IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


තිරය ඇරෙනවා

ගීවිනිස

 

 

 

බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන්තරවල ජීවත් වන ගැමි සුවඳ නොහඳුනන   දරුවන්ගේ  ජීවිතයේ ව්‍යාජ ස්වරූපය   මොනවට පැහැදිලි කරයි.

ගැමි සමාජයේ කුඹුරු හේන් කොටන්නෝ ස්වාධීන  ජීවිත ගත කරන අව්‍යාජ ගොවියෝ ය.ඔවුහු තමාට අයිති   හේනක් කුඹුරක් කරමින් කාටවත් අතනොපා සාඩම්බර ජීවිත ගත කරන්නෝ ය.ඇතමෙක් අඳයට ද වැඩ කරති.⁣එහෙත් මෙරට ගොවියාට යටකී පරිදි සාඩම්බර ජීවිතයක් ගත කිරීමට තරම් ආර්ථික පසුබිමක්,හයියක් තිබෙිද? ගොවිතැන් කළ කල්හි රට බතින් බුලතින් ස්වයංපෝෂිත වන බව කිව්ව ද වත්මන් ගොවියා නට්ටම්ය.මෝල් හිමියෝ ගොවියාගේ වී කුණුකොල්ලයට ගෙන පාරිභෝගිකයාට ගිනි ගානට සහල් කර විකුණති.⁣ඔවුහු එයින්  අසීමිත ලාභ ලබති.එපමණක් නොව පොහොර මිල අධිකය.ඉන්ධන මිල ද එසේම ය.ට්‍රැක්ටර් කෘෂි ආම්පන්න මිල ද නහුතෙට නැගී ඇත.වැඩ කුලී ද අහස උසටය.මෙනයින් බලන කල ගොවිතැන කරනවාට වඩා හාල් මෝලක් හෝ කඩයක් දමා ගැනීම ලාභදායකය.එහෙත් සහල් මිල ද රොකට් වෙිගයෙන් නගී. තතු එසේ වූව ද ආමාරුවෙන් හෝ ගොවීහු බත සරිකර ගැනීමට බැරි මරගතේ කුඹුරු කරති.එහෙත් සැබෑ ජීවිතයේ කරලිය හිමිවී ඇත්තේ දුක් විඳින යටකී ගොවියාට නොව නගරයේ ව්‍යාජ නළු නිළියන්ටය.ඔවුහු ගොවිකම තොරොම්බල් කරති.එපමණක් නොව කරලිය පැමිණ නානාවිධ රැඟුමින් විවිධ ප්‍රසංග පවත්වති.තම පාසල්  අවදියේ දී  යටකී  ඛෙිදවාචකය සියැසින් දුටු බණ්ඩාර ඇහැලියගොඩයෝ ඒ පිළිබඳ අපූරු ගීතයක් පසුකාලීනව සුනිල් එදිරිසිංහයන්ට රචනා කළහ.මෙි වූ කලි ඒ සොඳුරු ගීමිණ යි.


1983 වසරේ නිර්මාණය වූ "තිරය ඇරෙනවා"  ගීතය  පිළිබඳ බණ්ඩාර  ඇහැලියගොඩයෝ මෙසේ කියති.

"මම ඇහැළියගොඩ ඉගෙනුම ලබමින් හිටි කාලයේ විශාල කොන්සර්ට් එකක් තිබුණා. එ්කට කොළඹ කාන්තා විද්‍යාලයෙන් අැවිත් හිටියා. ඒ අය තමයි "බතේ උපත" නමින් විවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කළේ.මට ඒවෙලාවෙි කල්පනා  වුණා,අපි උදේ හවස කුඹුරු වැඩ කරන අය වෙලත් මෙි වගෙ කරලියක් අපට හිමි නැහැ නේද කියලා. ඉස්කොලේ ඇරිලා ගිහින් කුඹුරේ වැඩට උදවු වන අපි ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි හොඳින්ම දන්නවා.එහෙත් සක්‍රීයව කුඹුරට සම්බන්ධ අපි වේදිකාව පල්ලේහාට වෙලා මෙි නර්තනය  බලන් ඉන්නවා. කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දෑකැත්තක් අත නොගැටුණු අය ඇවිදින් වේදිකාව උඩ නටනවා.එහෙත්  අපි නෙවෙයි ද මෙතන ඉන්න ඕනෑ  කියලා එදා මට හිතුණා . 1970 ගණන් වල මා ලැබූ ඒ අත්දැකීම තමයි 83 දි ගීතයක් බවට පත්වුණේ"

 

තිරය ඇරෙනවා තිරය වැහෙනවා

ඔල්වරසන් හඬ පැතිරෙනවා

සඳලුතලෙන් බැස මානවිකාවන්

තාලෙට ඉඟසුඟ නටවනවා


කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති

නළ වතුරෙන් සැනහෙන දරුවෝ

ගොයම් නැටුමකට දෑකැති ලෙළවති

කුඹුරක් ඇස නොගැටුණ දරුවෝ

 

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට

කරලිය හිමි නැති අපේ ළමයි

හේනට කුඹුරට ගත සවි දියකර

කරලිය අබියස බලා හිඳී


ගායනය : සුනිල් එදිරිසිංහ
ගේයපද : බණ්ඩාර ඇහැලියගොඩ 
සංගීතය : රෝහණ වීරසිංහ 

අද දින අප මෙි ගීතය තෝරාගත්තේ ගොවිකමින් රට පෙරට ගෙන යෑමෙි ඉදිරිදැක්ම,මහගොස පසුගිය ආණ්ඩු යහමින් තොරොම්බල් කළ  හෙයිනි.එහෙත් වත්මන් ආණ්ඩුව ඊට පුර්ණ අනුග්‍රහයයක් දී ගොවියාට අහිමි වූ කරලිය ලබා දෙනු අතැයි ද අපි විශ්වාස කරමු.



අදහස් (1)

තිරය ඇරෙනවා

රංචාගොඩගේ මධුෂංඛ Wednesday, 04 December 2024 02:27 PM

ශෂි ප්‍රභාත් මහතා විසින් රවිත මෙම කොන්ක්‍රීට් වනාන්තර වල ජිවත්වන ජන ජිවිත වලට වැදගත් වන පිරිසිදු වචන වලින් පරිපූර්ණ අදහස් වලින් ජිවත්වලට වටිනා අදහස් වලින් ජිවත් විමට ක්‍රම සලසා දී මෙවන් අදහස් තවත් පලකිරිමට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මා නවතිමි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site