IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මිහිරැති වසන්ත කාලේ

ගීවිනිස 132

 

සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය දනවයි.

කාව්‍යමය භාවය ස්පර්ශ කරන ගීත අතිරමණීය මධු පිරි ඔඩමක් සදිසි ය. කාව්‍ය වනාහි ධ්වනිතාර්ථයන්ගෙන් සමන්විත විය යුතු යයි කියනු ලැබෙි.ධ්වනිතාර්ථ නම් වචනමාලාවෙන් ඉඳුරා ම නො කියැවෙන නමුත් වචන සංකලනයෙන් මතුව එන අදිසි වූ ද හැඟෙන්නා වූ ද අර්ථයකි.මෙනයින් බලන කල මෙි මහරු ගීමිණට ද කාව්‍යමය ගේයපද පාදක වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.ජීවිතය මිටියාවතක් නම් එය කඳුළින් පිරි මිටියාවතක්  Vale of tears බවට සුප්‍රකට යෙදුමක් ඉංග්‍රීසියේ  ඇත.මෙය "දුක්සසර" නමින් සිංහලයට නැගිය හැකිය.සසර නම් චක්‍රයක් මෙන් භ්‍රමණය වන්නකි.මෙනයින් බලන කල ජීවිතය යනු දුකකින් දුකකට කරන යාත්‍රාවක් නො වෙි ද? ලොව පහළ වූ දා පටන් ස්ත්‍රීහු  සහ පුරුෂයෝ උනුන්ගේ පහස පතා  ළතැවෙති.ඇතැමෙක් මෙි බැඳීම් ඔස්සේ මතක පටුවත දිගේ ඇවිද ගොස් කාල්පනික ලෝකයක අතරමං වී තනිවෙති.සමහරු අහිමි පෙම හමුවේ දිවිනසා ගනිති.එහෙත් අතීත මතක සමඟ විප්‍රලම්භ ශෘංගාරය විඳින ප්‍රේමවන්තයෝ වාසනාවන්තයෝ ය.ඔවුහු අනෙකාට හිරිහැර නොවන ආකාරයට කල්පනා යානයේ නැගී අතීත මතකය සමරති.මෙි ගීතයට විෂය වන්නේ කුමක්ද ? මෙි වූකලී තවත් වියෝගී පෙම්පලහිලව්වකි.එක්තරා පෙම්බරෙක් තමා පතා සිටි පෙම්බරිය නැති සොවින් තැවී ළතැවෙයි.වත්මන් ප්‍රේමයේ අයථාර්ථවත් භාවය මෙි ගීතයෙන් වූව ද මොනවට පැහැදිලි වෙි.

මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවෙන්

මෙි කථකයා ජීවිතයේ සොඳුරු ම කාලය හෙවත් වසන්තය අබියස සිටින සුන්දර ප්‍රේමවන්තයෙක් වෙයි.එහෙත් ඔහුගේ ප්‍රාණසම පෙම්වතිය අද ඔහු අසල නැත.පෙම්වතකුට තම පෙම්වතිය අහිමි වීම තරම් වියෝගයක් තවත් තිබෙිද?නිල්ල නිලන තුරුලිය වැල් ඇළදොළ ගංගා සපිරි පරිසරය කෙතරම් සොඳුරු ද?ආස්වාද ජනකද? එහෙත් ඒ මිහිර විඳීමට ඇය අද ඔහු අසල නැත.මීමැසි රංචු කුසුම් හි මී බී මියුරු සරෙන් ගුම් නද දෙති.නන් වන් පියුම් මඳ නලට මුසුව මුදු සුවඳ පතුරති.සියොත් කැල මියුරු පල තුඩින් ගෙන බුක්ති විඳ කූජනය කරති.එහෙත් එබඳු වසන්ත සැණකෙළියක නෙත්කලු,සිත්කලු දසුන් දකින්නට මෙි කථකයාට වරම් නැත.තාරුණ්‍යයේ ප්‍රහර්ෂය නිසි කලට වින්දනය කිරීමට නොහැකි වීම කෙතරම් ශෝකය දනවන පුවතක් ද?සොඳුරු වසන්තයට පසු එළැඹෙන්නේ ගිම්හාන කාලය යි.මිනිසාගේ පශ්චිම යාමය යි.එහෙත් ගිම්හානය ජීවිතයට එතරම් සුවදායක කාලයක් නොවෙි.තුරුලිය වැල් මල් කොළ හැළී අතුඉපල් කෙදෑරී වී යන කර්කෂ පරිසරය ගතට මෙන් සිතට ද රසඳුනක් නොවෙි.ගිම්හානයේ ගිලන් වීම යනු තම පෙම්බරිය නැති සොවින් ගතසිත වියළි යෑමය.වසත් කල ගෙවී ගිය පසු එබඳු අධ්‍යාත්ම පරිදාහයක් වියෝ දුකෙන් පෙළෙන පෙම්වතකුට ඇතිවිය නො හැකි ද?

