රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද අතුල අදිකාරිගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනාවෙන් ද යුතු මෙි ගීතය වත්මන් කාන්තාවගේ ජීවන ඛෙිදවාචකය සුවිශද කරයි.
අද අැසෙන බොහෝ ගීතවලින් සිදුවන්නේ ජුගුප්සිත හැඟීම් අවදි කොට භාව භංග කිරීමය.එබඳු මරළතෝනි,උඩුබිරුම්,බෙරිහන්දීම් ඇසෙන විපරිත සමාජයක ශබ්ද දුෂණය මැද අපි මහත් අසීරුවෙන් දෙසවන බෙිරාගෙන සිටින්නෙමු.එහෙත් ඇතැම් එෆ්.එම් නාලිකා යටකී අවර ගණයේ ගීත අපට නිතර බලෙන් අස්සවයි.ගීතයකින් සිදුවිය යුත්තේ භාව ප්‍රකෝප කිරීම නොව භාව විකසිත කිරීමය.ගේය පද රචකයන් කෙතරම් බිහිවුණ ද සියුම් රස ජනනයට මුලපුරන සාහිත්‍ය රසයෙන් අනූන නැවුම්බර, හැඟුම්බර, හරබර, ධ්වනි තාර්ථ පූර්ණ ගුණයෙන් පොහොණි ගේය කාව්‍ය සිත්තරුවෝ සුදුර්ලභයෝය.ගීතයකින් මොනතරම් ආකෘතික හරඹ වාග්කෙළි කළ ද මිනිස් හැඟීම් නමැති ක්ෂේත්‍රය මගහැර නොයා යුතුය.ගීතයක ජීවිතය,මානව බන්ධුත්වය නැත්නම් එය සොහොන් පිට්ටනියක් බඳුය.මිනිස් හඬින් තොර පාළු සුසානයක ජීවත්වීට කැමැති කිසිවකු මෙි මිහිපිට නැත.මානව හැඟීම් යනු ආලය, රාගය, සන්තාපය, වෛරය, ක්‍රෝධය සන්තෘෂ්ටිය, ජුගුප්සාව යනාදිය යි.කලාවේ සාරය වන යටකී ලක්ෂණ නොවේ නම් එය ගීතයක් නොවන්නේය. ඕනෑම කලාකෘතියක කර්තව්‍ය නම් එය සමඟ සම්පර්කයට සම්ප්‍රාප්ත වන රසිකයා තුළ මානව හැඟීම් හෝ හැඟීමක් පෝෂණය ද ශික්ෂණය ද කිරීමය.
රත්න ශ්‍රී විජේසිංහයන් විසින් විරචිත මේ සුදුර්ලභ ගී මිණ ද එකී ගුණාංග දහසකින් සංලක්ෂිතය.අතුල අදිකාරී වැනි ගායකයකු මෙබඳු භාවපූර්ණ ගීතයක් ගැයීම ද විස්මය ජනකය.
පුරුෂෝත්මවාදය රජයන පෙරදිග රටවල ස්ත්‍රිය කුටුම්බය නමැති සිරගෙයි තනිවී මුළු ජීවිත කාලය ම ශෝකාන්ධකාරයේ ගෙවා දමන්නීය.ගෙහිමියා හෙවත් පවුලේ ගෘහමූලිකයා සැමියා ය.මෙනයින් බිරිඳ සහ දරුවන්ගේ පරම රැකවලා වන්නේ ද ස්වාමි පුරුෂයා ය.එහෙත් චිරාගත සමාජවල ගැහැනිය ගෘහයට බැඳ තබන බලවත් බැමි ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.ගේහසිත ප්‍රේමයේදී ස්ත්‍රිය තම ස්වාමි පුරුෂයාට,දරුවන්ට ආහාරපාන සපයා දෙමින් දුකසැප සොයා බලමින් දවස හරින්නීය.එහෙත් මෙකී ස්ත්‍රිය කුටුම්බයට බඳින ලද ප්‍රබලතම බැම්මක් ඇත.මෙි බැම්ම ඇති කළෝ දරුවෝය.එහෙත් පුරුෂාධිපත්‍ය රජකරන පුරුෂෝත්මවාදී සමාජයක ලලනාවෝ නිතර බියෙන් සැකයෙන් පීඩනයෙන් ජීවත් වෙති.පුරුෂෝත්මවාදය මිහිපිට පැටවුණු දා සිට සියලු ලලනාවෝ බැරි බර කර ගසා එයින් මැඬී ජීවත් වෙති.එදා මෙන් නොව අද අඹු සැමියෝ ගේහසිත ප්‍රේමය රිසිසේ බුක්ති නොවිඳිති. ඔවුහු නිතර අඬදබර කර ගනිති. පැරණි සමාජයේ අඹු සැමියන් තුළ තිබූ ඉවසීම දරා ගැනීම පරිත්‍යාගශීලී බව අද කුටුම්බ ජීවිත ගත කරන පරම්පරාවට නැත. අද පවුලක සිදුවන පුංචි අඬදබරයක පවා අවසානය දික්කසාදය නොවෙිද? "දෙදෙනාගේ අඬදබර බත ඉදෙනතුරු පමණයි" යන ජනප්‍රිය කියමන වත්මන් සමාජයට තවදුරටත් වලංගු නොවේ. පුංචි බහින්බස්වීමක් පවා දික්කසාදය තෙක් දිග්ගැසෙන තරමට වත්මන් සමාජයේ පවුල් සංසථාව පිරිහී ජරාජීර්ණ වී ඇත.එහෙත් ගෙදර අගහිඟකම් බලා සිටීමට නොහැකි තැන ඇතැම් කාන්තවෝ මැදපෙරදිග රැකියාවලට පවා යති.මෙහිදී මවු සෙනෙහස,රැකවරණය අහමි වී ඇතැම් දරවෝ අසරණ වී අනාථ වී සිටිති.
