මහින්ද අල්ගමයන්ගේ ගේය පද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුදුර්ලභ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ ගේහසිත ප්‍රේමයේ සුන්දරත්වය පමණක් නොව දරුවන් අරබයා වන වාත්සල්‍ය ද මොනවට පැහැදිලි කරයි.
දාරක ප්‍රේමය හෙවත් වාත්සල්‍යය සෑම මවුපියකුට ම ඇත.මවුපියෝ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් දිව රෑ නිදි නොලබා වෙහෙසෙති.එහෙත් ඇතැම් දරුවෝ කරදඬු උස්මහත් වෙනකොට මවුපියන්ට කොනහති.ගෙදරිනුත් පන්නති.මහලු මඩමකට ගාල් කරති.මෙසේ බලන කල දාරක ප්‍රේමයට අද වටිනාකමක් නැත.වත්මන් සමාජයේ බොහෝ දරුවෝ හැදු වැදු මවුපියන්ට ගරු නොකරති.එහෙත් කුඩා කල සිටම සෑම දරුවකුට ම තම මවුපියන්ගේ අගය කියා දිය යුතු නොවෙිද?එහෙත් එය කළ හැක්කේ ද මවුපියන්ට ම පමණි.පියකුට තම දරුවන්ට මවගේ වටිනාකම පහදා දිය හැකිය.එමෙන්ම මවට ද පියා පිළිබඳ එසේ සිතීමට දරුවන් පෙලඹවිය හැකි නොවෙිද?
මෙි ගීපාදවලින් උද්දීපනය කෙරෙන්නේ ද යටකී මවුපිය සෙනෙහස හා වටිනාකම පිළිබඳ රසපරිසරය ම නොවෙිද ?මෙි වූකලි පියකු,මවක හා පුතකු අතර බැඳි අධ්‍යාත්මික ප්‍රේමයකි.
ස්වාමියා උදෑසන රැකියාවට ගොස් නැවත ගෙදර එනතුරු නොඉවසිල්ලෙන් මගබලා සිටින බිරියක තම කුඩා පුතුට පරිසරය හා ඒකාත්මික වෙමින් පියාගේ අගය නිර්ලෝභීව වටහා දෙන්නීය.මෙහිදී රචකයා උනුන් එකිනෙකා අතර ඇති ප්‍රේමය කාව්‍යෝතියට නගන්නේ සොඳුරු සිතුවමක් මෙනි.ගෙදර ගෘහමූලිකයා පියා ය.මවගේ සෙවණේ දරුවන්ට සෙනෙහස රැකවරණය තිබුණ ද පියා නැති තැන කුටුම්බය අරාජිකය.සුතනඹුවන්ට බත සරිකර දෙන්නේ ද පියා ය.එබඳු පියකුගේ අගය මෙි මව තම පුතුට වටහා දෙන අයුරු බලන්න.
රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැදෑ අඳුර පියමන් කර
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ
වසන්ත කාලයේ රුක්අත්තන ගහේ අතු රිකිලි පුරා මල් පිපී මුළු පරිසරය ම වර්ණවත් වෙි.එවිට රාස්සිගේ අව්ව මැදින් බඹරු ඇවිත් එක පොදියට සුන්දර මල් වටා පැදකුණු කරති.මෙහිදී කථකාව තම සිඟිති පුතු මිදුලට කැටුව ඇවිත් රුක්අත්තන ගහේ වරුණ සමග සැඳෑ අඳුර මැදින් පියා නිවෙසට එන බව පවසන්නීය.ඇය තම පුතුට පරිසරයේ සුන්දරත්වය වටහා දෙන අතරේ පියාගේ අගය ද වනන්නීය.අද මෙන් නොව එකල සමාජයේ තම කුටුම්බය වෙනුවෙන් දිවිහිමියෙන් වෙහෙසුණු සත්පුරුෂ පියවරු සිටියහ.මවුවරු ද සිටියෝය.එහෙත් අද සමාජයේ උනුන්ගේ වටිනාකම් අහෝසි වී ගොසිනි.දූදරුවෝ සහ වැඩිහිටියෝ එකිනෙකාගෙන් වෙන්වී උනුන්ගේ ලෝකවල ජීවත්වෙති.දරුවන්ට සොබාදහමේ ඇති වටිනාකම වටහා දිය යුත්තේ කුඩාකල සිටම ය.එසේ නොවුණහොත් ඔවුහු සතාසිවුපාවුන්ට පවා කරුණා දයාව නොදක්වති.සොබාදහම මර්දනය කිරීමට,විනාශ කිරීමට පෙලඹෙති.දරුවන්ගේ ලෝකය සෞන්දර්යයෙන් ම පිරී පවතී.මෙනයින් සොබාදහමේ සෑම අංගයක් ම දරුවන්ට සුන්දරය.සුපිරි සුදුය.එබැවින් දරුවන් ඒ හා ඒකාත්මික කිරීමට ද පහසුය.මෙි මව උත්සාහ කරනුයේ එකී රස පරිසරයේ වටිනාකම තම දරුවාට ඒත්තු ගැන්වීමට නොවෙිද?
