙහි කථකයා සරසවි වරම් පමණක් නොව තම ප්‍රාණසම පෙම්වතිය ද අහිමි කර ගත්තෙකි.එහෙත් ඔහුට අහිමි සරසවි වරම ඇය හිමිකර ගන්නීය.මෙනයින් බලන කල ඇය පා තබනා හන්තානට ඔහුට පා තබන්නට වරම් නැත.පෙරදින දෙදෙනා ම සරසවි ප්‍රවෙිශය වෙනුවෙන් ඉගෙන ගත්තෝ ය.එහෙත් ඊට වරම් ලබන්නී ඇය පමණක් වන්නීය.පේරාදෙණි සරසවිය හා බැඳුණු පතළ ප්‍රේම ගීතාවලියක් ඇත.ඒ අතරින් ආචාර්ය අජන්තා රණසිංහයන් ලියූ "හන්තානේ කඳු මුදුන සිසාරා" ප්‍රේමකීර්ති ද අල්විසුන් ලියූ "මෙි නගරය" සිරිසමන් විජේතුංගයන් ලියූ "සරසවියෙදී හෙට විතරයි හමුවන්නේ" යන ගීත අතිශය ජනප්‍රිය විය. එහෙත් ධම්මික බණ්ඩාරයන්ගේ මෙි ගීමිණ යටකී ගීමිණි තුන තරම්ම රමණීය නො වෙි ද?
හන්තානෙට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න
හන්තාන ගිරිදුදුළු මතින් සඳමඬල සිනාසී එබිකම් කළ ද එහි සැබෑ සුන්දරත්වය විඳීමට කථකයාට වරම් අහිමි වී ඇත. එහෙත් කථකයා පවසන්නේ තමන්ට අහිමි වූ යටකී හන්තාන සඳවතිය ඇයට තනිවම දකින්නට හැකි බව නො වෙි ද? මානව ප්‍රේමය පරමරමණීය,සදානන්දනීය සුඛාස්වාදයක් වන්නේ කලාතුරකිනි.තතු එසේ වූව ද මෙි ගීතය ඇසූවිට හැඟෙන්නේ ප්‍රේමයේ අයථාර්ථවත් බවය.
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න
පේරාදෙණි සරසවිය අතිසුන්දරය.හන්තාන අඩවියේ පිහිටි සරසවි පරිශ්‍රය තුළ හෙළ කලා අසිරි රැඳි මහල් තුනකින් සුසැදි මහ මැඳුරකි.සරසවිපායේ මල්
්‍රලිය කැටයම් සුන්දර සිතුවමක් වැනිය.ඈත ගුවන සිසාරා විහිද යන හන්තාන කඳු වැටිය යි.මෑත සිහිල් දිය ලෙළෙන මහවැලි ගං කොමළිය යි.අතිශය චමත්කාරජනකය.මෙහිදී කථකයා සිහිපත් කරන්නේ තම පෙම්වතිය සරසවි බිමට ගොස් කරන කියන දෙවල් පිළිබඳව නො වෙි ද?සරසවි බිමට වැසි දිය වැටෙන කල ඇයට පෙර පරිදි ඔහු හා කුඩය යටින් යා නොහැකිය.එහෙත් කථකයා පවසන්නේ තමා නැති අඩුව නොදැනෙන්න වෙනත් පෙම්වතකු සොයා ගන්නා ලෙසය.තමා පතාගෙන සිටියහොත් ඇයට යන්නට වෙන්නේ තනිවමය.එවිට ඇයට තනිකමක් දැනෙණු ඇත.එහෙයින් තමා අතහැර දමන ලෙසින් කථකයා ඇගෙන් අයැදියි. "කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න" යන්නෙන් ඔහු ව්‍යංග්‍යාර්ථවත් කරනුයේ ඇගේ තනි නොතනියට පෙම්වතකු හොයාගන්නා ලෙස නො වෙි ද?මෙහිදී රචකයා කාව්‍යයේදී මෙන් ව්‍යංග්‍යාර්ථයට මුල්තැන දෙයි. ගීතයක සාර්ථකත්වයට උපමා, රූපක මෙන්ම ව්‍යංග්‍යාර්ථය ද අනිවාර්ය සාධකයකි.
ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න
ලතා මඩුලු හෙවණේ පෙම් සුව විඳින්නෝ මානව මානවිකාවෝය.ඔවුහු එහි ඔබමොබ ඇවිද යති.උනුන් එකිනෙකා වැළඳ ගනිති.ප්‍රේමනීය හැඟීම් දනවන ලතා මඩුලු ඇයටත් අතවනන බව ඔහු දනී.සරසවිය අසලින් ම මහවැලි නදිය ගලා බසී.එහෙත් අවසානයේ කථකයා පවසන්නේ යටකී මහවැලියට තමා ගැන මතකය ගුලිකර දමන ලෙසය.කථකයා තම සිතෙහි නැගුණු විරහා වෙිදනාව පිට කරන්නේ එබඳු අහිංසක ඉල්ලීමකිනි.මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න යැයි කීම රමණීය යෙදුමක් නො වෙි ද?මෙි වූකලී රමණීය කාව්‍යෝක්තියක් පමණක් නොව ප්‍රබල රූපකයකි.අතීතයට මුසුවූ ප්‍රේමයක සැමරුම් සිහිගන්වන මෙි ගීමිණ කරුණරසය මුසු වූ විප්‍රලම්භ ශෘංගාරරසය දනවයි.
ධම්මික බණ්ඩාරයන්ගේ ගේයපද රචනයෙන් ද අමරසිරි පීරිසුන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද ඩැනිස්ටර් පෙරේරාණන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ විප්‍රලම
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හන්තානට පායන සඳ