මෙනයින් කාන්තාවකට කුටුම්බයේ ඇති යටකී බැඳුම්වලින් තොරව ජීවත් විය නොහැකිය. මෙි වූකලි ජීවිතාන්ත බැඳුම් නොවෙිද?එහෙත් වත්මන් සමාජයේ ජීවත් වන කතුන්ට මෙකී බැඳීම්වලට නතුවී සිරවී ජීවත් විය හැකිද?පීඩිත පන්තියේ අසරණ දුගී කාන්තාවෝ මෙකී බැමි කඩාගෙන බිඳගෙන ගොස් තම ශ්‍රමය වෙළෙඳ පොළේ අලෙවි කරති.තරුණියෝ වෙළෙඳ කලාපයේ සන්නාලියෝ වෙති.විවාහක කාන්තාවෝ මැදපෙරදිග ගොස් අපාදුක විඳිමින් හාම්පුතුන්ට කඹුරති.මෙි ගීතයෙන් කියැවෙන්නේ එලෙස කුටුම්බය අතැර දරුවන්ගේ උදර පෝෂණය වෙනුවෙන් ගිය අහිංසක ගැහැනියක ගැන නොවෙිද?මෙි වූකලි රමණීය කාව්යෝක් ති සහිත ධ්වනිතාර්ථ පූර්ණ ගීමිණකි.
සොඬින් නෙළුම් මල
ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා බැඳි
විලංගුවේ
මෙි ගීතයේ ස්ථායි කොටසෙන් කිසියම් සිද්ධස්ථානයක පෙරහරක රන් වස්ත්‍රාභරණනේ සැරැසී යන ඇතින්නකගේ රූපකාය සිහිගන්වයි.මෙහිදී රචකයා පෙන්වීමට යත්න දරනනේ එහි ඇති සශ්‍රීකත්වය,සරුසාර භාවය නොවෙිද? ව්‍යංග්‍යාර්ථ දනවන මෙි ගීසපුවෙහි දිසි අරුත පරයා වැසි අරුත නැගී සිටියි.මෙනයින් ඉසියුම් වූත්,ඉගැඹුරු වූත් අරුත් දනවන මෙි ගීතයෙන් අප හදවතේ කරුණ රසය ජනිත කරවයි.
යදම් අමතක ද පා බැඳි
විලංගුවේ
ස්ථායි කොටසේ අවසන් ගීපාදයෙන් ගම්‍ය වන්නේ යටකී බැඳුම් පිළිබඳ නොවෙිද? දරුවන් අතැර එතෙර ගිය ඇයට මෙි යදම් අමතක දැයි ගීතයේ කථකයා අසන්නේ එබැවිනි.
පුතුන් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොම් දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කළේ මන්දැයි
මෙහිදී රචකයා රමණීය යෙදුමක් භාවිත කරයි.ඔහු එහිදී "ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි"යනුවෙන් සියුම් පැනයක් අසයි.දරු සෙනෙහස ගාල් කිරීම වනාහි දරුවන්ට මවගේ සෙනෙහස අහිමි කිරීම නොවෙිද?මෙි කථකාව මැදපෙරදිග රැකියාවට යාමෙන් දරුවන්ට අහිමි වුණේ මවු සෙනෙහස පමණක්ම ද? නැත.ඒ අසරණ දරුවන්ට මවගේ රුහිරෙන් එරෙන තන කිරත් අහිමිවිය.දරුවන්ට බොන්නට කිරි නැති බවත් ඇය දරු සෙනෙහස ගාල් කළ බවත් කියන විට අප හද ශෝකයෙන් පිරි මානව බන්ධුත්වයෙන් උතුරා නොයයි ද?මෙහිදී රත්න ශ්‍රී විජේසිංහ නමැති බුහුටි ගේය පද රචකයා රසිකයාගේ බුද්ධිය හා හදවත යන දෙකටම ආමන්ත්‍රණය කරයි.මෙි මානව සංස්පර්ශය කෙතරම් ප්‍රබලද යන්න අවසන් අන්තරා කොටසෙන් වඩාත් ගම්‍ය වෙි.
වටින් මහ සෙනඟ ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි
මිනිසා යසඉසුරින් බැබළෙන කල නෑ හිතමිත්‍ර ආදීහු පමණක් නොව අඹුදරුවෝ පවා පමණට වඩා පුද සත්කාර වැඳුම් පිදුම් කරති.ධනය සියලු බල පරදයි.මළගිය ප්‍රාණකාරයෝ ද මුදලට ගිජුව දිව දික් කරති.මෙහිදී පෙරහර නැරඹීමට පැමිණි මහසෙනඟ ඇතින්නට "සාදුකාර" දී වැන්දේ ඇයි? ඒ පොදු ජනයා ධනයට, බලයට,කීර්තියට,තේජසට දක්වන කෑදරකම සහ අධික තෘෂ්ණාව හින්දයි.එහෙයින් ජනතාව සාදු නදින් වැඳ නමස්කාර කරන්නේ අැතින්නට නොව ඇය සොඬින් දරාගෙන සිටින නෙළුමටය.එහෙත් මෙහිදී කථකයා එම වැඳුම් පිදුම් සියල්ල මව වෙනුවෙන් බව පවසමින් කරන්නේ ආත්මවංචාවක් නොවෙිද?
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සොඬින් නෙළුම් මල ගෙනියන