මුතු පිනි දැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා
පියමං කරලා
අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ
මෙහිදී රචකයා ස්වභාවෝක්තිය පරිහරණය කොට ඇත ද එය අලංකාරෝක්තියකි.තම පියා උදෑසන ගෙදරින් පිටවන විට සවනට රහස් කියා පියමං කළ බව කීමෙන් එය මනා ලෙස නිරූපණය නොවෙිද?
මෙි ගීතයේ රචක මහින්ද අල්ගමයෝ ප්‍රතිභාපූර්ණ කවියෙක් ද වෙති.එහෙයින් ඔවුහු ගීසපුව වර්ණවත් කිරීමට ව්‍යංග්‍යාර්ථ,උපමා රූපක පමණක් නොව රමණීය යෙදුම් ද භාවිතයට ගනිති.උදෑසන මුතුකැට මෙන් බිම වැටී තිබෙන පිනිබිඳු දිමුතු හිරු එළියට වියැකී යයි.එහෙත් පියා තම පුතුගේ සවනට පවසන්නේ කුමක් ද? ඔහු තුළ ඇති දාරක ප්‍රේමය යි.මෙි නම් කෙතරම් රමණීය යෙදුමක් ද?මෙහිදී මව තම පුතුට පවසන්නේ එසේ ආදරයෙන් නිවෙසින් පිටවී ගිය පියා නැවත ගෙදර එන්නේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් වෙහෙස මහන්සි වී බවය.මෙි වූකලි කෙතරම් සෙනෙහෙබර,නැවුම්බර,උදාර සිතුවිල්ලක් ද? සෑම සැමියකු ගැනම මෙසේ සිතන බිරින්දෑවරු ලොව තවත් සිටිත් ද? එසේ සිටී නම් එබඳු නිවෙස් ගේහසිත ප්‍රේමයෙන් පිරී නොපවතී ද?
පතොක් වැටිය උඩින් ඇදී
දිවයුරු මිය යන මොහොතේ
පුරාහඳක් සේ ඈතින්
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ
මෙි ගීතයේ කූටප්‍රාප්තිය අවසන් අන්තරා කොටස නොවෙිද? උදෑසන ම නිවෙසින් බැහැරව රැකියාවට ගිය පියා නැවත නිවෙසට එන්නේ පතොක් වැටිය උඩින් දිවයුරු මියයන මොහොතේ බව මව පවසන්නීය.මෙහිදී දිවයුරු යනු කිම? හිරු මඬලය.මෙය රමණීය කාව්‍යෝතියක් නොවෙිද?එපමණක් නොව දැන් එළැඹ ඇත්තේ සැඳෑ කාලය බව ඇඟවීමට ද රචකයා මෙි යෙදුම භාවිත කරයි.එහෙත් ඉර බැස ගිය ද ඔවුන්ගේ නිවෙසට අඳුර ගලා නොඑයි.පියා පුර්ණ චන්ද්‍රයා සේ බබළමින් ගෙට සේන්දු වෙයි.එවිට ඔවුන්ට සෙනෙහස,කරුණාව,දයාව පමණක් නොව රැකවරණ ද ලැබෙි.මෙි ගීතයේ දීපක ගුණය හෙවත් දැල්වෙන තැන මෙය නොවෙිද? පුරහඳ කිසිදු අඩුවක් නැතිව මුළු පරිසරය ම එකලු කරයි.එසේම ස්වාමියා නිවෙසට පැමිණි විට ඇයගේ ද පාළුව,කාන්සිය,තනිකම ද මැකී යයි.ගේහසිත ප්‍රේමය විඳින්නෝ විවාහ ජීවිතයේ සුන්දරත්වය දකින්නෝය.ඔවුහු දරුවන්ට ද එහි ඇති වටිනාකම වටහා දෙති.මෙි ගීතයේ සංගීතයෙහි ද අපූර්වත්වයක් ඇත.ජන සංගීත නාද රටා ඔස්සේ කර්ණරසායන ස්වරාලංකාරයක් අපට ඇසේ.මෙසේ බලන කල මෙි ගීමිණ ශ්‍රවණය කරන රසිකයා තුළ ගේහසිත ප්‍රේමය පිළිබඳ ලොබලිය ම ලියලවයි.
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රුක්අත්තන මල මුදුනේ