IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


සමාජවාදයේ ගිනිසිළුව එංගල්ස්

සමාජ ක්‍රමයේ පරිණාමය ස්වභාවික ක්‍රියාවලිය හා බද්ධ වූවක් බවත් සමාජ සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස මිනිස් චින්තනයේ වර්ධනයක් සිදුවන බවත් විද්‍යාත්මක දැක්මකින් හෙළිකළ විද්වතා 1895 අගෝස්තු 05 වැනිදා ලන්ඩන් නගරයේදී මිහි මවගෙන් සමුගත්තේය. ඒ පෙඞ්රික් එංගල්ස්ය.’ ශ්‍රමය හා වැටුප් අතර පොර බදිමින් දිවා රෑ වෙහෙස වී වැඩකරන ජනතාව වෙත විද්‍යාත්මක දර්ශනයක් දායාද කළ. ‘කාල් මාර්ක්ස්’ සමග එකතුව එම දර්ශනය පෝෂණය කරමින් ඉදිරියට ගෙන යාමට ඔහු සිය දිවිය පුරාම කැපවුණි.

එංගල්ස් උපත ලබන්නේ 1820දී ‘ප්රුසියා’ රාජධානියට අයත් රයින් ප්‍රදේශයේ ‘බ්‍රෙමන්’ නමින් හැඳින් වූ නගරයේදීය. ඔහුගේ පියා ව්‍යාපාර හිමිකරුවෙකු වූ අතර. පාසැල් අධ්‍යාපනය අවසානයේ එංගල්ස්ද පියාගේ අඩිපාරේ යමින් වාණිජ ක්‍ෂේත්‍රයට පිවිසුණි. ව්‍යාපාර හා සම්බන්ධ ලිපිකරුවෙකු වශයෙන් රැකියාව කරන අතරම විද්‍යාත්මක දර්ශනය හා දේශපාලනය පිළිබඳ හැදෑරීමේ උනන්දුවෙන් කරගෙන යාමට එංගල්ස් පෙලඹුණි.


ඔහු එම වකවානුවේ ජර්මනියේ සිටි මහා දර්ශනියකයෙකු වූ ‘හේගල්ගේ’ දර්ශනය හැදෑරුවේය. මුල් කාලයේදී ඔහු ‘හේගල්වාදියෙකු’ විය. එහෙත් ගැටුම්කාරී ස්වරූපයෙන් වර්ධනය වන සමාජ ක්‍රමයේ බලපෑම මිනිස් චින්තනයේ හැසිරීම කෙරෙහි දැඩි ලෙස බලපාන බව එංගල්ස් විශ්වාස කළේය. තම පියාද කොටස්කරුවෙකු වූ බි්‍රතා්‍යනයේ ‘මැන්චෙස්ටර්’ නගරයේ ව්‍යපාරික ආයතනයක සේවය කිරීමට අවස්ථාව තරුණ එංගලස්ට ලැබුණි. කර්මාන්ත ක්‍ෂේත්‍රය හා වැඩකරන ජනතාව වෙත වැඩි අවධානයකින් විමසීමේ හැකියාව එහිදී ඔහුට හිමිවිය. කම්කරු පංති ජීවන රටාව ඔවුන්ගේ ශ්‍රමය පිළිබඳව ඔහු දිගින් දිගටම හැදෑරුවේය. විවේක ලත් අවස්ථාවලදී නගරබද කම්කරු මුඩුක්කු ආශ්‍රිත මාවත් දිගේ ඔහු ඇවිද ගියේය. එම නිරීක්‍ෂණ හා අධ්‍යයනවල ප්‍රතිඵලය වූයේ “එංගලන්තයේ කම්කරු පංතියේ තත්ත්වය” නමැති පොත ලියා පළකිරීමයි. එංගලන්තයේදී දේශපාලන අර්ථ ශාස්ත්‍රය පිළිබඳ හදාරමින් ඒ ආශ්‍රිත ලිපි රාශියක් සමාජවාදී සඟරාවලට සපයමින් කම්කරු ජනතාව දැනුමින් පෝෂණය කළේය.


