සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ සිංහල අලුත් අවුරුදු අසිරිය කුලුගන්වයි.
කොවුල් නදින් රටක් අවදි කළ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ උණුසුම තවමත් අප අතරින් ගිලිහී ගොස් නොමැත.නැකත් චාරිත්‍රානුකූල දවස් ගෙවී ගිය ද වසන්ත උදානයේ මිහිර තවමත් ජනී ජනයා අතර රැඳි පවතී.එපමණක් නොව බක්මහ උළෙල ඇතුළු විවිධ අවුරුදු සැණකෙළි ද අප්‍රේල් මාසය පුරාම පැවැත්වෙි.අපි කුමන දේශ දීපංකරේක සිටිය ද අවුරුදා එකට එක්වෙමු.එහෙත් මෙි වූකලී පුරුදු නුපුරුදු ගැමිකමක් ආරෝපණය කරගත් සාම්ප්‍රදායික සංස්කෘතික මංගල්‍යයක් නො වෙි ද?මෙයට උර දෙන්නෝ සැබෑ දේශප්‍රේමියෝ ය.ඔවුහු තම දූ දරුවන් සමඟ හෘදයාංගම ප්‍රේමයෙන් අවුරුදු සමරති.
වෙනදාට කොන්ක්‍රීට් වනාන්තරයක ඒකාකාරී රෝබෝ ජීවිත ගතකරන ජනතාව අවුරුද්දට ලහි ලහියේ ගම් වදිති. නගරයේ යෝධ කඩ සාප්පුවල සිට ගමේ හන්දියේ පොඩි කඩේ එළිපත්තේ පවා අලුත් හට්ටි මුට්ටි,අවුරුදු රස කැවිලි, අවුරුදු උත්සව අංගෝපාංග,රතිඤ්ඤා,ඇඳුම් පැළඳුම් දක්නට හැකිය. වෙනදාට විවිධාකාරයේ ගීත ප්‍රචාරය වුණු විද්‍යුත් නාලිකාවල පවා පණ්ඩිත් අමරදේව,මොහිදින් බෙග්,සනත් නන්දසිරි සුජාතා අත්තනායක,එච්. ආර්. ජෝතිපාල, ලයනල් රන්වල,රෝහණ බැද්දගේ වැනි පෙර පරපුරේ ඇත්තන්ගේ අවුරුදු ගීත ප්‍රචාරය කරයි.ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා”,”කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ”,කිරි ඉතිරේවා නව වසරේ,”මේ අවුරුදු කාලේ සිනා වෙයන් රාලේ වැනි අවුරුදු ගීත දවස දෙවේලේ අසන්නට ලැබෙි.රත්න ශ්‍රී විජේසිංහයන් විසින් විරචිත මෙි ගීමිණ ද යටකී අවුරුදු සිරිය කුලුගන්වන්නකි.
අනූව දශකයේදී නිර්මාණය කෙරුණු මේ අරුමැති අවුරුදු ගීතය මුල් වරට ප්‍රචාරය වුණේ උපාලි ආරියසිරි අධ්‍යක්ෂණය කළ “මියුරුසර වසන්තයේ ගී”නම් වූ අවුරුදු රූපමය ගීත විචිත්‍රාංගය වෙනුවෙනි.එම වැඩසටහනේ එකම ගේයපද රචකයෝ රත්න ශ්‍රී විජේසිංහයෝය.ඔවුහු සියලු ගීත රචනා කළෝය. මෙහි එකම සංගීතවේදීයෝ නැසීගිය ඔස්ටින් මුණසිංහයෝය.ඔවුහු සියලු ගීතවල තනු රචකයෝ ය.
රංචාගොඩ ළමයා,ගජමන් නෝනා ඇලපාත මුදලි, අන්දරේ, බරණ ගණිතයා වැනි චරිතවලට ආරෝපණය වෙමින් නිර්මාණය වූ එම ගීත ගොන්නෙහි සුවිශේෂ ගීතයක් වූ ”ලන්දේ උකුල උඩ…” ගීතය ගායනා කළෝ ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහයෝ ය.
