හේමසිරි කුලතුංගයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේයපද රචනයෙන් ද අමරසිරි පීරිස්ගේ කර්ණරසායන ස්වර මාධූර්යෙන් ද ප්‍රේමසිරි කේමදාාසයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත මෙි මහඟු ගීමිණ මානව බන්ධූත්වයෙන් අප හද කම්පනය කරයි.
මෙි ගීතයේ අත්දැකීම කොතැනින් ගලා එන්නේ ද? 1977 වර්ෂයේ ශ්‍රී ලංකාවට අවතීර්ණ වූ විවෘත ආර්ථිකය හේතුවෙන් රටටත් නගරයටත් ගමටත් සිදුවූ සමාජ,දේශපාලන,සංස්කෘතික හා අර්ථීක බලපෑම මෙි ගීතයට පාදක වී ඇත.මෙරට සංවෘත ආර්ථිකයයේ දොරගුළු විවර කළෝ හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධනයෝය.එහෙත් මෙි විවෘත ආර්ථිකය හේතුවෙන් නගරයට වඩා ගමට සිදුවුණු සන්තෑසිය අපමණය.වැවයි-දාගැබයි - පන්සලයි යන සංකල්පය ඔස්සේ උත්කර්ෂයට නංවා තිබු ගමෙි නිර්මල ගැමි බෞද්ධ සංස්කෘතිය විවෘත ආර්ථික මාරයා බිලි ගත්තේය.කොළඹ කේන්ද්‍රීය ආර්ථිකය ගමට සංක්‍රමණය වීමෙන් පසු ගම් නගර බවට පරිවර්තනය විය.කම්හල්, සංචාරක හෝටල්,පාලම්,බෝක්කු දසත ඉදිවිය.මෙි සා රැකියා වෙළෙඳපොළක් නිර්මාණය වූව ද ගමෙි සාම්ප්‍රදායික වෘත්තිකයාට තම තෘප්තිමත් හුරුපුරුදු රැකියාව අහිමි විය.රටට විවෘත ආර්ථිකය ඇතුළු වීමෙන් නව රැකියා වෙළෙඳපොළක් උත්පාදනය වූ බව ඇත්තය.එහෙත් ඒ සංවර්ධන ප්‍රවාහයට සමගාමීව සංස්කෘතික ආක්‍රමණයක් ද සිදුවිය.එහෙත් මෙබඳු වෙළෙඳ අර්ථ ක්‍රමයක් ගමට සංකේන්ද්‍රණය වූවද ගමෙි පාසලෙන් උගත් ගැමි තරුණ තරුණියන් නගරයට පැණීම වැළක්වීම මෙකී විවෘ ආර්ථිකයට නොහැකි විය.අදටත් උගත් ගැමි තරුණයා ගම අතහැර කොළඹට දුවගෙන එන්නේ ගමෙි නැති කිසියම් තේජසක්,වටිනාකමක් නගරයේ ඇතැයි යන අන්ධ විශ්වාසය මතය.විවෘත ආර්ථිකයේ අනුහසින් ගම් නියම්ගම් නගර බවට පත්වන විට සොබාදහමේ සොඳුරු දායාද බඳු ගමේ ස්වාභාවික සම්පත් ද ක්‍රමයෙන් විනාශ මුඛයට ඇදී ගියේය.මේ ගීතයේ මතුපිට අර්ථයෙන් සුවිශද වන්නේ ගමට නව පාලමක් ඉදිවීමෙන් පසු ගඟක හෝ වැවක සිටි තොටියකුට හෙවත් පාරු පදින්නකුට අත් වූ ඉරණම ගැනය. එහෙත් ගීතයේ වැසි අරුත හෙවත් ධ්වනිතාර්ථ ඊට හාත්පසින්ම වෙනස්ය.ඉගැඹුරුය.දේශපාලනිකය.
