IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඔබෙි නමින් සෑය බඳිමි


මහගම සේකරයන් විසින් විරචිත,පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කොට ගායනා කරන මෙි ගීතය ජනප්‍රවාදයට අනුව ලියැවුණු ඵෙතිහාසික කතා පුවතක් රැගත් සුදුර්ලභ නිමැවුමකි.

මහගම සේකරයන් විසින් විරචිත මෙි ගීතය ගතානුගතික ලිය වැනුමක් යැයි ඇතමකුට තර්ක කළ හැකිය.එහෙත් එම තර්කය අර්ථ විරහිත අසාධාරණ එකක් යැයි මම යෝජනා කරමි.ඊට හේතුව නම් මෙි ගීතයේ අඩංගු ස්ත්‍රී වර්ණනය කිසිදු විට ගතානුගතික නොවීමයි.එපමණක් නොව මෙහි එන බොහෝ උපමා, රූපක අපූරු වූ නැවුම් ආකාරයකට නවතාවෙන්, කවිතාවෙන් සංකලනය කර තිබීම ද යටකී අපූර්වත්වයට හේතුභූත වී තිබෙි. මෙි විශිෂ්ට ගීමිණ භාෂා ප්‍රයෝග සහිත නවරසයක් උද්වහනය කරන බව කීම ද අතිශයෝක්තියක් නොවෙි.තවද සේකරයන් මෙහිදී චිරාගත උපමා රූපක මාලාව මින් පෙර නොඇසු යෙදුම් කිහිපයක් මඟින් විප්ලවීකරණය කරයි.තතු කෙසේ වූව ද මෙි ඵෙතිහාසික ගීතය චිරාත් කාලයක් රසික හදවත් සුවිභූෂිත කළ අපූරු නිර්මාණයකි.

රුවන් මැලි මහසෑය යනු දුටුගැමුණු රජු විසින් අනුරපුරයේ කරවන ලද විස්මිත ම මහාචෛත්‍යය යි.මෙය ස්වර්ණමාලි මහාචෛත්‍යය යනුවෙන් ද හැඳින්වේ.දුටුගැමුණු රජුට රුවන් මැලි මහසෑය කරවීමට ප්‍රථම එම භූමියේ තිබු රන් තෙලඹු වෘක්ෂය කපා ඉවත් කරගැනීමට වුවමනා විය.එහෙත් එය එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.ස්වර්ණමාලි නම් දිව්‍ය අප්සරාවක් මෙකී රන් තෙලඹු රුක අරක්ගෙන සිටියාය.ඇය එම වෘක්ෂය විමානයක් කොටගෙන එහි වැඩ විසූවාය.අවසානයේ රන් තෙලඹු වෘක්ෂයෙන් ස්වර්ණමාලි දිව්‍යාංගනාව පලවා හැරීමට දුටුගැමුණු රජු උපායක් කල්පනා කළේය.මෙනයින් දුටුගැමුණු රජු ඇයට යාචිඤා කොට අලුතින් ඉදිවන චෛත්‍යයට ඇගේ නම තබන පොරොන්දුව පිට ඇයට එය හැර යන්නට සලස්වා එහි සෑය ඉදිකළ බව ජනප්‍රවාදයේ අසන්නට ලැබෙි.

මහගම සේකරයන් මෙි අපුරු ගීතය රචනා කොට ඇත්තේ එකී ජනප්‍රවාදයට අනුව යැයි කීම අතිශයෝක්තියක් නොවෙි.මෙනයින් මෙහි ගැබ් වන්නේ ස්වර්ණමාලි දිව්‍යාංගනාවට කරන සොඳුරු ආයාචනයකි.එහෙත් මෙහිදී රචකයා චිරාගත ස්ත්‍රී වර්ණනාවල එන සෞකුමාර්ය ඉතා බුහුටි ලෙස කාව්‍යෝක්තියට නඟයි.මෙහි වර්ණිත වන්නේ ස්වර්ණමාලිය නම් දිව්‍ය අප්සරාවගේ අතිශය පියකරු රූප සෞන්දර්ය යි.මෙි වූකලි ස්ත්‍රී රූපයේ සුන්දරත්වය ස්පර්ශ කරන අනගි ගීමිණක් නොවෙිද?