ලන්දේ උකුල උඩ
නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
අන්න සිනා වෙනවා
කන්ද, ලන්ද, වැව්,ඇළදොළ,ගංගා ගැමියාට සුපුරුදු තැන් නො වෙි ද?මෙි වූකලී සොබාදමෙි සොඳුරු දායාද යැයි කීම ද අතිශයෝක්තියක් නො වෙි .ගම්මු මෙි සියලු සොඳුරු දසුන් ඇසුරේ නිදහස් සාමකාමී සරල සුගම ජීවිතයක් ගතකරති.අවුරුදු සමය ළඟාවෙත් ම එරබදු ගස්වල රතුපාටින් මල් පිපේ.එහෙත් ඒ මල් කැකුළු මෙතෙක් දවස් සිටියේ නිද්‍රාවට වැටීගෙනය.මෙහිදී ලන්දේ උකුල උඩ එරබදු මල් නිදා සිටිය බව කියැවෙයි.මෙි වනාහි ධ්වනිතාර්ථපූර්ණ කාව්‍යෝක්තියකි.වසන්ත උදානයත් සමඟ මුකුලිත මල් විකසිත වීම ද නොරහසකි.මෙයින් හැඟවෙන්නේ අවුරුද්දත් සමඟ අවට සිදුවන පාරිසරික විපර්යාසය ගැන නො වෙි ද?
නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්
රත්තරන් පාට කමතට ඉහළින්
කන්ද උඩින් එන ගෝමරියේ
දැන් ගමට වරෙන්
දැන් ගමට වරෙන්
එරබදු ගස්වල අතු ඉති රතුපාට මලින් බර වී ඇත. එපමණක් නොව අටුකොටු පිරී භව භෝගවලින් මුළු ගමම සශ්‍රීක වී තිබෙි. බක් මාසය කුරුලු පවුල්වලට ද මහාමංගල්‍යයකි. අලුත් අමුත්තන් ඇවිත් කුරුලු පැටවු දොරට වඩිනා හඬ ඇසේ.මෙි වුකලී වෙනදා නෑසූ විහඟ ගීතයකි. අවුරුදු රස කැවිලි සහ කෑම, පවුල් අතර තෑගි බෝග හුවමාරු වන්නේ තරහ මරහ ආදිය ධූරිභුත වී වේවා යැයි යන අපේක්ෂාවෙනි.
පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්
තෙල් දැමුව දොළොස් මහ පහන් වැටෙන්
ගම රට එනවද පාන්දරින්
රන් එළිය අරන්
රන් එළිය අරන්
සූර්යයා වසරක් පුරා නොනවතින සක්මනේ වටයක් ගොසින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා රාශි දොළහ ආවරණය කරමින් 365 වැනි දින නැකතක් නොමැති ”නොනගත” කාලයේදී මද විරාමයක් ගනී.ඒ නොනගත කාලයේදී අපි හැමෝම සියලු වැඩ රාජකාරීවලින් මිදී පුණ්‍ය කටයුතුවල යෙදෙන්නේ සූර්ය සංක්‍රාන්තියට ගරු කරමිනුයි.පුණ්‍යකාලයේ දී ගැමියෝ ආගමදහමට මුල්තැන දෙමින් පන්සල් ගොස් වන්දනා මාන කරති.දොළොස්මහේ පහන දල්වති.අවසාන වදන්වැළෙන් සුවිශද වන්නේ හිරු දෙවියන් සූර්යමංගල්‍යයට වඩිනතුරු සියලුදෙනා අපේක්ෂා දල්වාගෙන බලා සිටින බව නො වෙි ද?
සිංහල අලුත් අවුරුදු උදාව පිළිබඳ විවිධ ගීත රචනා වී ඇත.එහෙත් මෙි ගීතය එහි සැබෑ අරුත ග්‍රහණය කරගෙන ඇති බව කීම අතිශයෝක්තියක් නො වෙි.රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වදන්වැළෙන් එය වඩාත් තීව්‍ර වී තිබෙි.මුළු ගීතයටම විෂය වී තිබෙන්නේ සිංහල ජන සංස්කෘතිය යි.එහි පෙනෙන,නොපෙනෙන පැති පමණක් නොව පාරිසරික සාධක පවා ඉතා සූක්ෂ්ම අයුරින් විදහා දැක්වීමට ද රත්න ශ්‍රී විජේසිංහයෝ උත්සුක වෙති.මෙනයින් බලන කල අපට හුරුපුරුදු ගැමි වදන් මාලාවකින් රචනා කර ඇති මෙම ගීතය සුදුර්ලභ ගීමිණක් නො වෙි ද?
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලන්දේ උකුල උඩ