එංගල්ස්ට. ‘කාල් මාර්ක්ස්’ නමැති ප්‍රාඥයා මුණගැසෙන්නේ 1844 අගෝස්තුවේදී පැරිස් නගරයේදීය. එතැන් සිට ඔවුන් දෙපලගේ වසර 40ක සමීප සබඳතාව ඇරඹුණි. භෞතිකවාදය හා සමාජවාදය පිළිබඳව විද්‍යාත්මක කථිකා වතකට මග පෑදුණේ එම සබඳතාව නිසායි. ප්‍රංශයේ හා ජර්මනියේ ඇතිවුණු අරගලකාරි දේශපාලනය කම්කරු නැගිටීම් එංගල්ස්ගේ තියුණු  විචාරක්‍ෂියට යොමුවීම තුළින් මතු වූ ප්‍රබෝධය මාර්ස්ගේ දර්ශනයට එළිය දුනි. මෙහිදී කාල් මාර්ක්ස් හා එකතුව “ශුද්ධ වූ පවුල පිළිබඳ විවේචනයක්” යන කෘතිය ලියා පළ කෙරුණි. පැරිස්හිදී තවදුරටත් දේශපාලන ආර්ථික විද්‍යාත්මක කරුණු හැදැරීමේ අග්‍ර ඵලය ලෙස කාල් මාර්ක්ස් හා එංගල්ස් විසින් රචිත ‘කොමියුනිස්ට් ප්‍රකාශනය’1948 දී ප්‍රකාශයට පත්විය. 


කම්කරු පංතියේ දේශපාලන මතවාදය විද්‍යාත්මකව ඉදිරිපත් කළ ලියවිල්ල මෙයයි. එවක ජර්මනිය, ප්‍රංශය හා එංගලන්තය තුළ ඇතිවුණු කම්කරු පංති ව්‍යාපාරයන් එක්සත් බලවේගයක් කරා යොමුවීමේ අවශ්‍යතාව මේ මගින් පැහැදිලි කෙරුණි. 


‘ශ්‍රමයට’ පමණක් හිමිකමක් ඇති වැඩ කරන ජනතාවට ස්වකීය වූ දේශපාලන චින්තනයක් මේ ලියවිල්ල තුළ අන්තර්ගත විය. 1848 ජර්මන් බසින් මුද්‍රණද්වාරයෙන් එළිදැක්වුණු මෙම ලියවිල්ල 1847 ලන්ඩන් නගරයේ පැවති ‘ජාත්‍යන්තර කොමියුනිස්ට් සමුළුව’ සඳහා ඉදිරිපත් කරන ලද කම්කරු පංතියේ මතවාදයයි.


ඉන් අනතුරුව ජර්මනියේ ක්‍රියාකාරී කම්කරු පංති දේශපාලන නායකයෙකු වශයෙන් කටයුතු කරමින් ‘කාල් මාර්ක්ස්’ ගේ ප්‍රධාන කර්තෘත්වයෙන් පළවූ “ප්‍රජාතන්ත්‍රවාදි නව රයින් පුවත්පතේ” කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටියේය. පසුකාලයකදී පුවත්පත තහනම් කරන ද අතර ‘මාර්ක්ස්’ රටින් පිටුවහල් කරන ලදී. ඉන් අනතුරුව ඇති වූ අවිගත් කම්කරු නැගිටීම් කීපයකටම එංගල්ස් සහභාගි වූ බව සඳහන් වේ. පිටුවහලේ පසු වූ සිය සගයා සමඟ එංගල්ස් නිතර ලියුම් හුවමරු කරගනිමින් අන්‍යෝන්‍ය සුහදතාව පවත්වාගෙන ගියේය. ඔහු ලියූ රචනා අතර ඩූරිං විරෝධය, ‘පවුල, පෞද්ගලික දේපල රජය ඇති වූ හැටි ‘සොබාදහමේ දයලෙක්තිකය’ යන කෘති ප්‍රමුඛ වේ. මාර්ක්ස්ගේ අභාවයෙන් පසු ඔහු විසින් රචනා කිරීම ඇරඹූ ප්‍රාග්ධනය කෘතිය සම්පූර්ණ කිරීම එංගල්ස් අතින් සිදුවූ උතුම් කාර්යයකි. එය ඔහුගේ හිතවත් මිතුරාට කරන ලද කෘතගුණයක් ලෙස සැලකුවේය. එමෙන්ම ස්වභාවධර්මය හා මිනිසා අතර පවත්නා නොබිඳිය හැකි සබඳතාව පිළිබඳවත්, අවිචාරවත් ලෙස සොබා දහමේ නීතිරීති උල්ලංඝනය කිරීමෙන් එහි සමබරතාව ගිලිහි යාමෙන් මානව වාර්ගයාට මහත් ව්‍යසනයකට මුහුණදීමට සිදුවෙන බවත් එංගල්ස් පෙන්වා දුනි. ඊනියා සංවර්ධනය තුළ සිදුවෙන ක්‍රියාවලීන් මත අද ඇතිවී තිබෙන පාරිසරික ගැටලු එම ප්‍රකාශවල වලංගුභාවය තහවුරු කරයි.

 

 


ප්‍රියන්ත සිල්වා 


ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

සමාජවාදයේ ගිනිසිළුව එංගල්ස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site