කවුරුවත් නෑ
කවුරුවත් නෑ
එගොඩට යන්නට
එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ ඔහෙ තිබුණා වෙි
කවුරුවත් නෑ
කවුරුවත් නෑ
කාව්‍ය වනාහි ධ්වනිතාර්ථයන්ගෙන් සමන්විය යුතුය යැයි කියනු ලැබේ.ධ්වනිතාර්ථ නම් වචන මාලාවෙන් ඉඳුරාම නොකියැවෙන නමුත් වචන සංකලනයෙන් මතුව එන අදිසි වූ ද හැඟෙන්නා වූ ද අර්ථයකි.හේමසිරි කුලතුංගයන් විසින් විරචිත මෙි ගීපදවල මෙකියන කාව්‍යමය ලක්ෂණ ඇත.මෙි තොටියා දෑස් දල්වා මග බලාගෙන ඉන්නේ ගඟෙන් එගොඩවීමට මගියකු එනතුරු නොවෙිද?එහෙත් ගමට අලුතින් පාලමක් ඉදිවුණු පසු පාරුවෙන් ගමන් කරන්නෝ කවරහුද? එසේ යන්නේ නම් ඔවුහු උම්මන්තකයෝය.එකුදු මගියකු නැති පාරුව හිස්ය.මෙහිදී ඉරගල වැටිලා යනු හිරු අවරට යන හෝරාවයි.එකී නිමෙිෂයේ පාරුව තුළට සෙමෙන් අන්ධකාරය ගලා එයි.මෙනයින් තොටියාට දැනෙන පාළුව, තනිකම, කාන්සිය,වචනයෙන් විස්තර කළ හැකිද? රාත්‍රිය පැමිණි පසු වෙනදාට දල්වන ලන්තෑරුම පිළිබඳ අද ඔහුට නිනව්වක් නැත.ලන්තෑරුම් එළයෙන් දැන් ඔහු කුමන මගියකු ගඟෙන් එතෙර කරන්නද?
විවෘත ආර්ථිකයේ කුරිරු විපාකවලට,දුර්දශාවට පාත්‍ර වන්නේ මෙබඳු පීඩිත පන්තියේ අසරණයෝ නොවෙත්ද? මෙි ගීතයට අනුව ගඟෙන් වෙන්වන ගම්මාන දෙකක් ඇත.එහෙත් මෙි ගම්මාන දෙක යාකරන තොටියාට අද තම රැකියාව අහිමිවී ගොසිනි.ගමට නව පාලමක් ඉදිවීමෙන් අහිංසක තොටියාට යන එන මං පවා නැති විය.එහෙත් ගම්මු වෙනදා මෙන් නොව මහත් උජාරුවෙන්, සැහැල්ලුවෙන් තම ගමන් බිමන් යති.
දවසින් දවසට පාලම හැදුණා
පාලම් මෝලේ හෙණ හඬ ඇසුණා
කිරල කැලෑවේ කුරුලු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්
දිනෙන් දින ගොඩනැගුණු පාලම ගමෙි මගීන්ට මහත් අස්වැසිල්ලකි.ඔවුහු ඒ දෙස ඔබමොබ යමින් සතුටු කඳුළු වපුරති.එහෙත් තොටියාට මෙි දසුන හිත පාරන වෙිදනාවකි.පාලම හදන වැඩබිමෙි හෙණහඬ මෙන් ඇසෙන යන්ත්‍ර සූත්‍රවල ඝෝෂාකාරී ශබ්දයට බියෙන් කැලෑවෙි හිටපු සතාසිවුපාවුන්,කුරුලු කොබෙයියන් පවා අද ගම අතැර ගොසිනි.කිරල කැලෑවත් පාළුවී ඇත.විවෘත ආර්ථිකය හේතුවෙන් මිනිසා කෙතරම් වරප්‍රසාද ලැබූව ද එයින් ගමට සිදුවී ඇති සන්තෑසිය ප්‍රබලය.අද එදා මෙන් නොව ගමට හොඳ දේ මෙන්ම නරක,නොහොබිනා දේවල් ද ක්‍රමයෙන් ඇතුළු වී තිබෙි.
දෑතේ අතැඟිලි හබලට
ගෙවුණා
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා
මෙතුවක් නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා
වාගෙයි
මෙහිදී තොටියා පවසන්නේ තම දෑතේ ඇඟිලි හබලටම දිය ඇති බව නොවෙිද?උසුලා ගත නොහැකි තරම් බඩුබාහිරාදිය තම පාරුවෙන් රැගෙන ගිය ද කිසිදු දවසක නොහොබිනා දේවල් ගමට රැගෙන යාමට ඔහුගෙන් අනුබලයක් නොතිබිණි.එහෙත් අලුත් පාලමෙන් එගොඩ මෙගොඩ යන ඇතැම් ජාවාරමුන් අද පාලම මතින් තමාට ඔච්චම් කරමින් ගමට කුඩු,ගංජා වැනි මත්ද්‍රව්‍ය පවා රැගෙන යන බව නොවෙිද තොටියා මෙි කියන්නේ? මෙහි ව්‍යංග්‍යාර්ථය කෙතරම් රමණීය ද? විවෘත ආර්ථිකයේ තතු එසේ වූවද අද මිනිසා බුක්ති විඳින මෙි අසීමිත නිදහස් සුඛෝපභෝගී ජීවිතය ගේ දොරකඩට ම කැටුව ආවෙිද යටකී විවෘත ආර්ථික රකුසාය.මෙනයින් විවෘත ආර්ථිකය භංගවෙිවා යනුවෙන් පවසන්නෝ විරල වෙති.
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කවුරුවත් නෑ