IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


සෝමාලියාවේ දේශපාලනය ගිනියම් කළ මාධ්‍ය සගයාගේ අබිරහස් මරණය

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 24

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවින් සෝමාලියානු ජනාධිපති මන්දිරයට පැමිණෙමින් සිටියදී එල්ල වූ ද්විත්ව මෝටර් රථ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සෝමාලියානු මාධ්‍යවේදී අවිල් ඩහිර් සලාද්ද එවැනි සහෘදයෙකි. 


''Universal TV'' රූපවාහිනි නාළිකාවේ විකාශය වූ අතිශයෙන් ජනප්‍රිය ''Dood Wadaag'' නම් දේශපාලන වැඩසටහනේ නිවේදක අවිල්, ඒ වනවිට 45 හැවිරිදි වියේ පසු වූ අතර 2018 වසරේ දෙසැම්බර් මස18 වැනිදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඔහුගේ සමීප මිතුරෝ කීප දෙනෙක මිය ගියහ. ඒ අතර ඔහුගේ පෞද්ගලික රියදුරු අබ්ඩිකාදර් හසන් යුසුප් ආරක්ෂක නිලධාරී මොහොමඩ් බුබාඩ් ගජොව් සහ ඊබ්‍රහම් අහ්මඩ්ද අවිල් සමගින් මහී කාන්තාව සිප ගත්තේ තම මාධ්‍ය සගයා වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට ගොසිනි. 


මේ සම්බන්ධයෙන් සෝමාලියානු මාධ්‍ය එකමුතුව පැවසුවේ මෙහි වගකීම අල් ෂබාඩ් නම් හමුදා කල්ලිය ගත යුතු බවයි. ඒ ඊට පෙර සෝමාලියාවට එල්ල වූ බෝම්බ ප්‍රහාර රැසකට වගකිවයුත්තේ ද ඔහු බැවිනි. ඒ අනුව අවිල් ඇතුළු 26 දෙනෙකුට මරු කැඳවූ මොගඩිෂු බෝම්බ ප්‍රහාරයේ වගකීම ද භාර ගත් මෙම කල්ලිය හේතුවෙන් සෝමාලියාව ත්‍රස්තවාදී ග්‍රහණයට හසු වූ භයානක රටක් බවට පත් විය. ඒ ගණනය කරන ලද දත්ත අනුව 2017 වසරේදී පමණක් සෝමාලියානු ජීවිත500 ක් මෙම කල්ලිය විසින් උදුරාගෙන ඇත. මේ සම්බන්ධයෙන් සෝමාලියානු රජය ද නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ දිගින් දිගටම මුව හමට පමණත් තඩිබාමිනි. ලියාපදිංචි නොකරන ලද මෝටර් රථයක සිටියදී එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරය පළිගැනීමක් නොවන බවට ද උපුටන හුවා දක්වමිනි. 


ඒ අනුව ජාත්‍යන්තර මාධ්‍යයට පෙනෙන්නට අල් ෂඩාබ් කල්ලියට දොස් නැගූ ඔවුන් තම ආරක්ෂක අංශවල නිරුවත ජාත්‍යන්තරයට හෙළිදරව් කළේ ජනමාධ්‍යය නිදහස් කුමක්ද යන්න මනාව ඔප්පු කරමිනි. සෝමාලියානු ආරක්ෂක අංශ පිළිබඳවද සැක උපදවමිනි. ඒ මෙම ප්‍රහාරයට හඳුනා නොගත් සෝමාලියානු ආරක්ෂක බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුගේ ද සබඳතාවක් ඇති බව දින හතරකට පසුව හෙළිදරව්වීමත් සමගිනි. 

 

වගකීම භාර ගත් අල් -ෂඩාබ් හමුදා කල්ලිය

බෝම්බ ප්‍රහ​ාරයෙන් විනාශ වූ ‍මෝටර් රථය

 


මේ සම්බන්ධයෙන් තව තවත් සැක උපදවූයේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා සෝමාලියානු තොරතුරු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අබ්ඩිරාමන් යුසුෆ් අල්අඩාලා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරුව ද ඔහු එය දිගින් දිගටම මඟහැරීම හේතුවෙනි. ඊමේල් පණිවිඩවලට ප්‍රතිචාර නොදැක්වූ අධ්‍යක්ෂ ජනරාල් යුසුෆ් අල් අඩාලා ජනමාධ්‍යවේදීන්ගේ දුරකථන ඇමතුම්වලට ද පිළිතුරු නොදුන් අතර සෝමාලියානු පොලිස් කොමසාරිස් බෂීර් අබ්ඩි මොහොමඩ් ද එලෙසම හැසිරුණේ මාධ්‍යයෙන් වසන් වෙමිනි. 


කෙසේ වෙතත් අසූව දශකයේ සිට ජනමාධ්‍යකරයේ යෙදුණු අවිල්, මොගඩිෂු ප්‍රදේශීය ගුවන් විදුලිය හරහා මාධ්‍ය ජීවිතය අරඹා 2005 වසරේ සිට ''Universal TV'' නොයෙකුත් අංශ වලින් සිය පරාසය පුළුල් කළේ ලේඛකයෙකු ලෙස ද සිය නොමැකෙන මතක සටහන් මතු අනාගතයට ද ඉතිරි කරමිනි. 

 

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

සෝමාලියාවේ දේශපාලනය ගිනියම් කළ මාධ්‍ය සගයාගේ අබිරහස් මරණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1119 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site