 

ඔබේ නමින් සෑය බඳිමි

විමානයෙන් බසිනු මැනවි

ස්වර්ණමාලියේ

රූබර ස්වර්ණමාලියේ

 

උනා නීල වර්ණ වරල

දෑලේ මල් ගැවසි ලියේ

නගා ඉන්ද්‍රචාප දෙබැම

ඇසින් විදුලි මවන ලියේ

වනා ළමැද කිණිහිරි පෙති

රත්නතිලක පැළඳි ලියේ

සිනා සිසි විමානයෙන්

බසින්න ස්වර්ණමාලියේ

 

මෙහි කථක ගීතයේ ස්ථායි කොටසෙන් පවසන්නේ ස්වර්ණමාලි නමැති දිව්‍යාංගනාව නමින් චෛත්‍යයක් ඉදිකරන බවය.ඔහු එහිදී ඇගේ රූප සම්පත්තිය ගැන වනමින් විමානයෙන් බසින ලෙස ද ආයාචනා කරයි.ඇගේ උනාලූ නිල් පැහැති සුන්දර කෙස් කලඹ ⁣දෙපස සුගන්ධවත් මල් ගවසාගෙනය.එපමණක් නොව ඈ සතු ඇහි දෙබැම දෙව්දුනු මෙන් සුන්දරය.ඇගේ ළමැද වසා කිණිහිරි පෙති ගවසා ඇත.ස්වර්ණමාලියගේ ඇසින් විදුලි එළි සදිසි ආලෝක රටා මැවෙි.නළලත මැණික් වර්ණය රැගත් තිලකයකි.දෑතේ වළලු ද දෙපාවල කුඩාමිණි ගෙඩි ද පැළඳ සිටින ස්වර්ණමාලිය සැබැවින්ම දිව්‍යාංගනාවක් නොවෙිද?

 

අතේ ගිගිරි නාද සලඹ

නුරා හඬින් හඬන ලියේ

කරේ පද්ම කැකුළු මාල

හංස තුඩින් තැළෙන ලියේ

කනේ තෝඩු මිණි ගනරන්

මූණ ‍ඔපය කරන ලියේ

පමා නොවී විමානයෙන්

බසින්න ස්වර්ණමාලියේ

 

ඇගේ දෑත්හි පැළඳි ගිගිරි වළලු පයේ ලූ සලඹ රාව නගෙන්නේ නුරා හඬකි.මෙි වූකලි සම්භෝග ශෘංගාර⁣ සුව ඉල්ලා නඟන රාවයකි.කර පැළඳ තිබෙන්නේ පියුම් පොහොට්ටු මල් දමකි.හංස තුඩු සදිසි ඇගේ සොඳුරු ළැම ස්පර්ශයෙන් පද්ම ⁣කැකුළු පවා නොතැළේවිද?ඈ කන පැළඳ සිටින්නේ ගනරනින් කළ තෝඩුය.එකී ⁣දිළිසෙන තෝඩුවලින් ස්වර්ණමාලියගේ මුහුණ කාන්තියෙන් ඔපවත් වන බව නොවෙිද මෙි කියන්නේ?

 

බාල චන්ද්‍ර පටු නළලත

අලක අඳුන් අඳින ලියේ

ආල වඩන දන්ත කැකුළු

කුන්ද සමන් පිපෙන ලියේ

දෑල දෑත ස්වර්ණදාම

තාල හඬට සැලෙන ලියේ

කෝල නොවී විමානයෙන්

බසින්න ස්වර්ණමාලියේ

 

මෙහිදී කථකයා පවසන්නේ ස්වර්ණමාලියගේ පටු නළල්තලය තරුණ චන්ද්‍රමණ්ඩලය හෙවත් අඬ සඳ සදිසි බවය.එහි අඳුන් අලේප කොට ඇත.කුන්ද සමන් පිපෙන යන්නෙන් ඇගේ සිනාවෙන් ගලා හැළෙන දත්වල කිරිසුදු පැහැති ⁣ශ්වෙිත වර්ණය සුවිශද කරයි.සාමාන්‍යයෙන් කුන්ද සමන් රාත්‍රි සඳ රැසින් විකසිත වන්නේ මඳින් මඳය.රචකයා මෙහිදී කියන්නේ ඇගේ මුවමඬලේ පොබයන මන්දස්මිතය ද එසේ වන බවයි.ස්වර්ණමාලියගේ දෑත්වල ස්වණදාම හෙවත් රන්දමි එල්ලෙයි.අවසානයේදී මෙි සියලු වැනුම්වලින් ගම්‍ය වන්නේ ස්වර්ණමාලිය වනාහි දිව්‍ය අප්සරාවක් බව නොවෙිද?මෙනයින් මහගම සේකරයන් විසින් විරචිත මෙි ගීතය ⁣රමණීය කාව්‍යෝක්තියක් බව කීම අතිශයෝක්තියක් නොවෙි.තවද කවියා අප මින් පෙර නොඇසූ විරූ ධ්වනිතාර්ථපූර්ණ යෙදුම් කිහිපයක් ද මෙි ගීමිණ ඔපවත් කිරීමට යොදාගනී.මෙනයින් බලන කල්හි මෙය මහගම සේකරයන්ගේ තවත් විශිෂ්ටත ම ගේය පද රචනාවක් නොවෙිද?

 



අදහස් (0)

ඔබෙි නමින් සෑය බඳිමි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 209 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site