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවෙයි රැඳෙයි නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

ගීතයේ  පළමු අන්තරා කොටසින් කථකයාගේ වියෝ දුක තවත් තීව්‍ර කරයි.මෙහිදී ඔහුගේ පරිදාහයෙන් මුදාහළ සිතුවිලි සේනා රැඳී ලඹ දෙන්නේ සඳැල්ලක් මතය.සඳැල්ල යනු කිම? නිරාවරණයකට ලක් වූ ස්ථානයකි.කිසිදු අරමුණක් නැතිව නිදැල්ලේ විසිර ගිය සිතිවිලි එකලස් කරගැනීමට කෙතරම් උත්සාහ කළ ද එය ව්‍යර්ථ වෙයි.සිතිවිලි සියොතුන් ඉගිල යයි.එබඳු නිමෙිෂයක කෙබඳු නම් මිහිරක් අපේක්ෂා කරන්න දැයි කථකයා වසත් කාලයෙන් අසයි.පෙම්වතුන්ට අතීත මතකය සිහිනෙන් ගෑ සුවඳක් වැනිය.මෙි කථකයාගේ සිතුවිලි දිව යන්නේ ඒ සොඳුරු සිහිනයේ සුවඳ විඳීමට නො වෙි ද?එහෙත් ඒ මිහිරි මතකයේ ජීවන සුවඳ යළි කවරදා නම් විඳින්නද?

දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ 
සෙනෙහස ඔබෙන් උදා වූ
‍යුගයකි ගෙව නිමා වූ

දාහයෙන් සිරුර වෙළි ගිය පසු කවරනම් සිසිලසක් ලැබූව ද ඉන් පලක් නොවෙි.කඳුළැලි නෙතින් ගැලීම ද වියෝ දුකින් පෙළෙන හදකට උරුම කරුම දෑ නො වෙි ද?අතීතයේ උනුන් අතර යම් ඇසුරක් සම්භෝග ශෘංගාර මතකයක් වී නම් දැන් එය ඈතින් ඈතට පලා ගොස් සැඟවී අවසන් ය.එහෙත් ඔබෙන් උදාවූ ඒ සදානන්දනීය,අනභිභවනීය,සුඛාස්වාදනීය සෙනෙහස යුගයක් ගෙවා අවසන් වූ සොඳුරු මතකයක් පමණි.දැන් ඒ දේවල් පිළිබඳ සිතින් මෙනෙහි කිරීම ද අරුත්සුන් ව්‍යායාමකි.වාච්‍යාර්ථ ඉක්මවා ව්‍යංග්‍යාර්ථ මතුවීම හේතුවෙන් මෙි ගීමිණ අපූරු කාව්‍යෝක්තියක් බවට පෙරළී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි. 



අදහස් (0)

මිහිරැති වසන්ත කාලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site